රටිටුන්ට සංදර්ශන පෙන්නා ජාතිවාදය ඇද ගමුද ? විල්පත්තු විනාශය යටගහමුද?
විල්පත්තු උතුරු අභය භූමියට ආසන්නව පිහිටා ඇති කල්ලාරු වනාන්තරයේ මාර්ග ඉදිකිරීම හා නැවත පදිංචි කිරීම වෙනුවෙන් යැයි කියා වනාන්තර විනාශ කිරීම මහින්ද රාජපක්ෂ යුගයේ ආරම්භ වූ අතර එය මෛත්‍රීපාල සිරිසේන යහ පාලන යුගයේත් එසේම සිදුවෙමින් පැවැතීම කනගාටුවට කරුණකිග එය පමණක් නොව රජයේ ඉදිරි සංවර්ධන සැලසුම්වලදී මෙරට වනාන්තර 39 ක් මෙලෙසම විනාශ වීමට අවශ්‍ය ඉඩකඩ ජාතික භෞතික සැලැස්ම හරහා මේ වන විට ක්‍රීරියාවට නංවමින් සිටී.
මෙම වන විනශෙයට එරේහි වීම පසෙකලා ආණ්ඩුවෙි ඇම ගිල්ල ඇතමුන් විල්පත්තු සටන වෙනුවට පුද්ගල බද්ධ සංදර්ශන ආරමිබ කර ඇතග එය නැවතත් වන විනාශය කෙරේහි ගොඩ නැගෙමින් තිබූ ජනතා වීරෝධය වෙනත් අතකට හැරවීමකීග ඛවුරුන් හෝ විල්පත්තුවෙි උතුරු අභය භූමිය හෝ අවට වනාන්තර විනාශ නොකරනවා යැයි කියනවානමි අප එය තරයේ ප්‍රති්ක්ෂේප කරන්නේමුග ඔමෙන්ම එය ජාතිවාදී තැනකට තල්ලුකර මෙය මුස්ලිමි ජනතාව නිසා සිදු වූයේ යැයි කියන්නේ නමි එයද තරයේ ප්‍රතික්ෂේප කරන්නේමු.
මෙි වන විට විල්පත්තුවෙි උතුරු අභය භූමියේ කල්ලාරු ලවිලත්ති කුලමි, මාවිල්ලු හා මඩු රක්ෂිතයත් විනාශ වීම කෙරෙහි රිෂාඩ් බදුර්දීන් අමාත්යවරයා මෙන්ම පැවැති හා පවතින ආණ්ඩුව ද සෘජුව වගකිව යුතුයග ඵරසර අමාත්‍ය වරයා මෙන්ම එම ප්‍රදේශවල නිවාස ව්‍යාපෘති ඉදිකරණ එක්සත් ජාතීන්ගේ සංවිධානයත් මෙයට වගකිව යුතුය.
පසුගිය සමයේ නැවත පදිංචි කිරීම සඳහා ඉඩම් නිදහස් කිරීම වෙනුවෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව අවසර නිකුත් කර ඇත්තේ පෙරියමඩු අභය භූමියෙන් බැහැරව භූමි භාගයක් නිදහස් කිරීම වෙනුවෙන් පමණි.
විල්පත්තුව අවට ආරක්ෂා වි තිබු රජයේ කැලෑ ඉඩමි මෙන්ම රක්ෂිත ප්‍රදේශ මෙිවන විට රජයේ උවමනාව පරිදි බදුර්දීන් අමාත්‍යවරයාගේ මැදිහත්වීමෙින් විනාශ කරමින් සිටිග මෙය පරිසර අමාත්‍යවරයාගේ පුර්ණ මැදිහත් විමෙන් සිදුවෙමින් පවති .
එය කවුරුන් විසින් සිදුකළද බරපතළ වැරැද්දක් බව අප සැම අවිවාදයෙන් පිළිගත යුතුයග එම වැරැද්දම තව තවත් තීව්ර කරමින් වවුනියාව හා මුලතිව් යන දිස්ත්රික්කවල වනාන්තර අක්කර 16000 කට අධික ප්රමාණයක් මේ වන විට විනාශ කර දමා ඇත.
