කැළණි ගගේ කොකාකෝලා විෂ
කැළණි ගෙගන් නිකුත් කරන ජලය පරිභෝජනය කිරීමට බිය නොවන්නැයි ජල සම්පාදන මණ්ඩලයේ බලධාරීන් කරන ප‍්‍රකාශ පිළිබඳ පරිසරවේදීන් කණස්සල්ල පල කරනවා. කර්මාන්ත ශාලා වලින් අප තෙල් බැහැර කිරීම තවදුරටත් සිදුවෙමින්පවතින මොහොතක ජලයේ ගුණාත්මක බව පවසන්නේ කෙසේදැයි යන්න පරිසරවේදීන්ගේ විමසීමයි. කැළණි ග`ගට ඉන්ධන මුසු ජලය එකතු වීම හේතුවෙන් පසුගිය දින වල අවස්ථා කිහිපයකදීම පානීය ජලයේ ගුණාත්මකභාවය සම්බන්ධයෙන් ගැටලූ මතු වුණා. කැළණි ග`ගට එකතු වූ තෙල් සහ අනෙකුත් අප ද්‍රව්‍ය ඉවත් කළබව පැවසුවද එය පිළිගැනීමට පරිසරවේදීන් සූදානම් නැහැ. කර්මාන්ත ශාලාවලින් අපද්‍රව්‍ය බැහැර කරන්නේනම් ඒවා පිරිපහදු කිරීමකින් අනතුරුව මුදා හැරීම නිෂ්චිත ක‍්‍රමවේදයයි.
කෙසේ වෙතත් එම ක‍්‍රමවේදය සිදු නොවීම මෙම ගැටළුවට හේතුවයි. මේ අතර ජල සම්පාදන මණ්ඩලයේ බලධාරින්ද ප‍්‍රකාශ කර ඇත්තේ කැළණි ග`ගට තෙල් මිශ‍්‍ර ජලය ගලා එමේ අනතුර තවමත් සම්පූර්ණයෙන් පහව ගොස් නොමැති බවයි.
මේ සම්බන්ධයෙන් අදහස් පල කළ සොබාදම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක, පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම් මහතා අවධාරණය කර සිටින්නේ වගකිව යුතු ආයතන තම වගකීම ඉටු කිරීමට දැන්වත් පියවර ගත යුතු බවයි. එසේ නොවන්නේනම් පිළිකා ඇතුලූ විවිධ රෝගාබාධයන්ගෙන් පීඩාවට පත් වන සමාජයක් දෙස බලා කඳුළු සැලීමට සිදු වනු ඇති බවටයි රවීන්ද්‍ර කාරියවසම් මහතා අනතුරු අගවන්නේ.
source http://www.vfmradio.lk/%E0%B6%9A%E0%B7%90%E0%B7%85%E0%B6%AB%E0%B7%92-%E0%B6%9C%E0%B7%99%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B8%E0%B7%84-%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94-%E0%B7%83%E0%B7%99%E0%B7%80/