ජාතික හෞතික සැලසුම හා වරාය නගරය දැනුවත් කිරීම ඉතාලියේ බෙරේෂියා හිදී

[unitegallery brecia]
ජාතික හෞතික සැලසුම හා වරාය නගරය ක‍්‍රියාත්මක කිරීම නිසා රටට සිදුවන පාරිසරික හානිය පිළිබද විදේශ ගත ශ‍්‍රී ලංකිකයන් හා විදේශිය ජනතාව දැනුවත් කිරීම පසුගිය දා ඉතාලියේ බෙරේෂියා හි විවර ළමා පාසලේදී සිදු කෙරිණි.

විවර පාසල විසින් සංවිධානය කළ මෙම අවස්ථාවට පරිසර හා සොබාදහමි අධ්‍යයන මධ්‍යස්ථානය හා ප්‍රදේශයේ ජනතාව සහභාගී විය.

ශ්‍රී ලංකාව තුල දැනට සිදුවෙිමනි පවතින පරිසර විනාශය හා එම නිසා ඇතිවන ගංවතුර අදී විනාශකාරි තත්වයන් තවදුරටත් වර්ධනය වීම ඉදිරියේදි නොවැළැක්විය හැකි බව මෙහිදී අවධාරණය කෙරිණි. වරාය නගරය හා 2030 දක්වා ඇති ලෝක බැංකු ව්‍යාපෘති ක්‍රීයාත්මක කිරීම රජය මෙිවනවිය කරගන යනු ලබන අතර එම හේතුවෙන් දැවැන්ත පාරිසරික විනාශයක් ඉදිරියේ සිදුවීම අනිවාර්්‍ය බවත් එයට එරේහි නොවුනහොත් මිනිසුන්ට එහි ප්‍රතිපල බුක්ති විදීමට සිදුවන බවත් පෙන්වා දුන් පරිසර හා සොබාදහමි අධ්‍යයන මධ්‍යස්ථානය අද වන විට ඇති වී තිබෙින ගංවතුර හා නායයෑමි මෙහි ප්‍රතිපලයක් බව ද පෙන්වා දුනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *