ගනින්නාසේලා දුම්බර වනස

රත්නපුර දිස්ත‍්‍රික්කයේ කුකුල කෝරළයේ අයගම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත්
දුම්බර මානන ගම තුල මෙිවනවිට දැවැන්ත ඉඩම් මං කොල්ලයක් සිදු වෙමින් පවතී’
දුම්බර ගම්වැසියන්හට අයත් කැුටේපොල, මානාන, දෙනබවකන්ද, දුම්බර යන ග‍්‍රාමසේවා
වසම් තුල පිහිටි පාරම්පරික ඉඩම් කිිරි ඇල්ල විහාරයේ චීවරදාරියෙකු විසින් බලහත්
කාරයෙන් පවරා ගැනීමට මේ වනවිට උත්සාහ ගනිමින් තිබේ.
දුම්බර ග‍්‍රාම සේවා වසම් 4කටම අයත් ඉඩම් අක්කර 8317 කුත් පර්චස් 25ක භූමිය ව්‍යාජ
ලේඛන සකසා නැදුන් විහාරයේ සතු නින්දගම් ඉඩම්යැයි පෙන්වා දීමට එම විහාරයේ
පූජ්‍ය පක්ෂය මේ වනවිට කටයුතු කරඇත.
එමෙන්ම එම ප‍්‍රදේශවල ඇති ජල මූලාශ‍්‍ර හා ගංගා පද්ධතිය තුල අනවසර මැණික් ගැරීම්
හා ගස් කපා ඉවත් කිරීම් බලහත් කාරයෙන් නැුදුන් විහාරය මගින් සිදුකරන අතර
පුද්ගලික ඉඩම්වල ඇති දැවැන්ත ගස් කපා විහාරයේ වැඩසිිටින ජාවාරම් කරුවන් විසින්
විකිණීමද සිදුකරයි.
ඉඩම් මංකොල්ල කෑම ,පෙෘද්ගලික ආගන්තුකයන්ට ඉඩම් විකිණීම, මැණික් ගැරීම් හා
ගස් කපා විකිණීම වෙනුවෙන් නැදුන් විහාරයේ විහාරාධිපති විසින් ව්‍යාජ බලපත‍්‍ර සකසා
එම ඉඩම් විහාරයේ ඉඩම් ලෙස හුවා දැැක්වීමට අයගම ප‍්‍රදේශීය ලේඛමිවරයාගේ බලයද
මොහුන් විසින් භාවීතා කරමින් ඇත.
1909 වනවිට මෙරට පාලනය කල සුදු ජාතිකයින් විසින් දුම්බර ඉඩම් මැනීම් කර ඇති
අතර එයින් ගම්මුන්ගේ ඉඩම් ඉඩම් පෙෘද්ගලික ඉඩමි ලෙස සලසා ගම් සිතියමි අංක
176 ට ඒවා ඇතුලත් කර ඇත.
පවුල් 4000 අයත් 16000 පමණ ජනතාවගේ වාසභූමියක් වන දුම්බර ප‍්‍රදේශය කළු ගඟ හා
එම ගඟ පෝෂණය කරන මල දිය දොල ,දොවොල් දොල, කෝරලේ ඇල, පස්ගං ඇල,
ආද දිය කණිරු හා ජල පෝෂණය ගණනාවකින් සමන්විත ප‍්‍රදේශයක් වේ.
ක්ෂණික නිරීක්ෂණයකින් පවා හªනාගත හැකි වන පරිදි තල් කොසසන් , ගල් පාඩීන්,
වයිරන් අහිරාවා, ජෝන්කාලාස් අහිරවා වැනි ඉතා දුර්ලභ මතස්‍ය විශේෂ ගණනාවක්
අතර මීවන ඇතුලූ ශාක විශේෂ ගණනාවක් සමන්විත පරිසර පද්ධතිය ගස් කැපීම හා
අනවර මැණීක් ගැරීම නිසාත් මේ වනවිට විනාශ වීම සිදුවේ.
ප‍්‍රදේශවාසී ජනතාවට වැසිකිලියක් සාදා ගැනීමට පවා නැදුන් විහාරයෙන් අවසර
ගැනීමට මේනවිට සිදුවී ඇත’අතර ප‍්‍රදේශයේ පොලිස් ස්ථානය, ප‍්‍රාදේශීය ලේකම් හා
අනෙකුත් රාජ්‍ය නිලධාරීන් රැුසක් නැදුන් විහාරයේ මෙම ජාවාරම් වලට සම්බන්ධ වී
ඇත.එමෙන්ම 1994 වසරේ බෞද්ධ කටයුතු කොමසාරිස් ව සිටී සෝමරත්න කාරියවසම්
නැමැත්තා මෙම ඉඩම් මංකොල්ලයට අවශ්‍ය ලිපි ව්‍යාජ ලිපි කිහිපයක්ම සකසා ඇත.
නමුත් 1856 අංක 10 දරණ විහාර හා දේවාලගම් පනතින් 1870 අංක 04 දරණ සේවා
භුක්ති පනතින් ද රජය විසින් ගම්මුන්ගේ ඉඩම් අයිති පිලිගෙන ඇත. එමෙන්ම මැණික්
ගැරීම් හා නුදුන් විහාරය මගින් කරන වනාන්තර විනාශ කිරීම් ජාතික පාරිසරික පනත
අනදරය පිළිබඳ ආඥාපනත වැනි නිතී පද්දති පවා උල්ලංඝනය කරනු ලබයි.
දුම්බර ප‍්‍රදේශය ඉඩම් මංකොල්ල කමින් පරිසර විනාශයත් සිදුවෙමින් නීතය කි‍්‍රයාත්මක
නොවීම තුල ජනතාව හා පාරිසරිය අදවනවිට දැවැන්ත අර්බුදයකට පත්ව ඇත.
එම නිසා දුම්බර ප‍්‍රදේශය තුල පැන නැගී ඇති ඉඩම් ගැටළූ නිරාකරණය කිරීමට
බලධාරීන් මැදිහත්විය යුතු අතර බුදුන් විකුණා සොබාදහම හා ජාතික සම්පත්
මංකොල්ල කන ගනි න්නාන්සේලා වෙනුවෙන් නීතිය ක‍්‍රියාත්මක කිරීමත් ඔවුන්ගේ
වගකීමකි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *