ACTIVITIES
චීනයට පටවන්න හදන රිළව් ගැන පරිසර හා සොබාදහම් අධ්‍යනය මධ්‍යස්ථානය ඉන්දියාවට ලියයි

චීනයට පටවන්න හදන රිළව් ගැන පරිසර හා සොබාදහම් අධ්‍යනය මධ්‍යස්ථානය ඉන්දියාවට ලියයි

ලංකාවේ රිළවුන් චීනයට ලබාදීමේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය දැනුවත් කිරීමට බලාපොරොත්තු වන බව පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය පවසයි.

වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනත කඩ කරමින් ආණ්ඩුව මේ සිදුකරන වැඩපිළිවෙලට සිය විරෝධය දක්වන බවද පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය සඳහන් කරයි.

එමෙන්ම ලංකාවට ආවේණික රිළවුන් චීනයට ලබාදීමේ වැඩපිළිවෙලින් ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ සංස්කෘතික බලපෑමක් ඇති බව බව පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක පරිසරවේදී ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් මහතා ”බී පී එන් ලංකා” වෙත පැවැසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ පරිසරවේදී ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් මහතා,

          ''ලංකාවේ රිලවුන් විශේෂ චීනයට ලබාදීම සම්බන්ධයෙන් පරිසර සංවිධාන විදිහට අපි අපේ විරෝධය දැක්වුවා.

රිළවුන් අපි හඳුන්වන්නේ Old world monkeys කියලා. ඒකට හේතුව වන්නෙ ආසියාවේ සහ අප්‍රිකානු කලාපවල ජීවත් වන රිළවුන් විශේෂ ඉන්දියාවේ උප මහත්වීපයෙන් බෙදිලා ආපු රිළවුන් විශේෂයක්.

මේ රිළවුන් විශේෂය ලංකාවට ආ‍වේණිකයි. පරිණාමිකව අවේණික වුණ රිළවුන් කොටස් 3 ක් ලංකාවේ ඉන්නවා.

වියළි කලාපයේ , තෙත් කලාපයේ සහ කඳුකර කලාපයේ තමයි ඒ විශේෂ ජිවත් වෙන්නේ.

මේ රිළවුන් විශේෂ රතු දත්ත වාර්තාවට අනුව endangered endemic species විදිහට තමයි හඳුන්වන්නේ.

ඉන්දියාවේ සිටින රිළවුන් එක්ක අපිට ජානමය බැඳීමක් වගේම සංස්කෘතිකමය බැඳිමක් තියෙනවා. වගේම හින්දු බැතිමතුන් රිළවුන් දෙවිවරුන් විදිහට අදහනවා. ඒ වගේම ඉන්දියාවේ Monkey Tempal දකින්න ලැබෙනවා.

ශ්‍රී ලංකාවේ යාපනයේ සහ ත්‍රිකුණාමලය ප්‍රදේශවල මේ රිළවුන් දෙවිවරුන් ලෙස අදහනවා.

ඉන්දියාවේ සහ ලංකාවේ දෙවිකෙනෙක් විදිහට වන්දනාමාන කරන සත්ත්වයෙක් තමා ආණ්ඩුව චීනයට අලෙවි කරන්න යන්නේ.

සංස්කෘතික වශයෙන් වගේම රිළවුන්ට වෙන කොහේවත් ඔවුන්ට කියලා භූමියක් නෑ. ඒ ඔවුන් ලංකාවට අවේණික නිසා.

මේ කාරණා නිසා රිළවුන් චීනයට ලබාදීමේ වැඩපිළිවෙලට අපි විරුද්ධ වෙනවා.

රිළවුන් විකිණීමට නීතිමය ආවරණයක් ආණ්ඩුවට නෑ. ඒ වගේම වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පණත අනුව රිළවුන් කියන්නේ ලංකාවට ආවේණික සත්ත්වයෙක්.

ආණ්ඩුව උත්සහ කරන්නේ මේ වන සත්ත්ව හා වෘක්ෂ ලතා ආඥා පනත කඩ කරලා ලංකාවේ සහ ඉන්දියාවේ සංස්කෘතිය විනාශ කරමින් අපේ ඥාති පරම්පරාව නැතිනම් ප්‍රිමාඨා කියන ගෝත්‍රය චීනයට මස් සඳහා සහ පර්යේෂණ සඳහා විකුණන්න.

ඒ උත්සාහයට පරිසර සංවිධානයක් ලෙස අපි විරුද්ධ වෙනවා. මේ සම්බන්ධයෙන් හෙට (19) ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට දැනුම් දෙන්න අපි බලාපොරොත්තු වෙනවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *