පරිසරය රැකීමට ත්‍රිවිධ හමුදාව යොදා ගැනීමට ජනපති තීරණය කර

වනාන්තර, වෙරළ ඇතුළු ස්වභාවික සම්පත් ආරක්ෂා කර ගැනීම සහා ඉදිරියේදී ත්‍රිවිධ හමුදාෙවි සහාය ලබාගැනීමට කටයුතු කරන බව ජනාධිපති ගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා පවසයි.

මතුවී ඇති පරිසර ගැටලූ සම්බන්ධයෙන් පරිසර සංරක්ෂණ ආයතන ප්‍රධානීන් සහ පරිසරවේදීන් සමග අද (22) ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැත්වූ විශේෂ සාකච්ඡාවක දී ජනාධිපතිතුමා මේ අදහස් පළ කළේය.

පරිසරවේදීන්ට සහ රටේ ඕනෑම පුරවැසියෙකුට රටේ කිසියම් තැනක සිදුවන පරිසර විනාශයක් පිළිබද ක්ෂණිකව දැනුම් දිය හැකි කමිටුවක් ඉදිරි දින දෙක තුළදී පත්කිරීමට මෙහිදී තීන්දු කෙරුණු අතර පරිසර, වනජීවි යන අමාත්‍යාංශ වලින් සහ යුද හමුදාෙවි නියෝජිතයෙකුගෙන් සමන්විතව එම කමිටුව පත්කිරීමට තීරණය කෙරිණි.

විල්පත්තු රක්ෂිතයේ සිදුවෙමින් පැවති වන විනාශය ජනාධිපතිතුමාගේ මැදිහත්වීමෙන් අඩාල වුව ද නැවතත් විටින් විට ඇරඹෙන වන විනාශයන් පිළිබද පරිසරවේදීන් මෙහිදී ජනාධිපතිතුමා වෙත කරුණු දක්වන ලද අතර වයඹ පළාත් පරිසර ප්‍රඥප්තිය හේතුවෙන් වයඹ පළාතේ සිදුවන ඇතැම් පරිසර විනාශයන්ට එරෙහි වීමට මධ්‍යම පරිසර අධිකාරියට නොහැකි වී ඇති බව ද පැහැදිලි කරන ලදී.

වරාය නගර ව්‍යාපෘතියේ වත්මන් තත්ත්වය පිළිබදව ද මෙහිදී අවධානය යොමුවූ අතර එහි ඉදිරි කටයුතු සම්බන්ධයෙන් තීරණ ගැනීමේදී සියළු අධ්‍යයන වාර්තා ගැඹුරින් සැලකිල්ලට ගන්නා බව ජනාධිපතිතුමා නියෝජිත පිරිසට දන්වා සිටියේය.

ජනාධිපති ලේකම්, පරිසර අමාත්‍යාංශයේ ලේකම්, වනජීවි හා වන රක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන්, පොලිස්පතිතුමා, ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ පරිසරෙවිදීන් පිරිසක් මෙම සාකච්ඡාවට එක්විය

source http://www.president.gov.lk/si

Leave a Reply

Your email address will not be published. Required fields are marked *