NEWS
පරිසර ප්‍රශ්නය නිවැරදි තැනින් අල්ලමු

පරිසර ප්‍රශ්නය නිවැරදි තැනින් අල්ලමු

අප කවුරුත් දන්නා ලෙස, පරිසර ප්‍රශ්නය යනු සොබාදහම හෝ පරිසරය විසින් නිර්මාණය කරන ලද්දක් නොව. එය ලොව පුරා ඇති සමාජ ,ආර්ථික ,දේශපාලන,හා සංස්කෘතික ක්‍රමය මගින් නිර්මාණය කරන ලද්දකි. ඇමරිකානු ගත් කතුවරියක වන නයෝමි ක්ලයන් ලියන ලද බොහෝ කෘතිවල මෙම ආර්ථික ක්‍රමය පරිසරය අලෙවි කරන ආකාරය පෙන්වා දී තිබේ.

නූතන ආර්ථික විද්‍යාවට අනුව ස්වභාවික සම්පත් ඇත්තේ භාණ්ඩ නිෂ්පාදනයට අමුද්‍රව්‍ය සපයා ගැනීම වෙනුවෙන් සහ ඒවා මුදල් බවට පත් කිරීම වෙනුවෙන්. කෙටියෙන්ම කිවහොත් නූතන ආර්ථික විද්‍යාව සොබාදහම දකින්නේ භාණ්ඩ නිෂ්පාදනය සඳහා අමුද්‍රව්‍ය සපයන ස්ථානයක් ලෙසයි.

නමුත් සොබාදහමේ අයිතිය මිනිසාට පමණක් උරුම නොවන අතර සියලු සතා සිවුපාවාගේ උරුමය මෙයයි. එම නිසාම පරිසරය සහ සොබා දහම ජීවත්වීම උදෙසා භාවිතයට ගන්නවා හැරෙන්නට ,සියලු ජීවිත නැති කරමින් එය විකුණා දැමීමට එරෙහිව බොහෝ සාකච්ඡාවන් මේ වන විට මුළු ලෝකය පුරාම පවත්වමින් තිබේ.

එම නිසා පරිසර ප්‍රශ්නය නිසි ලෙස ප්‍රශ්න කිරීමේ වුවමනාව අද වන ඉතා අත්‍යවශ්‍ය කාරණයකි. ප්‍රශ්නය හඳුනා නොගතහොත් ලබාදෙන සියලු පිළිතුරු සාර්ථක වන්නේ නැති නිසාම අප පරිසර ප්‍රශ්නය හඳුනාගත යුතුය. පරිසර ප්‍රශ්නයට ලෝකයේ දී ඇති නිර්වචන එලෙසින්ම අපට ගලපා ගත නොහැකිය. ජාති හා ආගම් කිහිපයක්, විවිධ ආක්‍රමණවලින් පෝෂණය වූ රාජ්‍යයක්, දූපත් රාජ්‍යයක ප්‍රෞඪ ඉතිහාසයක් , කුල ක්‍රම සහ ආර්ථික අසමබරතාවයන්,පාරිසරික සාක්ෂරතාවය මේ සියල්ලම මෙරට පරිසර ප්‍රශ්නය සමඟ ගැට ගැසී ඇත.

එම නිසා පරිසර ප්‍රශ්නය හඳුනාගැනීමේදී අපට පාරිසරික කෝණයෙන් පමණක් නොව සමාජ හා මානව විද්‍යාත්මක කෝණයන්ගෙන්ද මේ දෙස බැලිය යුතුය . ඇතිවෙන පාරිසරික ගැටලු වලට පිළිතුරු ඇත්තේ ද එතනමය. ආර්ථික ලාභය උදෙසා පරිසර සම්පත් විනාශ කිරීම අවශ්‍යතාවය උදෙසා පරිසරය භාවිතා කිරීමට වඩා බෙහෙවින් වෙනස්ය. නමුත් දේශපාලනය විසින් බොහෝ විට උලුප්පා දක්වන්නේ ජනතාවගේ අවශ්‍යතා පෙරදැරි කරගෙන පරිසර සම්පත් විනාශ කිරීමට සිදුවන බවයි.

