පොද්දල බලගොඩ ශ්‍රී සුදර්මාරාම විහාරස්ථ ධර්ම විද්‍යාලයට පාරිසරික දැනුම රුගෙන ගියෙමු
සොබාදහම් පාසල 2017.08.06 දින ගාලු දිස්ත්‍රික්කයේ පොද්දල බලගොඩ ශ්‍රී සුදර්මාරාම විහාරස්ථ ධර්ම විද්‍යාලයට පාරිසරික දැනුම රුගෙන ගියෙමු. ගෞරවණිය චන්දජොති හිමියන්ගේ ආරාධනය ඇතිව ගිය අපට දැකිය හැකිවුයේ විහාරස්ථානයක සමාජ වගකිම මනාව තෙරුම් ගනිමින් සමාජය යහපත් දිසාවකට යොමු කිරිමට වගකිමෙන් කටයුතු කරන අයුරුය.වැළදිම රාජ කාරිය කරගත් බොහෝ භික්ෂුන්ට ආදර්ශයක්ව අරමුණු සහගත ගමනක යෙදි සිටිම සතුට දනවන්නකි. පොඩි හිමියන් ඇතුළු ආචාර්ය මණ්ඩලය එම අරමුණ සමග එකාත්මිකව සිටිම සොබාදහම් පාසල සමග ගමනක් යැමට ශක්තිය සපයනු ඇතැයි අප සිතමු
admin
0
