දීගල් ඔය, දිගලහින්න/ ඇතා වැටුණුවල දිය ඇල්ලත් කුඩා ජල විදුලිබලාගාර රකුසාට බිලි
හඟුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය හරහා සහ හඟුරන්කෙත, වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ දෙකට මායිම්ව මහවැලි ගඟට (රන්දෙනිගල ජලාශයට) ගලාබසින බෙළිහුල් ඔයේ පෝෂක ඔයක් වන දීගල් ඔය හරස්කර කුඩා ජල විදුලිබලාගාර ව්‍යාපෘතියක් මෙවන විට ක්‍රියාත්මක කිරමින් තිබෙි. මෙම විදුලිබලාගාර ඉදිවන්නේ කුඩා විදුලි බලාගාර 108 ව්‍යාපෘතියේ එක් ව්‍යාපෘතියක් ලෙසයි.
මෙලෙස ක්‍රියාත්මක වෙමින් පවතින කුඩා ජාල විදුලි බලාගාර ව්‍යාපෘතිය හේතුවෙන් දීගල් ඔය මගින් නිර්මාණය කරන උසම දිය ඇල්ල මෙන්ම පදියපැලැල්ල මන්දාරම්නුවර මාර්ගය සමීපයේ පිහිටා ඇති පහසුවෙන්ම පිවිසිය හැකි ස්ථානයක පිහිටා ඇති දීගලහින්න/ ඇතා වැටුන වල දිය ඇල්ල සම්පුර්ණයෙන්ම වියළි යාමට පටන් ගෙන ඇත. ඒමෙන්ම ඉහත බලාගාරයට ජලය ලබාගැනීමට අමුණ ඉදිකරන ස්ථානයට පහලින් ඇති කුඩා දිය ඇල්ල මෙන්ම දීගල් ඔයේ කිලෝමීටර් එකක් පමණ කොටසක් සම්පුර්ණයෙන්ම වියළි යාමට පටන් ගෙන ඇත .
පිදුරුතලාගල රක්ෂිත වනාන්තරයට අයත් විල්කඩ කැලයෙන් ආරම්භ වන දීගල් ඔය ප්‍රධාන දිය ඇලි හතරක් සහ තවත් කුඩා දිය ඇලි ගණනාවක් නිර්මාණය කරමින් බෙළිහුල් ඔය නිම්නයට ගලාබසියි. මේ දිය දහර බෙළිහුල් ඔය නිම්නයට පැමිනීමට පෙර අමුණු දහයකට වැඩි සංඛ්‍යාවකින් හරස්කරමින් සුළු සහ මධ්‍ය පරිමාණ වාරි ව්‍යාපාර හරහා ප්‍රදේශයේ වගාබිම් සාරවත් කිරීමට වාරි ජලය සපයයි. වටගොඩ ඇල, උඩගබ්බල ඇල, කැටහිර ඇල, කබරගල ඇල සහ මොටමොල/විල්කඩ ඇල යන ඇළවල් දීගල් ඔයෙන් පෝෂණය වන වාරි ව්‍යාපාර කිහිපයකි. කෙසේ වෙතත් දීගල් ඔය දෙපස ජිවත්වන සහ වග කටයුතු කරන ගොවි ජනතාව මෙයින් ඉතාමත් පීඩාවට පතවීමට පටන්ගෙන ඇත.
ප්‍රදේශය කෘෂිකර්මාන්තයට වාරි ජලය අත්‍යවශ්‍ය වන පෙබරවාරි- මාර්තු මාසවලදී මෙන්ම ජුලි අගෝස්තු මාසවලදී මෙම ඔයේ පහලට නිදහසේ ගලායන ජල ප්‍රමාණය විශාල ලෙස අඩුවන නිසා ඉදිකරමින් පවතින විදුලි බලාගාරය ක්‍රියාත්මක කිරීමට ප්‍රමාණවත් ජල පරිමාවක් සපයාගැනීමට නොහැකි වේ. එහි ප්‍රතිඵලය වනුයේ ප්‍රදේශයේ ගොවි ජනතාවට අවශ්‍ය ජලය විදුලි බලාගාරයට ලබාගැනීමත් ප‍්‍රදේශයේ ගොවිතැන් බත් නැති වී යාමක්ය. තවද සුනිත්‍ය බලශක්ති අධිකාරියේ නිල වෙබ්අඩවියට අනුව බෙළිහුල් ඔය සහ මහා ඔය පෝෂක ප්‍රදේශවල දැනට ඉදිකර ඇති කුඩා ජල විදුලි බලාගාර කිහිපයට අමතරව තවත් ව්‍යපෘති ගණනාවක් ආරම්භ කිරීමට සැලසුම්කර ඇත.
