NEWS
අලිඇතුන් රැක ගන්න මාර්ග සංඥා පුවරු ස්ථාපිත කිරීමේ වැඩසටහන ආරම්භ වේ

අලිඇතුන් රැක ගන්න මාර්ග සංඥා පුවරු ස්ථාපිත කිරීමේ වැඩසටහන ආරම්භ වේ

අලි ඇතුන් දුම්රියේ ගැටීම වළක්වාලීම සඳහා කඩිනම් විසඳුම් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේ අරමුණෙන් පාර්ලිමේන්තුවේ විශේෂ කමිටුවක් පත් කළ අතර එම කමිටුවේ නිර්දේශ මත පරිසර අමාත්‍යංශය සහ ඊට අනුබද්ධ ආයතන විසින් ප්‍රායෝගික විසඳුම් ක්‍රියාත්මක කිරීම ආරම්භ කර ඇත.

එහි පියවරක් වශයෙන් දුම්රිය රියදුරන්ගේ අවධානය සඳහා අලිඇතුන්ගේ ඡායාරූප සහිත සංඥා පුවරු දුම්රිය මාර්ග දෙපස සවි කිරීමට ද යෝජනා විය. ඒ අනුව පරිසර අමාත්‍යංශයේ ඉල්ලීම පරිදි අලි ඇතුන්ගේ ඡායාරූප සහිත සංඥා පුවරු 147 ක ප්‍රමාණයක් Elephant Rescue Foundation ආයතනය විසින් නිර්මාණය කරන ලදුව එම පුවරු අද (9) දින පස්වරුවේ දුම්රිය දෙපාර්තමේන්තුව වෙත නිළ වශයෙන් ලබා දෙන ලදී.

මෙම අවස්ථාව සඳහා ගරු පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා සහ සිවිල් ගුවන් සේවා හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා මෙන් ම දුම්රිය දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් නිළධාරීහු ද සහභාගී වූහ. පාර්ලිමේන්තු කමිටුවෙන් ලබා දෙන ලද නිර්දේශ මත පරිසර සහ සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ සිදු කරන ලද නියමු පර්යේෂණවල (Pilot Research) විද්‍යාත්මක දත්ත වාර්තා පදනම්ව අලි ඇතුන් වැඩි වශයෙන් ගැවසෙන දුම්රිය මාර්ග හඳුනාගනිමින් සිවිල් ගුවන් සේවා හා මහාමාර්ග අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව හා එක්ව පුවරු සවි කිරීමේ කටයුතු ඉදිරි දින කිහිපයේ දී සිදුකිරීමට නියමිත ය.

A special parliamentary committee was appointed to implement practical and urgent solutions to prevent elephants from being hit by trains. Based on the committee’s recommendations, the Ministry of Environment and its affiliated institutions have begun implementing these practical solutions.

As a step in this process, it was proposed to install signboards with elephant images along both sides of the railway tracks to alert train drivers. Following a request from the Ministry of Environment, the Elephant Rescue Foundation designed 147 of these signboards, which were officially handed over to the Department of Railways this afternoon (9th).

Leave a Reply

Your email address will not be published. Required fields are marked *