NEWS
ලංකාව මුහුදට පෙලිතින් දමන රටවල් අතර පස්වැනි තැනට පත්වෙලා

ලංකාව මුහුදට පෙලිතින් දමන රටවල් අතර පස්වැනි තැනට පත්වෙලා

ලංකාවේ වන ගහනය සියයට 25 ක් දක්වා වැඩිකිරීම , දේශගුණික විපර්‍යාස සඳහා මුහුණ දීමට ජනතාව හා පරිසරය සුදානම් කිරීම ,  ආර්ථික ප්‍රතිපත්ති හා සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරිමේදී  පරිසර ආර්ථිය සඳහා මුල් තැනක් ලබාදීම ඉදිරියේදී පත්වන ජනාධිපතිවරයාගේ ප්‍රධාන වගකීමක් බව පරිසරවේදී ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් මහතා පැවැසීය.

අලි මිනිස් ගැටුම හා පාරිසරික දේශපාලන අර්බුදය පිළිබඳව පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය ආචාර්ය එන් එම් පෙරේරා කේන්ද්‍රයේ  පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී ඒ මහතා මේ බව කීය.

එහිදී අදහස් දැක්වූ පරිසරවේදී ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් මහතා මෙසේ පැවැසීය,

‘‘නව වන විධායක ජනපති පත් කරගැනීම උදෙසා විශාල සටනක් මේ වනවිට රට තුළ ඇති වී තිබෙනවා.  අපි ඒ හැම ජනාධිපති අපේක්ෂකයෙකුගෙන්ම පොදු ඉල්ලිම් කිහිපයක් සිදුකරනවා.

මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා ප්ලාස්ටික් පොලිතින් භාවිතය අවම කරන්න හෝ භාවිතා නොකරන්න කියලා. හේතුව අද වන විට ලංකාව මුහුදට පෙලිතින් දමන රටවල් අතර පස්වන ස්ථානයට පත්වෙලා තිබෙනවා.

ඒ වගේම මැතිවරණයෙන් බලයට පත්වන ජනාධිපති ප්‍රමුඛතාවය ලබාදිය යුතු කාර්‍යන් කිහිපයක් තිබෙනවා.        ඒ අතර  සත්ව හා මිනිස් ගැටුම අවම කිරිමට නිසි වැඩපිලිවලක් සැදීම  උදාහරණයක් ලෙස පසුගිය වසර 06 තුල දිවියන් 100 මියගොස් තිබෙනවා, පසුගිය වසර තුල අලි ඇතුන් 470 මියගොස් තිබෙනවා.

ඒ වගේම ලංකාවේ වන ගහනය මේ වනවිට පවතින්නේ සියයට 16ත් 20ත්  අතර ප්‍රමාණයක්. මෙම වන ගහනය සියයට 25 ක් දක්වා වැඩිකිරිම , ඒ වගේම දේශගුණික විපර්‍යාස සඳහා මුහුණ දීමට ජනතාව හා පරිසරය සුදානම් කිරීම ,  ආර්ථික ප්‍රතිපත්ති හා සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරිමේදී  පරිසර ආර්ථිය සදහා මුල් තැනක් ලබාදීම ඉදිරියේදී පත්වන පාලකයන්ගේ ප්‍රධාන වගකිමකි. “

Leave a Reply

Your email address will not be published. Required fields are marked *