බේරුවල අපි සියටෙල් ළමා පරපුර ආරම්භ කලා-We started Siyatal’s generation

අපි සියටෙල් ළමා පරපුර ආරම්භ කලා ..!! පරිසරවේදීන්ගේ සහභාගිත්වයෙන් ළමයින්ට පාරිසරික දේශනයක්, බේරුවල අප SMP මධ්‍යස්ථානයේදී, 2015.12.30 දින පැවැත්වීමට කටයුතු කලා. එහි අරමුණ වුයේ පරිසරය ඓන්ද්‍රීයව ළමයින්ට සම්බන්ද කොට, පාරිසරික විප්ලවයට මුලික අඩිතාලම දැමීමයි. එයට අපට සහයෝගය දැක්වූ, රවීන්ද්‍ර කාරියවසම් සහෝදරයාටත්, හම්බන්තොට රාහුල හිමියන්ටත්, දුමින්ද අලහකෝන් සහෝදරයාටත්, මොනිකා සහ මාර්ටින් අප විදේශික මිතුරන්ටත් අපේ ආචාරය සහ ගෞරවය පුද කරමු..!! [unitegallery […]

පරිසරවෙීදීන්ට සාධාරණය ඉටුකරන්න- මානව හිමිකමි කොමිසම , ජීෆි සමාගට විරුද්දව නඩු දානවා- කොබෙයිගනේ පොලිස් ස්ථානාධිපති

කොබෙයිගනේ පොලීසියට හා ජීෆි සමාගමට එරේහි 2015/10/14 HRC 3319/15 පැමිණිල්ල අද දෙවන වර විභාග කළ අතර එයට කොබෙයිගනේ පොලිස් ස්ථානාධිපතිවරයාත් සොබාදහමි අධ්‍යයන මධ්‍යස්ථානය වෙනුවෙන් පූජ්‍ය වෑකදවල රාහුල හිමි, දුමින්ද අලහකෝන, සමිපත් බාලසූරීය යන අය සහභාගී විය. එහිදි පැමිණිල්ල විභාග කරමින් මානව හිමිකමි කොමිසම කියා සිටියේ අසාධාරණයට ලක්වූ අධ්‍යන මධ්‍යස්ථානයේ පර්යේෂණ කණ්ඩායමට සදාරණය ඉෂ්ට කිරීමට පොලීසීයට හැකි ඉක්මණින් ක‍්‍රියා කරන ලෙසයි […]

ඝාතනය කල ඇතුන්ගේ දළ ගිනිගසා මිත්‍යාව ඝාතනය කරමු

ශ‍්‍රී ලංකාවෙි මුහුදු තීරය හරහා ප‍්‍රවාහනය කරමින් තිබූ විශාල ඇත්දළ තොගයක් රේගුව විසින් පසුගිය කාලය තුල අත්තඩංගුවට ගත් අතර එම ඇත්දළ තොගය විනාශ කිරිම 2016.01.26 උදේ 10 ට ගෝල්ෆේස් හිදි සිදු කරනු ලබයි . මෙවැන්නක් රට තුල සිදුවන දුර්ලබ අවස්ථාවක් නිසා ඒ පිළිබද කෙටි සටහනක් තැබීම සුදුසු යැයි මා සිතමි. ශ‍්‍රී ලංකාවෙි මුහුදු තීරය හරහා ප‍්‍රවාහනය කරමින් තිබූ මෙම ඇත්දළ […]

කරදියාන කුණු කන්දට විරෝධය–ජනතාවනි,අරගලය ජයග්‍රහණයේ මාවතයි………..!

කරදියාන කුණු කන්දට එරෙහිව ‘පරිසර ජයග්‍රහණ ජාතික ව්‍යාපාරයේ’ කැදවීමේන් ප්‍රදේශවාසි ජනතාව ගෙන ගිය විරෝධතා ව්‍යාපාරය 120 කොළඹ-හොරණ මාර්ගයේ බෝකුන්දර මංසන්ධියේදි පැවැත්වින. පූජනීය මහා සංඝරත්නය නියෝජනය කරමින් රාජකීය පණ්ඩිත තුම්බෝවිල ධම්මරතන හිමි,රාජකීය පණ්ඩිත මංගලපුර පියරතන හිමි වැඩම කල අතර වේරහැර,තුම්බෝවිල,බෝකුන්දර,කරදියාන සහ බොරලැස්ගමුව යන ගම්මානවල අගතියට පත් ජනතාව සහ පරිසරවේදින්ගේ සහයෙන් මෙම විරෝධතා ව්‍යාපාරය පැවැත්වුණි.