ලංකාව වැනි රටක මිනිසුන්ගේ අවශ්‍යතා ඉතා සීමිත වන අතර එම අවශ්‍යතා සපුරා ගැනීම වෙනුවෙන් පරිසර සම්පත් හොඳින් භාවිතා කළ හැකිය. මිනිස් අවශ්‍යතා වෙනුවෙන් පරිසර සම්පත් කැබලි කර විකුණා දැමිය යුතු නොවේ. මහා පරිමාණ ලෙස පරිසර සම්පත් විකුණාද අපන්නේ මිරිස් අවශ්‍යතා ඉටුකිරීමට නොව අධික ආර්ථික ලාභයක් ලබා ගැනීම වෙනුවෙනි.

එම නිසා මිනිස් අවශ්‍යතාව සහ ආර්ථික ලාභය යනු දෙකක් ලෙස අප හඳුනාගත යුතුය. පරිසර ප්‍රශ්නය ඇති කරන්නේම ආර්ථික ලාභය උදෙසා අප්‍රපාන ලෙස පරිසර සම්පත් භාවිතයේදීය. අපගේ පාරිසරික දේශපාලන විඥානය මේ රේඛා දෙක වෙන් කර ගැනීමට භාවිතා කළ යුතුය.

ඒ අනුව පරිසර ප්‍රශ්නය කියවා ගැනීමේදී එහි සමාජ, ආර්ථික, දේශපාලන හා සංස්කෘතික පැතිකඩ අමතක නොකිරීමත්ව , මිරිස් අවශ්‍යතාවය සහ ලාභය උදෙසා පරිසරය විකිණීම වෙන්කර හඳුනා ගැනීමත්. යන කාරණා මත පරිසර ප්‍රශ්නයට එරේහිව ස්ථාවර ලෙසම අපට පිළිතුරු සෙවිය හැකිය. උදාහරණයක් ලෙස මේ රට දවසකට විනාශ වන වනාන්තර ප්‍රමාණය ආරක්ෂා කර ගැනීමට අප දන්නා තැන්වල පැල සිටුවීමෙන් එය ආරක්ෂා කර නොහැක. එයින් පැල සිටුවීම නරක දෙයක් ලෙස අදහස් කරන්නේ නැත.

ලංකාව වැනි රටකට මෙරට ස්වභාවික සම්පත් ආරක්ෂා කර ගැනීම සාකල්‍යවාදී ප්‍රවේශයක් අත්‍යවශ්‍යයි. එයට අදාළ ප්‍රතිපත්ති ප්‍රතිපත්තිමය කාරණා මෙන්ම ක්‍රියාකාරී මට්ටමේ මැදිහත්වීම් ද අවශ්‍ය වන අතර තිබෙන දේශපාලන බලවේග එය සිදු නොකරන්නේ නම් ඒ සඳහා සුදුසු දේශපාලන කණ්ඩායමක් බලයට ගෙන ඒමද මෙහි මූලික අවශ්‍යතාවයකි.

අනෙක් අතින් ජනතාවගේ සිතුම් පැතුම් පද්ධතිය වෙනස් කර ගැනීම මූලික අරමුණක් විය යුතුය. පරිසරය නසන පාලකයන් පත්කරන්නේ ජනතාව විසිනි. එම නිසා ජනතාවගේ සිතුම් පැතුම් පද්ධතිය නිවැරදි කර ගැනීම කටයුතු කිරීමත් පරිසර ප්‍රශ්නයට පිළිතුරු සෙවීමේදී අමතක නොකළ යුතු කාරණයකි. අප කෑලි කෑලි ගලවා ගනිමින් එම කෑලි වලට උත්තර සෙවීය නොහැකි බව ඉතාමත් පැහැදිලි කාරණයක් නිසා පරිසර ප්‍රශ්නයට මැදිහත් වීමේදී සමස්ත ක්‍රියාවලිය සම්බන්ධව අදහසක් තබා ගැනීම නිවැරදි ක්‍රියාමාර්ග ගැනීම වෙනුවෙන් අත්‍ය අවශ්‍ය කාරණයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *