පරිසරවේදී පියල් පරාක්‍රම සයවන වර්ෂ පූර්ණ සැමරුම වෙනුවෙන්…..

untitled

සටහන

පරිසරය වෙනුවෙන් තම ජීවිතය කැප කල සදාදරණීය පියල් පරාක්‍රම කොළඹ ඉසිපතන විද්‍යාලයේ සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විෂයයන් හදාරා ඉන් අනතුරුව 1979 වසරේදී ශ්‍රී ලංකා තරුණ සත්වවේදීන්ගේ සංගමයේ සාමාජිකත්වය ලබා ගත්තේ ය. මේ අතරතුර කාලයේ සෝවියට් සංස්කෘතික මධ්‍යස්ථානයෙන් සෝවියට් භාෂාව පිළිබඳව හසල දැනුමක් ලබාගත් මෙතුමා 1983 වසරේදී රුසියාවේ පැට්ටි්‍රස් ලුලුුම්බා මිත්‍රත්ව සරසවියට ඇතු`ඵවී ජීව විද්‍යා උපාධිය හදාළේය. පසුව 1986 වසරේදී ජීව විද්‍යා උපාධිධරයකු ලෙස ලංකාවට පැමිණි හෙතෙම සිය පරිසර ක්‍රියාකාරකම් යළිත් වරක් ආරම්භ කළේ ය.
තරුණ සත්වවේදීන්ගේ සංගමයේ උරග අධ්‍යයන ඒකකය භාර උපදේශකවරයා වශයෙන් කටයුතු කරමින් බොහෝ සාමාජික සාමාජිකාවනට උරගයන් පිළිබඳ අධ්‍යාපනය ලබා දුන් පියල් පරාක්‍රම හදවතින්ම පරිසරයට ආදරය කළේ ය. එපමණක් නොව එහි උපදේශකයෙකු ලෙස කටයුතු කරමින් ප්‍රථම වන ජීවී ඡායාරූප ප්‍රදර්ශනය පැවැත්වීමට අතිශය කැපවීමක් කළේය .
අසූ ුවදශකයේ බිබිල ප්‍රදේශයේ මහා පරිමාණ අන්නාසි වගා ව්‍යාපෘතිය හේතුවෙන් සිදුවන පාරිසරික හානි සම්බන්ධයෙන් අධ්‍යනයක් සිදු කළේය. එකී අධ්‍යනය පියල් පරාක්‍රම ගේ ජීවිතයට මනා පන්නරයක් ලබාදුන්නේ ය. ඒ අධ්‍යනය පාදක කරගෙන මේ හානිකර ව්‍යාපෘතිය නතර කිරීමට තම දායකත්වය ලබා දුන්නේ ය. පොස්පේට් නිධිය රැකගැනීමේ සටන, සිංහරාජය රැකගැනීමේ සටන ආදී සෑම පරිසර සටනකදීම නියමු පරිසරවේදීයානන් විය. වෙනසකට වූයේ මෙම කිසිදු පරිසර ප්‍රශ්නයක් මුදලට නොවිකීණීම ය . මොහු මියනතරුම තමාට මේ බිමේ එක බිම් අඟලක් හෝ ජීවත්වීමට නිවසක් පවා නොතිබිනි.
පියල් පරාක්‍රම ශ්‍රී ලංකා හරිත පක්ෂය පිහිටුවීම සඳහා පුරෝගාමී මෙහෙවරක් ඉටුකල අතර එහි ප්‍රථම සභාපති වරයා වශයෙන්ද අමිල මෙහෙයක් හෙතෙම ඉටු කළේය. එසේම 2005 වසරේදී ඉඩම්, වාරිමාර්ග හා පශු සම්පත් අමාත්‍යංශයේ උපදේශකයකු වශයෙන් කටයුතු කළ ඒ මහතා රටට වැඩදායී තීරණ රැසක් ගැනීමට ද දායක විය.
වැව පිළිබද සිය මතක සටහන් තිබූ මෙතුමා ‘වාහල්කඩ’ රූපවාහිනී වැඩසටහන හරහා වැව පිළිබදව ජනතාව අවදිකරනු ලැබීය. මෙහුගේ පරිසර විිග්‍රහයේ විශේෂත්වය වූයේ එය ආර්ථික, සමාජීය හා ගෝලීය දේශපාලනයේ කොටසක් ලෙස සලකමින් නව ලිබරල්වාදී ක්‍රමවේදයටම සිය විරෝධය පළකිරීමයි.
තමන් සතු දැනුම මතු පරපුර වෙත උරුම කර දීමටද, ඒ දැනුම සම්ප්‍රේක්ෂණය කිරීමට ද මඟක් ලෙස ‘පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය’ පිහිටුවා ගනිමින් මෙතුමා එහි විධායක අධ්‍යක්ෂ ලෙස පුරෝගාමී මෙහෙවරක් ඉටු කළේය. පරිසර සංරක්ෂණය හා කළමණාකරනය පිළිබඳ පිළිබඳව ඩිප්ලෝමා පාඨමාලාව පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයෙන් ආරම්භ කරමින් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 1,200 කට පමණ පරිසර සංරක්ෂණ දැනුම ලබාදෙමින් රටට වැඩදායී රට ගැන හිතන දේශීය පරිසර ඥානය සහිත පුද්ගලයන් බවට පත්කිරීමට පුරෝගාමී වූහ.
තවද ශ්‍රී ්‍රි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යනාංශයේ බාහිර කථිකාචාර්යවරයෙකු ලෙස කටයුතු කළ මෙතුමා පරිසර හා ස්වභාවික සම්පත් අමාත්‍යාංශයේ උපදේශකවරයෙකු ලෙස මිය යන තුරුම කටයුතු කළේය. නමුත් රාජ්‍ය ආයතනයන්හි උපදේශක ධූරයන්හි කටයුතු කළද පරාක්‍රමයෝ දේශපාලන අධිකාරීත්වයට හෝ දේශපාලකයන්ට ගැති නොවූ සැබෑ පරිසරfවිදියෙකු විය.
පාරිසරික දැනුම සිංහල භාෂාවෙන් සමාජය වෙත ගෙන යෑම සඳහා ඉංග්‍ර්‍රීිසි බසින් රචිත වැදගත් පරිසර ලේඛන රැසක් සිංහල බසට පරිවර්තනය කිරීම ද පියල් පරාක්‍රම පරිසරවේදියාගෙන් සිදුවූ විශිෂ්ට මෙහෙවරකි. කෘෂි ඉන්ධන ආක්‍රමණය ගැන විසඳුමක් සහ ගංඟා, වේලි හා අපේ අයිතීන් වැනි ග්‍රන්ථ ඒ සද්කාර්යන්හි අග්‍රතම ප්‍රතිඵල වෙයි.
කෙටි පාරිසරික වාර්තා චිත්‍රපට කිහිපයක් නිර්මාණය කළ මෙතුමා ලාංකීය පරිසර සන්නිවේදනයේ ප්‍රමුඛයා ලෙස කටයුතු කරමින් විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යනටද තම දැනුම නිරන්තරයෙන් ලබා දුන්නේය.
නිහතමානී මිනිසෙකු වූ ඔහු දැනුම සොයා පැමිණෙන ඕනෑම අයෙකුට තමා සතු දැනුම ලබා දුන්නේ කිසිඳු ගුරු මුෂ්ඨියක් නොමැතිව ය. මේ නිසා ඔහුගේ ගෝලයෝ ඔහුගේ හොඳම මිතුරෝ වූහ. මේ නිසාම ඔහුගේ අභාවය අසා සුසුමක් නොහෙ`ඵෑ කෙනෙකු නොමැති තරම් ය.
පියල් පරාක්‍රමයාණන් තමන් අතට ගත් බත්පත පවා තමන් හමුවීමට ඔහු නවාතැන් ගෙන සිටි කුලී නිවසට පැමිණි මිනිසුන්ට පරිත්‍යාග කර තෘප්තිමත් වූ සැබෑ මිනිසෙකු විය. ගුරුවරයෙක් ලෙස පමණක් නොව මානූෂීය ගුණරැඳි මනුෂ්‍යත්වයේ ප්‍රතිමූර්තියක් විය.
තම ජීවිතයේ සෑම තත්පරයක් ම පරිසරය වෙනුවෙන් කැප කළ මේ සොඳුරු පරිසර fවිදියාණන්ගෙන් පසු ඔහු වැනි මිනිසෙකු මා හට තවම හමුවී නොමැත. මුදලට පරිසරය පවා නොදී ඔබ පෙන්වාදුන් ගමනේ තවදුුරටත් අප යනවිට කකුළෙන් අදින ඇතැම් පරිසරවේදීන් සිටින රටක ඔබ මියගියද මැදින් මහේ සුවඳට නුඔ තවම අපගේ හදවතට නිරන්තරයෙන් දැනේ. දයාබර පරිසරවේදියාණනි ඔබට අපගේ උත්තමාචාරය!

රවීන්ද්‍ර කාරියවසමි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *