කොචබම්බා ජල විප්ලවය 2 කොටස

දකුණු ඇමරිකානු රටක් වන බොලීවියාවේ කොචබම්බා නගරයේ ජනතාව 2000 වසරේ මුල එක් උදැසනක අවදි වු විට දැන ගැනිමට ලැබුණේ තමන්ගේ ජල සැපයුම් පද්ධතිය හොර පාරකින් අගුආස් ඩෙල් තුනාරි :්ටම්ි ාැක ඔමබ්රස* නැමති සමාගම විසින් අයිති කර ගෙන තිබෙන බවයි.
මෙසේ කොචබම්බාවේ ජලය පුද්ගලීකරණය කිරීම සඳහා ලෝක බැංකුව විසින් බොලිවියානු රජයට බලපෑම් කරනු ලැබුවේ, එසේ නොකළහොත් අනාගතයේදී බොලීවියාවට ණය ලබා නොදෙන බවට තර්ජනය කරමින්ය.
මෙම අගුආස් ඩෙල් තුනාරි සමාගම පාලනය කරනු ලැබුවේ ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ දැවන්ත ඉංජිනේරු සමාගමක් වන බිචෙල් සමාගම විසින්ය.
මෙම සමාගම තමන් කොචබම්බා නුවර ජල අයිතිය අත්පත් කර ගනිමින් වැඩ ඇරඹු බව ජනතාවට දැනුම් දුන්නේ එතෙක් පැවති ජල ගාස්තුව එක් රැයකදී අති විශාල මුදලකින් ඉහළ නැංවිම මගින්ය. මෙමඟින් එතෙක් පැවති ජල ගාස්තු දළ වශයෙන් 50%කටත් අධික ප්‍රමාණයකින් ඉහළ නැංවීය.
බිචෙල් සහ එහි සම ආයෝජකයා වන ස්පාඤ්ඤයේ ඇබෙන්ගොආ :්ඉැබටද්* සමාගමේ මෙම මංකොල්ලකාරී ජල ගාස්තුව බොහෝ පවුල්වලට කිසිසේත් දරාගත හැකි එකක් නොවීය.
මෙයින් පීඩාවට පත් වූ ජනතාව ඉල්ලා සිටියේ වහාම වැඩි කල මේ අසාධාරණ මිළ ආපසු අඩු කරන ලෙසයි. නමුත් බොලීවියානු රජය මෙම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ අත්සන් තබා ඇති ගිවිසුම් අනුව තමන්ට මෙම සමාගමට බලපෑම් කළ නොහැකි බවයි.
එවිට ජනතාව ඉල්ලා සිටියේ එසේ නම්, මෙම සමාගම සමඟ ඇති ගිවිසුම අවලංගු කරන ලෙසයි. රජය ඒ වෙනුවට කළේ පොලිසිය සහ හමුදාව මුදා හරිමින් නගරයේ පාලනය සඳහා රාජ්‍ය හමුදා නීතිය පැනවීමයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *