ලෝක බැංකු මහනගර සැළසුම (ජාතික භෞතික සැළැස්ම) ඉදිරියට… සොබා දහම වළපල්ලට
ලෝක බැංකුවෙි අවශ්‍යතාවය මත 2011-2030 යන වසර තුළ රටේ භෞතික සංවර්ධනය උදෙසා මේ වනවිට රජය ජාතික හෞතික සැලසුම යනුවෙන් සංවර්ධන සැලැස්මක් සකස් කොට ඇත.මෙම සැළසුම පසුගිය ආණුඩුව මගින් ආරමිබ කල අතර කොටස් වශයෙන් යහපාලනය විසින් කරගන යනු ලබයිග
2030 වසර වන විට ලංකාව ලෝකයේ නාවික මධ්‍යස්ථානයක්, ගුවන් මධ්‍යස්ථානයක්, ආර්ථික මධ්‍යස්ථානයක්, බලශක්ති මධ්‍යස්ථානයක්් හා අධ්‍යාපන මධ්‍යස්ථානයක් කිරීම ස`දහා මෙම සැලසුම් ක‍්‍රියාත්මක වන අතර පාරිසරික මධ්‍යස්්්ථානයක් හෝ ගොවිතැන් මධ්‍යස්ථානයක් කරන බවට ෙමිහි සටහන් නොමැත.
මෙහිදී විශේෂයෙන්ම ලංකාව 2005 ජූලි 4 දින ඉන්දියාව, චීනය, ඇතලූ රටවල් 36ක් සමග ගිවිසගත් ආකාරයට ලංකාවේ අධිවේගී මාර්ග ජාලයක් සාදා නිමකොට ආසියානු අධිවේගී මාර්ග ජාලය හා එකතු කිරීමට ගිවිසුම් වලට පැමිණ ඇත.
එම ගිවිසුම අනුව මාතර-හම්බන්තොට අධිවේගී මාර්ගය, නුවර-කොළඹ අධ්වේගී මාර්ගය, මන්නාරම-හම්බන්තොට අධිවේගී මාර්ගය, හම්බන්තොට-අම්පාර අධිවේගී මාර්ගය ලෙස අධිවේගී මාර්ග ඉදිවෙන අතර එය අවසානයේ මන්නාරමෙන් ඉන්දියාවේ ධනුෂ්කොඩි දක්වා සාදා නිම කොට ආසියනු අධිවේගී මාර්ග ජාලයට එක් කරනු ලබයි. මෙම අධීවේගී මාර්ග ජාලයට අමතරව රට තුළ නගර අතර අධිවේගී මාර්ග ජාලයක් ඉදිවෙන අතර ඉදිකිරීමට නියමිත මාර්ග වල දිග කි.මි 11697 කි. මේ සෑම අධිවේගී මාර්ගයක්ම ඉදිවෙන්නේ වැලි හා පස් ගොඩකර කොට්ටාව – පින්න¥ව අධිවේගී මාර්ගය ඉදිවූ පරිද්දෙනි.
මෙයට අමතරව ලංකාව පුරාම දුම්රිය මාර්ග ජාලයක් ඉදිවෙන අතර එයද මන්නාරමෙන් ඉන්දියාවේ ධනුෂ්කොඩි දක්වා ආදම් ගේ පාලම ඔස්්සේ සම්බන්ධ කරනු ලබන අතර මෙම සෑම මාර්ගයකම ගමන් කිර්ීම ස`දහා අධික මිලගණන් අයකරනු ලබයි.
2030 ලංකාව පාරිසරික හෝටල් සහිත සංචාරක කලාප , මුහුදු ආශ‍්‍රිත සංචාරක කලාප, වෙරළ ආශ‍්‍රිත සංචාරක කලාප, පාරිසරික බිම් පදනම් කරගත් සංචාරක කලාප ලෙස සංචාරක කර්මාන්තය දියුණු කිරිමට බලාපොරොත්තු වන අතර හලාවත සිට උතුරට හා දකුණටත්, අනුරාධපුර, පොළොන්නරුව වැනි ඓතිහාසික නගරත් බිබිල, නිල්ගල වැනි වන බිම් ආශ‍්‍රිතවත් හා අනෙකුත් වනාන්තර ප‍්‍රදේශත් හෝටල් ඉදිකිරීමට හා සංචාරක කර්මාන්තය දියුනු කිරීමට යොදාගනු ලබයි.
2030 වන විට ලංකාව ගුවන් මධ්‍යස්ථානයක් කිරීමට චීනය, ඉන්දියාව, ඇමෙරිකාව, වැනි රටවල් වලට අවශ්‍ය වී ඇති අතර ඒ අනුව කටුනායක ගුවන් තොටුපොළ පු`ඵල් කිරීම කරනු ලබයි. මත්තල හා හි`ගුරක්ගොඩ යන ප‍්‍රදේශවල නව ජාත්‍යන්තර ගුවන් තොටුපොළවල් දෙකක් ඉදිකිරීමට මේ වන විට සැලසුම් කරමින් සිටී.
පලාලි, ත‍්‍රිකුණාමලය, පුත්තලම, මඩකලපුව, ක`ඵතර, අම්පාර, වව්නියා, අනුරාධපුර, ගාල්ල, රත්මලාන, යන ගුවන් තොටුපොළවල් වැඩි දියුණු කරන අතර 2013 වසරේ සිට මහනුවර, නුවරඑළිය, දඹුල්ල, යන ස්ථානවල අලූතින් ගුවන් තොටුපොළවල් ඉදිකිරීමට සැලසුම් කර ඇත. ඒ අනුව 2030 අවසාන වන විට ලංකාවේ මු`ඵ ගුවන්තොටුපොළවල් සංඛ්‍යාව 19කි.
එමෙන්ම ජාතික භෞතික සැලසුමට අනුව අනුරාධපුර, උතුරේ ප‍්‍රදේශ කිහිපයක් , මොනරාගල ප‍්‍රදේශ කිහිපයක් , පළතුරු , එළව`ඵ, රටකජු, උක්, ෆාම් ඔයිල් , හා විකිනිය හැකි දැව ඇතුලූ වෙළ`ද පොළට අවශ්‍ය භෝග වගා කිරීම ස`දහා යොදා ගනු ලබයි. එමෙන්ම ලංකාව පුරා ආයෝජකයින්ට තව තවත් කර්මාන්ත ශාලා ආරම්භ කිරීමට ඉඩදෙනු ලබයි. මන්නාරම හා ප‍්‍රධාන ගොවිබිම් මුල්කර ගනිමින් ලංකාව පුරා මහනගර කලාප, විශේෂ නගර, දිස්ත‍්‍රික් අගනගර ලෙස නගර නිර්මාණය කරන අතර මේවා ගොවිතැන මුල්කරගත් නගර නොව කාර්මික නගර, ආයෝජන කලාප, තොරතුරු තාක්ෂණ කලාප, සහිත වානිජ ප‍්‍රදේශයන්ය. ගම්පහ සිට ක`ඵතර දක්වාත්, මාතර , හම්බන්තොට, තණමල්විල අතර ප‍්‍රදේශයන් මහානගර කලාප වන අතර අම්පාරේ සිට මඩකලපුව දක්වා නැෙ`ගනහිර මහා නගර කලාපයත්, ත‍්‍රීකුණාමලය, පොළොන්නරුව, දඹුල්ල, අනුරාධපුර, ප‍්‍රදේශය උතුරු මැද මහානගර කලාපය ලෙසත් , මන්නාරම කිලිනොච්චි සිට පේදුරුතුඩුව දක්වා ප‍්‍රදේශය යාපනය මහ නගර කලාපය ලෙසත් ඉහත කී පරිදි සංශෝධනය කරනු ලබයි.
වගුව 2030 වනවිට මහා නගර කලාප තුළ පදිංචි කිරීමට නියමිත ජනසංඛ්‍යාව
මෙහිදී ඉතා ඉක්මනින් ස්වභාවික ආපදාවන්ට ලක්වන ප‍්‍රදේශවල සිටින ජනතාව ස්වේච්ඡුාවෙන් ඉහත කී නගර කලාප වෙතට සංක‍්‍රමණය විය යුතු බව මෙහි ස`දහන්ව ඇත.
මෙයට අමතරව ලංකාව වටා මුහුදු තීරයේ ඛනිජ ද්‍රව්‍ය හෑරීමද, නොයෙක් අකාරයේ ජලවිදුලි බලාගාර, තාප බලාගාර, න්‍යෂ්ඨික බලාගාර ද ලංකාව වටා මුහුදු තීරයේ ධීවර වරායවල් සංඛ්‍යාව හතලිහක් දක්වා පු`ඵල් කරමින් විවිධ වර්ගයේ ධීවර බෝට්ටු 40000ක් දක්වා වැඩිකිරිමට බලාපොරොත්තු වන අතර මඩකලපුවේ සිට හම්බන්තොට දක්වා ^fibre optic information network )ෆයිබර් විද්‍යුත් සන්නිවේදන ජාලයක් ලාහුගල, යාල, උඩවලව, ජාතික වනෝද්‍යානයන් හරහා ස්ථාපිත කරනු ලබයි.
සිතියම ලමෙගාසිටි සැළසුම
ජාතික භෞතික සැලසුම නිසා පරිසරයට වන බලපෑම
2011-2030 දක්වා කි‍්‍රයාත්මක කිරීමට නියමිත ජාතික භෞතික සැලසුම නිසා මෙතෙක් ආරක්ෂිතව පැවති පරිසර පද්ධති රැුසක් තවදුරටත් එලෙස නොපවතින අතර මහානගර කලාප, අධිවේගී මාර්ග, හා ස්ථාපිත වීමට නියමිත න්‍යෂ්ඨික බලාගාර ඇතුලූ විදුලි බලාගාර හා ආර්ථික බෝග වගාවන් නිසා පරිසරය දැවැන්ත හානියකට පත්වෙනු ඇත.
ප‍්‍රධාන වශයෙන් ඉදිවන කොළඹ-මාතර අධිවේගී මාර්ගයත්, අනෙක් අධිවේගී මාර්ග නිසාත් ලෝක උරුමයක් වන හා ප‍්‍රාථමික වනාන්තර ඝණයට අයත් සිංහරාජය දෙවරක් දෙකඩ වීම සිදුවන අතර සිංහරාජය ඇතුලූ ප‍්‍රධාන වනාන්තර 39ක් මෙම දැවැන්ත සංවර්ධනය නිසා විනාශ වීමට ලක්වේ.
එමෙන්ම උඩවලව ජාතික වනෝද්‍යානය, වැටහිර කන්ද, ලූණුගම්වෙහෙර, ම`දුනාගල, වීරවිල, නිමලව, බුන්දල, උස්සන්ගොඩ, කතරගම, කටගමුව, රුහුණුයාල, සාගම, බුද්දන්ගල,උල්පස්ස, එගොඩයාය, මහකනදරාව, අනුරාධපුර, මිහින්තලේ, රිටිගල, කහල්ල,පල්ලේකැලේ, සීගිරිය, මින්නේරිය, ගිරිතලේ, ඇලහැර, බකමුණ, කවුඩුල්ල, සෝමාවතිය,නෙවල් හෙඩිවර්ක්, චුණ්ඩිකුලම්, විල්පත්තු, යෝධවැව, චෙන්කලඩි, මඩුරක්ෂිතය,මුතුරාජවෙල, කලමැටිය, පෙරියකච්චි, වැනි ජාතික වනෝද්‍යාන , ස්වාභාවික රක්ෂිත, දැඩිස්වභාවික රක්ෂිත, අභයභුමි යන වනාන්තර අධිවේගි මාර්ග ඉදිවීම නිසා හායනය වීමසිදුවේ. එමෙන්ම බිබිල නිල්ගල හෝටල් ව්‍යපෘතියක් හා සංචාරක කර්මාන්තයට අවශ්‍යයටිතල පහසුකම් දියුණු කිරීම නිසා සැලකිය යුතු විනාශයක් සිදුවේ.
2011 වර්ෂයේ Dole & CIC සමාගම් සදහා අක්කර 65600ක ඉඩම් ප‍්‍රමාණයක් ලබාදුන් අතර ,ඒ යෝජිත රක්ෂීත අභය භූමි ඇතු`ඵ ප‍්‍රදේශ වලිනි. ඉහත සදහන් කළ විනාශකාරීසංවර්ධනයට අමතරව කැලෑ ඉඩම් මෙලෙස පෞද්ගලික අයිතියට ලබාදීම තවදුරටත්සිදුවුවහොත් 2030 වනවිට වනාන්තර ප‍්‍රතිශතය 10්% වඩා පහල මට්ටමකට අඩුවනු ඇත.තේ, පොල්, රබර්, කුඹුරු ස`දහාත් නගර නිර්මාණය හා ගොඩනැගිලි සදහාත් , මිනිස් ජනාවාස සදහා හා ආර්ථික බෝග යන සියලූ ඉඩම් භාවිතයන් ගතහොත් දැනට ප‍්‍රතිශතයක්ලෙස මු`ඵ භූමිප‍්‍රමාණය වන වර්ග කි.මි. 65525 න් සියයට 83.5ක් දැනට භාවිතයට ගෙන ඇතග
ඉතිරි වනාන්තර භප‍්‍රමාණය(2030 වර්ෂය වන විට)
මෙලෙස සිදුවන වන විනාශය නිසා දැනට ලෝකයේ ප‍්‍රාථමික වනාන්තර විනාශ කරන රටවල් අතර හතරවන ස්ථානයේ සිටින ලංකාව පළවන හෝ දෙවන ස්ථානයට මෙම පරිසර විනාශකර ගන්නා රටවල් අතරට පැමිණෙනු ඇත. එමෙන්ම මෙම දැවැන්ත වන සංහාරය නිසා රටේ සමස්ථ ජෛව විවිධත්වයට මෙය බරපතල අභියෝගයක් එල්ල කරන අතර පහත ස`දහන් ජීවීන් විශේෂ බරපතල තර්ජනයකට ලක්වෙනු ඇත.
2030 දක්වා සිදුවන තිරසාර නොවන බරපතල සංවර්ධනය හේතුවෙන් ඉහත පෙන්වා දුන් ආවේනික සත්ව හා ශාක විශේෂ ඇතුලූව සතුන් හා ශාක විශාල ප‍්‍රමාණයක් ව`දවී යාමේ අවදානමක පවතී. දැනටමත් ලංකාව ජෛව විවිධත්වය විනාශ වී යන ජෛව විවිධත්ව උණුසුම් කලාප 34 න් එකක් බව හ`දුනා ගෙන ඇත. මෙලෙස සිදුවන දැවැන්ත පරිසර හානිය නිසා ඉතිරිවන 13්%-10% වනාන්තර ප‍්‍රතිශතය තුළ භූගත ජල මට්ටම පහල බසින අතර දැනටමත් මළ ගං`ගාවක් බවට පත්ව ඇති ම`ගුරු ඔය ඇතු`ඵ ගං`ගා 103න් සැලකිය යුතු ගං`ගා ප‍්‍රමාණයක් මේ අනුව මළ ගං`ගා බවට පත්වීමේ අවධානමක් පවති. දැවැන්ත නගර නිර්මාණය භූමි කළමනාකරණයේ ගැට`ඵ කාරී ස්වභාවය නිසා කුඩා වැව් විශාල සංඛ්‍යාවක් විනාශ වී යන අතර එල්ලං`ගා පද්ධති තැනින් තැනට අවහිර වීම නිසා ජලවහන රටාව වඩා වෙනස් ස්වරූපයක් ගැනීමටත්, නියං හා ගංවතුර ආපදා තත්වයන් ඉහල යාමටත් මෙය හේතුවක් වේ. එම ප‍්‍රධාන ගැට`ඵකාර තත්වයන්, ජලයේ හි`ගකම හා ජලය භවිතයට නුසුදුසු වීම නිසා සෑම දෙනාටම ජලය මුදලට විකිණීමටත් , ළිං පවත්වාගෙන යාම වෙනුවෙන් බ`දු ගැසීමටත් , ගොවිතැන් වලට ජලය ලබා ගැනීම වෙනුවෙන් සේවා ගාස්තු ලෙස මුදල් ජනතාවගෙන් අය කිරීමත් මෙම`ගින් අනිවාර්ය කාරණයක් වේ.(ක‍්‍රියාත්මක වීමට නියමිත ජල පනත*
එමෙන්ම වනාන්තර ප‍්‍රතිශතය අඩුවීම නිසා අවතැන්වන සතුන් ගාල් කිරීමේ ක‍්‍රමවේදය ආරම්භ වන අතර 2009 වර්ෂයේ ගෙනෙන ලද ජාතික අලි කළමණාකරන ප‍්‍රඥප්තිය ම`ගින් එලෙස අවතැන්වන අලි ඇතුන් 50කි.මි. වනාන්තර කුටිවලට කොටුකරනු ලබන අතර වැටවල් කඩාගෙන පිටතට එන අලි ඇතුන් කලහාකාරී අලි ඇතුන් ලෙස සලකා පෞද්ගලික අයිතියට පැවරීමට මේ වන විට සැලසුම් සකස් කොට ඇත.
2030 වර්ෂය වන විට වානිජ බෝග වගාවන් වැඩි දියුණු කිරීම නිසා දැනට ඩෝල් සමාගම කෙසෙල් වලට යොදන පරිද්දෙන් කෘතිම පොහොර හා කෘෂි රසායන ද්‍රව්‍ය යෙදීම ම`ගින් පස , ජලය හා ජෛව විවිධත්වයට දැවැන්ත හානියක් පැමිණෙන අතර දැනට cavendis(කැවැන්ඩිස්) කෙසෙල් වගා කරන බිම අධ්‍යනය කිරීමෙන් ඒ බව වඩා තහවුරු කරගත හැකිය.
ජාතික භෞතික සැලැස්ම ක‍්‍රියාත්මක වීම තුළ කුඹුරු වගාව ඇතු`ඵ අනිකුත් සියලූ වගාවන් ස්වභාවික වනාන්තර ඉවත් කර සාදන වානිජ වගාවන් සියල්ල තවදුරටත් පෞද්ගලික කොම්පැණිවල ලාභය ස`දහා පමණක් වීම තවදුරටත් වඩා වඩා සිදුවේ.
ලංකාවේ සීඝ‍්‍ර සංවර්ධනයක් බලාපොරොත්තුවෙන් සිදුකළ කඩිනම් මහවැලි ව්‍යපෘතිය හේතුවෙන් සිදුවූ දැවැන්ත පරිසර විනාශය, අලි මිනිස් ගැටුම ඉහල යාම, ඉඩම් කුට්ටි විම, ගොවිතැන කෘෂිකර්මය බවට පත්වී ගොවියා දුගී දුප්පත් බාවයට පත්වීමෙ ගැට`ඵ අදවනවිට වඩා උග‍්‍ර තත්වයට පත්ව ඇති අතර ඒ ස`දහා ලබාගත් ණය මුදල් මේ වන තෙක් පියවමින් පවතී.
එමෙන්ම ජාතික භෞතික සැලැස්මේ විනාශකාරි සංවර්ධනය ස`දහා මුදල් ආධාර දෙනු ලබන්නේ ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව ඇතු`ඵ මූල්‍ය ආයතනයන්ය. ජෝන් පාකින්සන් යනු ලෝක බැංකුව යටතේ අනෙකුත් රටවල් වලට සංවර්ධනය ගෙන ගිය පුද්ගලයෙකි. ඔහුගේ ‘‘ආර්ථික ඝාතකයෙකු ගේ පාපෝච්චාරණය’’ කෘතියට අනුව ඇමෙරිකාව ඇතු`ඵ රටවල් දැවැන්ත සංවර්ධනය පිළිබ`ද තිබූ විශ්වාසය නිසා හා ඒවා එකින් එක අසාර්ථක වන විට තමන්ගේ ආර්ථිකය ශක්තිමත්ව පවත්වාගෙන යායුතුය.
ඒ ස“දහා වෙනත් රාජ්‍යවල නායකයින්ට දැවැන්ත සංවර්ධනය පිළිබ`ද චිත‍්‍ර මවා එම සංවර්ධනය ම`ගින් ආර්ථික ඉලක්කයන් ළ`ගා කරගන්නා ආකාරය පෙන්වනු ලබයි. උදාහරණ ලෙස නොරොච්චෝලේ තාප බලාගාරය ඉන් එකක් නමුත් මෙය නිර්මාණය කරන විට ජනතාවට පෙන්නවූ ආර්ථික හෝ වෙනත් කිසිදු වාසි සහගත තත්වයක් ළ`ගා කරගැනීමට අපට නොහැකි වූ අතර ඒ වෙනුවට විදේශ ණය ප‍්‍රමාණය තවදුරටත් ඉහලයාම සිදුවිය. නමුත් ඒ වනවිට අපට බිමත් , ලාභයත් දෙකම අහිමි වී ඇත.
පාකින්සන්ට අනුව ඔහු වැනිම තවත් කණ්ඩායම් අදවන විටත් ලෝකයේ රාජ්‍යන්ට සංවර්ධනය ස`දහා අධික ණය මුදල් ලබාදීම ම`ගින් ඒ ඒ රටවල් ණය උගුලට හසුකරගනිම්න් සිටී.ප‍්‍රධාන පෙලේ රටවල් පවතින්නේ දැවැන්ත සංවර්ධනයන් ස`දහා ලබා දෙන ණය මුදල් වලින් උපයන දැවැන්ත පොලී මුදල් වලින් හා අනෙක් රටවල් වල සම්පත් සූරාකෑමෙනි. එම සූරාකෑම වෙනුවෙන් වඩා හො`ද කීකරු නායකයින් පත්කර ගැනීම හා එසේ නොවන නායකයින් ඉවත්කිරීමද මෙම ආර්ථික ක‍්‍රමවේදයේ උපායන්ය.
මෙය අදවන විට ලංකාවට ආදේශ කලහොත් පාඩු ලබන හා පරිසරය, මහපොළව විනාශකරන සංවර්ධනය ජාතික භෞතික සැලැස්ම හරහා මේ වනවිට දිග හරිමින් පවතී. මෙම සංවර්ධනය පළමුව ගහකොළ, සතා සිව්පාවා, බිංකරේ, වතුර දෙනුව ලෙස සලකන අතර මෙය රට දැවැන්ත විනාශයකට ලක්කරන විදේශ ණය තවතවත් වැඩිකරන සංවර්ධන ක‍්‍රියාදාමයකි.
මහපොළව මත තිබූ විශ්වාසය අත්හරින ලද කිසි`දු රටක් හෝ බිමක් මේ වන තෙක් දේශපාලන හෝ ආර්ථික ජයග‍්‍රහනයන් අත්පත් කරගෙන නොමැත. එය ඇමෙරිකාව අත්කරගෙන ඇති විනාශයෙන් පෙනී යයි.
මෙලෙස ලෝකයේ විනාශකාරී සිදුවීම් ඇස් පනාපිට අත්දකිමින්, ලංකාව මේ වන විට ගමන් කරම්න් සිටින සංවර්ධන මාවත යනු ආසියාවේ ඓශ්චර්ය කරා කෙසේ වෙතත්, ආසියාව තවත් එක් අ`දුරු අපි‍්‍රකාවක් කරායනබව නම් පැහැදිලිය.
මෙලෙස හීන දකිමින් ඉටුකරන්නේ මේ මහපොළවට හා ජනතාවට අවශ්‍ය දෙය නොවන බව ඉතා පැහැදිළිය. 2001 ‘‘යලි පුබුදමු ශ‍්‍රී ලංකා’’ ව්‍යාපෘතිය ජාතික භෞතික සැලැස්ම නමින් නම වෙනස් වී අද වන විට ක‍්‍රියාත්මක වෙමින් පවතී. එම නිසා මෙම අභියෝගය හ`දුනාගෙන මේ වන විට ක‍්‍රියාත්මක වන ජාතික භෞතික සැලැස්ම ප‍්‍රශ්න කරමින් පරාජයට පත්කළ යුතුය. පරිසරවේදීන්, පරිසර සංවිධාන, හා සිවිල් සංවිධාන ඇතු`ඵව පොදුජනතාවද මෙය වඩා ගැඹුරින් තව තවත් අවබෝධ කරගත යුතුය.
මෙහිදී සත්‍ය පරිසර සංරක්ෂණය යනු තවදුරටත් තැන් තැන් වලින් කලින් කලට මතුවන පරිසර ප‍්‍රශ්න වලට පමණක් විටින් විට විස`දුම් සොයමින්් පරිසර සංරක්ෂණයට හෝ මහපොළව ආරක්ෂා කරගැනීමට නොවනබව වටහාගැනීමට කාලය පැමිණ ඇත.
අඩුම තරමේ තැන් තැන් වල මතුවන පරිසර ප‍්‍රශ්නය ක‍්‍රියාත්මක කරන මහා සැලසුමට සියලූ දෙනාම අභියෝග කල යුතුය. මෙම අත්‍යවශ්‍ය මොහොතේ තම තමන්ගේ දායකත්වය නොදෙන පරිසර සංවිධාන හෝ පරිසරවේදීන් හෝ වෙනත් සංවිධාන හා පුද්ගලයන් ර`ග දක්වන්නේ තවදුරටත් ජීවත් වීම උදෙසා යමක් සොයා ගැනීමට ගන්නා උත්සහයක් විනා වෙනත් කිසිදු මහපොළව රැුකගැනීමේ ක‍්‍රියාවලියක් නොවන බවද වටහා ගත යුතු අතර එම බොරුව පවතින තෙක් හා සෑම දෙනාම එක් නොවන තෙක් මෙය තවදුරටත් දිනෙන් දින වැඩිවන පරිසර ගැට`ඵවක් බවට පත්වීමය.
මෙයට
රවින්ද්‍ර කාරියවසම්