පාරිසරික සංචරණයට ඉතා ඉහල විභවතාවයක් සහිත ප්‍රදේශයක ප්‍රාදේශීය දේශපාලඥයින්ගේ සහයෝගයෙන් මෙම දැවැන්ත විනාශයට අවශ්‍ය කරන මග පෙන්වීම සිදුවන අතර හඟුරන්කෙත ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපති අජිත් ද සිල්වාගේ සහයෝගයෙන් මෙම විදුලිබලාගාර සදහා අවශ්‍ය දේශපාලන සහය ලැබෙින අතර එම දේශපාලඥායට බියේ මිනිසුන් තොරතුරු වසන් කරමින් සිටියි.
මධ්‍යම කදුකරයේ ඊශානදිග සහ නැගෙනහිර බෑවුමේ පිහිටා ඇති හේවාහැට (රට) ප්‍රදේශය වර්තමානයේ දී ප්‍රධාන වශයෙන්ම හගුරන්කෙත, දෙල්තොට සහ පාතහේවාහැට වලපනේ සහ ගඟවට කෝරලේ ප්‍රාදේශ පුරාවට කෘෂිකර්මාන්තය ප්‍රමුක කොටගත් පාරම්පරික ගම්මාන විශාල සංඛ්‍යාවක් පැතිර පවතී. මෙම ප්‍රදේශවල ජනතාවගේ කෘෂිකාර්මික කටයුතු සුළු සහ මධ්‍ය පරිමාණ වාරිමාර්ග විශාල සංඛ්‍යාවකින් පෝෂණය වේ. හේවාහැට රට ප්‍රදේශයෙන් මහවැලි ගඟට ගලාබසින ප්‍රධානතම ඔයවල් වන බෙළිහුල් ඔය සහ මහ ඔය, ප්‍රදේශයේ වගා කරන වී ඇතුළු බෝගවලට වාරි ජලය සපයන ප්‍රමුකතම ජල මුලාශ වේ.
කෙසේ වෙතත් මිට වසර 15 පමණ පෙර සිට මෙම ප්‍රදේශය තුල ව්‍යාප්ත වෙමින් පවතින කුඩා පරිමාණ ජල විදුලි බලාගාර ඉදිකිරීම් නිසා පාරම්පරික ගොවි බිම්වලට වාරි ජලය සපයාගැනීම බරපතල ගැටළුවක් බවට පත්වෙමින් ඇත. බ්‍රිතාන්‍යයන් විසින් මධ්‍යම කදුකරයේ වනාන්තර කපා දැමීමෙන් පසු මෙම ප්‍රදේශයේද ජල පෝෂක ප්‍රදේශ විනාශවී ඇති පසුබිමක මෙන්ම දේශගුණ විපර්යාස නිසා වර්ෂා රටාවේ වෙනස්වීම් සිදුවෙමින් පවතින පසුබිමක් තුල දිගින් දිගටම කුඩා ජල විදුලිබලාගාර ව්‍යපෘති ක්‍රියාත්මක කිරීම හරහා ප්‍රදේශයේ කෘෂිකර්මාන්තය මෙන්ම පාරම්පරික ගොවි ජනතාවගේ ජිවනෝපායද දැඩි බලපෑමකට ලක්වීම වැලැක්විය නොහැක.
පරිසර අධිකාරය හා වගකිවයුතු බළධාරින් මෙම දැවැන්ත පාරිසරික හායනය වෙනුවෙන් වග කිවයුතු උවත් මෙරට දිය දහරා විශාල සංඛ්‍යවක් වනසා විදුලි බලාගාර ඉදිකාරීමට අවශ්‍ය ඉඩ ප‍්‍රස්ථාව විවර කරමින් ඇත
පූජ්‍ය වෑකදවල රාහුල හිමි
ලාල් වක්කුඔුර