කොකාකෝලා සමාගම කැළණි ගග වනසයි- බීමට ඇති ජලයේ විෂ
කොකාකෝලා සමාගම හා අනෙකත් කර්මාන්ත ශාලාවල අත්තනෝමතික ක‍්‍රියාකලාපය හේතුවෙන් නැවතත් උග‍්‍ර ජල ගැටලූවක් නිර්මාණය වීමේ අවධානමක් මතුවෙමින් තිබෙන බවට පරිසරවේදීන් අනතුරු අගවනවා. ඇතැම් කර්මාන්තශාලා සහ ආයතන විසින් කැළණි ගගට අපතෙල් මුදාහැරීමේ ක‍්‍රියාවලියට වැට බැඳීමට මෙතෙක් බලධාරීන් අපොහොසත් වීම කණගාටුවට කරුණක් බවයි පරිසරවේදීන් පෙන්වා දෙන්නේ. මෙම තත්ත්වය ජන ජීවිතයට දැඩි බලපෑමක් එල්ල කරන තත්ත්වයක් බව වටහා ගැනීමටවත් බලධාරීන් අසමත් වී ඇති බව ඔවුන් එල්ල කරන බරපතලමව චෝදනාවයි.
කැළණි ගගට ඉන්ධන මුදා හැරීමේ තත්ත්වයන් හේතුවෙන් පසුගිය දිනවලද පානීය ජලය ලබාදීම සම්බන්ධයෙන් ගැටළු ඇති වුණා. එවැනිම තත්ත්වයක් අද දිනයේද නිර්මාණය වූ අතර ජාතික ජල සම්පාදන මණ්ඩලය ප‍්‍රකාශ කළේ ඉන්ධන මිශ‍්‍ර වීම හේතුවෙන් කොළඹ ඇතුළු ප‍්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බවයි.
මෙම තත්ත්වය පිළිබඳ අදහස් පළ කළ සොබාදම් අධ්‍යන මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක පරිසරවේදී, රවීන්ද්‍ර කාරියවසම් මහතා පෙන්වා දෙන්නේ පසුගිය දිනවල කැළණි ගගේ ජලය උපයෝගී කරගනිමින් නිෂ්පාදනය කළ ඇතැම් බීම වර්ග වහාම තහනම් කළ යුතු බවයි. එවැනි ක‍්‍රියාමාර්ගයට අවතීර්ණ නොවන්නේ නම් අදාල සමාගම්වලට සහ මධ්‍යම පරිසර අධිකාරියට එරෙහිව නඩු පවරන බවද රවීන්ද්‍ර කාරියවසම් මහතා ප‍්‍රකාශ කළා.
