වන සත්ව – මිනිස් ගැටුම ගැන නිසි ක්‍රියාමාර්ගයක් ගන්නැයි පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය පරිසර ඇමැතිගෙන් ඉල්ලයි
වර්තමානයේ රටේ පවතින පරිසර ගැටලු සහ වගාවන්ට හානි කරන සතුන් සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරිම සඳහා පරිසර අමාත්‍යාංශය ඊයේ (09) පරිසරවේදීන් සමඟ සාකච්ඡාවක් පවත්වා තිබුණි.
එහිදී , වගාවන්ට හානි කරන සතුන් සම්බන්ධයෙන් ගත යුතු යෝජනා ඇතුළත් වාර්තාවක් පරිසර අමාත්‍යංශය වෙත භාරදීමට පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය කටයුතු කළේය. මෙම සාකච්ඡාවකට පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය නියෝජනය කරමින් එහි කාරක සභික පූජ්‍ය කාරියමඩිත්තේ ඥාණාරාම හිමි සහභාගි වූහ.
එම සාකච්ඡාවේදී වර්තමානයේ රටේ පවතින පරිසරය ගැටලු සහ වන සතුන් මුහුණ දි ඇති ගැටලු පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා වූ අතර එහිදී සියලුම පරිසරවේදීන් මාසයකට වතාවක් රැස්වී රටේ පරිසර ප්‍රශ්න පිළිබඳ සාකච්ඡා කර ඒවාට තිරසර විසදුම් ලබාගැනීමට යෝජනා වී ඇති අතර ජාතික ජන බලවේගය විසින් ඉදිරිපත් කර ඇති පරිසර ප්‍රතිපත්තිය අනුව යමින් ඉදිරියේදී රජය සහ පරිසරවේදීන් එකතු වී කටයුතු කිරිමට ද යෝජනා වී තිබේ.
මෙම අවස්ථාවය ශ්‍රී ලංකාවේ සිටින පරිසරවේදීන් , සත්ත්වවේදීන් , පර්යේෂකයින් ඇතුළු පිරිසත් එක්ව සිටියහ.
වනසත්ව හා මිනිස් විරසකයට පිළිතුරු වශයෙන් පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය පරිසර අමාත්‍යාංශයට යොමු කළ යෝජනා,
වන සත්ව හා මිනිස් ගැටුම සම්බන්ධ නිසි පර්‍යේෂණ දත්ත පදනම් කරගනිමින් ඔවුන්ගෙන් වන හානි, මිනිස් මරණ හා සත්ව මරණ අවම කරගැනීම වෙනුවෙන් නිසි ක්‍රියාමාර්ග ගැනීම. අවශ්‍ය විද්‍යාත්මක තොරතුරු නැත්තේනම් ඒ සඳහා විද්‍යාත්මක පර්‍යේෂණයක් සිදු කර, ඒ සඳහා විසදුම් ලබා ගැනීම.
කෙටි කාලීන විසදුම් ලෙස වගාවන් වලට හානි කරන සතුන් විද්‍යාත්මකව වන්ද්‍යාකරණ ක්‍රියාවලියකට යොමු කිරීම සුදුසු යැයි අපි යෝජනා කරන අතර ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම.
එම ක්‍රියාමාර්ගය ගැනීමේ දී මේ සඳහා ප්‍රමාණාත්මක දැනුමක් ඇති පර්‍යේෂකයින් සහ පරිසර ක්ෂේත්‍රයේ උනන්දුවක් ඇති අය, ගොවි ජනතාවගේ අදහස් ලබා ගැනීමට සැළසුම් කිරීම.
එම සියළු කරුණු කාරණා පදනම් කරගනිමින් එයට අවශ්‍ය සැළැස්මක් නිර්මාණය කිරීම හා වගකීම් ගොවි ජනතාවටත්, පරිසර සංවිධාන වලටත්, ආණ්ඩුවත් බෙදා ගැනීම සහ සමස්ථ වගකීම බෙදා ගැනීම.
දැනට අන්‍යෝන්‍ය සම්බන්ධයක් නොමැති පරිසර අමාත්‍යංශය, කෘෂිකර්මාන්ත අමාත්‍යංශය, වාරිමාර්ග අමාත්‍යංශය ඇතුළුව මේ සදහා අවශ්‍ය කරන සියළුම ආයතන සියල්ල සම්බන්ධීකරණය කරමින් නිසි යාන්ත්‍රණයක් සකස් කිරීම.