රතුපස්වල වැසියන් යළිත් පාරට

දෙසතියක් ඇතුළත රතුපස්වල ගැටළුවලට විසඳුමක් නොලැබුණහොත් වැලිවේරිය පොලිසිය ඉදිරිපිටට ගොස් නැවතත් උද්ඝෝෂණ ආරම්භ කරන බව ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය අද පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් රතුපස්වල ගම්වාසී සුරේෂ් පෙරේරා මහතා අවධාරණය කරන ලදී. අද (30) ලංකා වෙළඳ කාර්මික හා පොදු කම්කරු සංගම් ශාලාවේ එම මාධ්‍ය හමුව පැවැත්විණ. ගම්වාසීන් අරඹන උද්ඝෝෂණයට වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන සහයද ලබා දෙන බව ලංකා […]

පරිසරය රැකීමට ත්‍රිවිධ හමුදාව යොදා ගැනීමට ජනපති තීරණය කර

වනාන්තර, වෙරළ ඇතුළු ස්වභාවික සම්පත් ආරක්ෂා කර ගැනීම සහා ඉදිරියේදී ත්‍රිවිධ හමුදාෙවි සහාය ලබාගැනීමට කටයුතු කරන බව ජනාධිපති ගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා පවසයි. මතුවී ඇති පරිසර ගැටලූ සම්බන්ධයෙන් පරිසර සංරක්ෂණ ආයතන ප්‍රධානීන් සහ පරිසරවේදීන් සමග අද (22) ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැත්වූ විශේෂ සාකච්ඡාවක දී ජනාධිපතිතුමා මේ අදහස් පළ කළේය. පරිසරවේදීන්ට සහ රටේ ඕනෑම පුරවැසියෙකුට රටේ කිසියම් තැනක සිදුවන පරිසර විනාශයක් […]

වයඹ වනසන නිකෝ තහනම් කරනු!

බිංගිරිය පාතවැව විහාර මාවත, යන ලිපිනයේ පවත්වාගෙන යන නිකෝ බැටරි නිෂ්පාදන ආයතනය (NICO Battery Manufcuring Ltd) විසින් එම නාමය යටතේ පවත්වාගෙන යන බැටරිවල ඊයම් උණුකිරීමේ කර්මාන්තය පාතවැව ගම් වැසියන්ට හා පරිසරයට උරුම කරදී ඇත්තේ මහජන පීඩාවන් සහ පාරිසරික ගැටලු පමණකි. නිකෝ කර්මාන්ත ශාලාව ආරම්භ කරන්නේ එනම් 1993 දී පමණ මෙය ආරම්භ කරනු ලබන්නේ බැටරි නිෂ්පාදනය කරන ආයතනයක් ලෙස මහජනයා මුලාවේ […]

ගනින්නාසේලා දුම්බර වනස

රත්නපුර දිස්ත‍්‍රික්කයේ කුකුල කෝරළයේ අයගම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් දුම්බර මානන ගම තුල මෙිවනවිට දැවැන්ත ඉඩම් මං කොල්ලයක් සිදු වෙමින් පවතී’ දුම්බර ගම්වැසියන්හට අයත් කැුටේපොල, මානාන, දෙනබවකන්ද, දුම්බර යන ග‍්‍රාමසේවා වසම් තුල පිහිටි පාරම්පරික ඉඩම් කිිරි ඇල්ල විහාරයේ චීවරදාරියෙකු විසින් බලහත් කාරයෙන් පවරා ගැනීමට මේ වනවිට උත්සාහ ගනිමින් තිබේ. දුම්බර ග‍්‍රාම සේවා වසම් 4කටම අයත් ඉඩම් අක්කර 8317 කුත් පර්චස් […]

සොරගුනේ වන මැද යළිත් ගොල්ෆ් පිටියට පාර කපයි

වේලි ඔය දිය හැරවුමේ සිට මීටර් 500 ක් පමණ ගඟ ඉහත්තාවට යන්නට ජාවාරම් කරුවන් ඉඩම් අත්පත් කරගනිමින් එහි ස්ථිර නිවාස ඉදිකොට සියළු පහසුකම් සහිතව අනවසර මැණික් ගැරීම් කරන අයුරු වනාන්තරය තුළ දැව ජාවාරම කිසිදු බියකින් සැකයකින් තොරව සිදුකරගෙන යනු ලබයි. ඔවුන්ගේ හොර ජාවාරම් වසා ගැනිමට ස්ථිර ගොඩනැගිලි ඉදිකර විශාල දේවාල භූමියක් ද ඉදිකර ඇත. අටවිසි බුද්ධ ප්‍රතිමා නිර්මාණය කිරිමට අවශ්‍ය […]

වරාය නගර ගැන ඩුබායි පාඩම

වරාය නගරයක් පිළිබඳ මෙයට පෙර අපසතුව අධ්‍යයනයක් හෝ අත්දැකීම් නැති නිසා 2003 දී ඩුබායි ෆාම් වරාය නගරය ඉදි කොට වසර දහයකට පසු එම පරිසර පද්ධතියට හා අවට ධීවරයන්ට සිදු වී ඇති බලපෑම මෙහි කෙටියෙන් සටහන් කිරීම යෝග්‍යයයි සිතමු. ඩුබායි ෆාම් වරාය නගරය ඉදිකළ 2003 වසරේ සිට මේ වනවිට වසර 11ක කාලයක් ගතව ඇති අතර ඒ පිළිබඳ අධ්‍යයනයක නිරත වූ ලන්ඩන් […]