ACTIVITIES
2022 පරිසර විනාශය ගැන පරිසර හා සොබාදහම් අධ්‍යයනය මධ්‍යස්ථානය පැවැත්වූ මාධ්‍ය හමුව

2022 පරිසර විනාශය ගැන පරිසර හා සොබාදහම් අධ්‍යයනය මධ්‍යස්ථානය පැවැත්වූ මාධ්‍ය හමුව

ශ්‍රී ලංකාවේ සිදු වූ මහා පරිමාණ පරිසර විනාශය හේතුවෙන් 1882 දී සියයට 83 ක් වූ වන ඝනත්වය සියයට 16 දක්වා අඩු වී ඇති බවත් 2022 ජනවාරි සිට දෙසැම්බර් 5 දක්වා කාලය තුළ මෙරට අලි මරණ සංඛ්‍යාව 395 ක් වාර්තා වී ඇති බවත් පරිසර හා සොබාදහම් අධ්‍යයනය මධ්‍යස්ථානය සඳහන් කළේය.

පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය ඊයේ (04) පැවැත්වූ මාධ්‍ය හමුවකදී මේ බව අනාවරණය විය.

වසර මෙන්ම 2022 වසරේත් ලංකාව පුරා දැවැන්ත පරිසර විනාශයක් සිදුවිය. ජනපති හා ඇමති මණ්ඩලය මාරු වුවද පරිසර විනාශය වෙනසක් නොවූ අතර එලෙස සිදු වූ මහා පරිමාණ පරිසර විනාශයන්ගෙන් වනාන්තර ප්‍රබලම පාරිසරික හානිය ලෙස හැඳින්විය හැකිය. 1882 වසරේ 83% තිබූ වනාන්තර ප්‍රතිශතය මේ වන විට සියයට 16 දක්වා අඩු වී ඇති බව පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ පරිසරවේදී පූජ්‍ය කාරියමඩිත්ත ඥානාරාම හිමි පැවැසූහ.    

එම මාධ්‍ය හමුවට සහභාගි වූ පරිසරවේදී දිමුතු සඳරුවන් ප්‍රකාශ කර සිටි පරිදි මෙරට එක් දිනකට එක් අලියකු හෝ ඇතෙකු මියයැම බරපතළ ගැටලුවක් බවය. 2022 වසරේදී අලි මරණ 395 කට වැඩි ප්‍රමාණයක් සිදු වී ඇති බවත්  අලි මිනිස් ගැටුම අවම කිරීමට රජය කිසිදු පියවරක් නොගන්නා බවත් ඔහු පවසා සිටියේය. 

මාධ්‍ය හමුව හමුව අමතමින් ප්‍රවීණ රංගන ශිල්පී චාමින්ද ජයසූරිය මහතා ප්‍රකාශ කර සිටි පරිදි පාරිසරික ප්‍රශ්නය සඳහා දේශපාලන විසඳුමක් අවශ්‍ය බවත් 74 වසර  මෙරට රාජ්‍යන් පරිසර ප්‍රශ්නය දෙස සැලකිය යුතු අවධානයක් යොමු නොකළ බවත් එම මහතා ප්‍රකාශ කර සිටියේ ය.   

නීතිඥ ප්‍රබෝධ රත්නායක  මාධ්‍යයට අදහස් දක්වමින්  වන සත්ව හා වෘක්ෂලතා ආඥා පනත  ,ජාතික පාරිසරික පනත වැනි නීති හා අණපනත් උල්ලංඝනය කරන්නේ මහජනතාවටත් වැඩිය ආණ්ඩුව බව එහිදී ප්‍රකාශ ප්‍රකාශ කර සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *