මිහිමව සුරකිමු සම්මන්ත්‍රණය
මිහිමව සුරකිමු! යන මැයෙන් සංවිධානය කරන ලද සම්මන්ත්‍රණයක් ඊයේ දිනයේ වෙරොනා නගරයේ පැවැත්වු අතර ඉතාලි ශ්‍රී ලංකා සහායොගිතා සංවිධානය හා පරිසර හා සොභාදහාම අධ්‍යන මධ්‍යස්ථානය විසින් මෙම වැඩසටහන සංවිධානය කර තිබිණ. මෙහිදී පාරිසරික අර්බුදයේ වත්මන් තත්ත්වය පිළිබඳවත් සංවර්ධනයේ නාමයෙන් පරිසරයට කරමින් සිටින හානිය පිළිබඳවත් සාකච්ඡාවට ලක්කරන ලදි. ඉතාලි ශ්‍රි ලංකා සහායොගිතා සංවිධානය නියොජනය කරමින් සංජිව මහාතා කියා සිටියේ සංවර්ධනයට මුවාවී පරිසරයට කරන විනාශයේ සැබෑ පදනම සොයා ගත යුතු බවත් එය සැම රටකම අර්ථික ප්රතිපත්තියත් සමග බැදි පවතින්නක් බවත් එ බැවින් එය කිසිවිටෙකත් දෙශපාලනයේන් වියුක්තව කතාබහා කල නොහැකි බවත් සදහන් කරන ලදි. මෙහිදී මෙම සම්මන්ත්‍රණයේ ප්‍රධාන දේශනය කරමින් පරිසර හා සොභාදහාම අධ්‍යන මධ්‍යස්ථානයේ කැදවුම්කරු රවින්ද්‍ර කාරියවසම් අදහස් දක්වමින් කියා සිටියේ ලංකාව තුළ මෙ වනවිට ක්‍රියාත්මක කිරිමට සුදානම් වන 2011-2030 ජාතික භෞතික සැලැස්ම සම්පුර්ණයෙන්ම ලංකාවේ ජනතාවටත් ,පරිසර පද්ධතියටත් සෘජු බලපැමක් එල්ල කරමින් සිටින බවයි. මෙහිදී තවදුරටත් ඔහු කියා සිටියේ මෙම සැලැස්මට අනුව ක්‍රියාත්මක කිරිමට සුදානම් වන වරාය නගරය නිසා ධිවර ජනතාවට එමගින් ප්‍රබල බලපැමක් එල්ල කරන බවයි. තවද ක්‍රියාත්මක කිරිමට යොජනාවි තිබෙන නාවික මධ්‍යස්ථානය,අධ්‍යාපන මධ්‍යස්ථානය,අර්ථික මධ්‍යස්ථාන,අධිවේගී මාර්ග මෙ සියල්ල හරහා ලංකාවේ ජෛව විවිධත්වයටත් පොදු ජනතාවටත් අහිතකර ප්‍රතිවිපාක වලට මුහුණ දිමට සිදුවන බව සදහන් කරන ලදි.අවසාන වශයෙන් මෙ සම්බන්ධව පැමිණ සිටින ජනතාවගේන් අදහස් විමසු අතර ඉන්පසු ඉදිරියේදී ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව එකගතා කිපයකට යොජනාද ඉදිරිපත් විය. එහිදී ක්‍රියාත්මක කිරිමට යොජනා වි තිබෙන මෙම සැලැස්ම නතර කිරිම සදහා ජනතා පෙත්සමක් ජනාධිපතිවරයාටත්,අගමැතිවරයාටත්,විදේශ් ආයතනවලටත් බාර දිමට යොජනා විය.තවද මෙ සදහා ඉතාලියේ ප්‍රබල ගොවි සංවිධානයක් වන La via campasina නියොජනය කරමින් එහි සමාජිකයන් පිරිසක්ද මෙම සම්මන්ත්‍රණයට සහභාගි විය
[unitegallery Verona]