පසුගිය සමයේ මෙන්ම මෙවරත් විල්පත්තු උතුරු අභය භූමියේ කල්ලාරු වනාන්තරය විනාශ කිරීම වෙනුවෙන් සෘජු දායකත්වයක් දැරුවේ රිෂාඩ් බදියුදීන් අමාත්යවරයායග අපට ප්‍රශ්නය ඇත්තේ ඔහු මුස්ලිම් වීම නිසා නොව සිංහල දමිළ මුස්ලිම් වේවා පරිසරය වනසන්නේ නම් ජාතිල ආගම් භේදයකින් තොරව අප එයට විරුද්ධ විය යුතුයග එම සංහාරයට විරුද්ධ වනවා සේම මෙම ව්යාපෘතිවල මූලිකත්වය ගෙන සිටින රටේ නායකයන් පාලකයන්ට සුදු හුණු ගාමින් එක් පුද්ගලයකුට පමණක් ජාතිවාදී බැටන් පොල්ලෙන් තඩි බෑම නොකළ යුතු කරුණකිග
රිෂාඩ් බදියුදීන් අමාත්යවරයා මෙම රජයේ අමාත්යවරයෙක්ග රටේ නායකයා වන හා පරිසර අමාත්‍යවරයා වන මෛත්රීපාල සිරිසේන මහතා නොදැන වනාන්තර එළිකිරීමට බදියුදීන් අමාත්යවරයාට හැකියාවක් තිබේද?
මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කරන සමයේත් මෛත්‍රීපාල ආණ්ඩුව කරන මේ සමයේත් සිදුවන්නේ දේශපාලන අතපෙවීම් මත සිදුවන දැවැන්ත පරිසර විනාශයයිග රජය විසින් දැනට සකස් කර ඇති ජාතික භෞතික සැලැසුම අනුව 2032 වන විට විල්පත්තුවල මඩු රක්ෂිතය ඇතුළු වනාන්තර 39 ක සැලකිය යුතු ප්‍රරමාණයක් රජයේ සංවර්ධන වැඩසටහන ක්රියාත්මක කිරීම වෙනුවෙන් හෙළිකිරීම මේ වන විට ආරම්භ කර ඇත.
විල්පත්තුව මඩු රක්ෂිතය ආශ්‍රීතව අධිවේගී මාර්ග ඉදිකිරීම හා සංචාරක ව්යාපෘති දියත් කිරීම රජයේ ඉදිරි සැලසුමයිග එම සැලසුම දියත් කිරීම වෙනුවෙන් අතකොලු බවට පත්කර ගන්නේ මුස්ලිම්ල දමිළ සහ සිංහල ජනතාවයිග විශේෂයෙන්ම මුස්ලිම් ජනතාවට විල්පත්තු හා මඩු රක්ෂිත තුළ ඉඩම් ලබාදීම තුළින් රජයේ පූර්ණ සැලසුම දකිනවා වෙනුවට මුස්ලිම් විරෝධී ව්යාපාරයක් ගොඩනැඟීම තෙක් මෙම ප්රශ්නය කුරුවල් වීමට ඉඩහැර ඇත.
පරිසරවේදීන්ට හෝ මේ රටේ බහුතර ජනතාවට එය පෙනෙන්නේ මුස්ලිම් මිනිසුන්ගේ ප්රශ්නයක් නිසා මඩු රක්ෂිතය හා විල්පත්තුව විනාශ වීම සිදුවන්නේ යැයි යන අවසාන අදහසයිග රටේ බහුතර ජනතාව කල්ලාරු විනාශයට විරුද්ධ වන්නේ මෙම සමස්ත සැලසුම හා ක්රියාවලිය පිළිබඳව අබමල් රේණුවකවත් අවබෝධයක් නොමැතිවය.
පැවැති ආණ්ඩුව හා පවතින ආණ්ඩුව එය මනා ලෙස භාවිතා කරමින් ස්වභාවික සම්පත් විනාශ කිරීමට එරෙහි ආණ්ඩුවලට එන විරෝධය කලකදී දමිළ ජනතාව පිටිනුත් දැන් දැන් මුස්ලිම් ජනතාව පිටිනුත් යවා එය ජාතිවාදී ගැටලුවක් බවට පරිවර්තනය වීමට ඉඩහරින තරමට රෙට් වන සම්පත් මෙන්ම ස්වභාවික සම්පත් විනාශ කරමින් ජාත්යන්තර සැලැසුමක් වන ජාතික භෞතික සැලැස්ම ඉදිරියට වඩා පහසුවෙන් කරගෙන යා හැකි වඩා වේගවත් ප්රවාහයක් සකසා ගනිමින් සිටී.
අනෙක් අතට බහුතරයක් මිනිසුන් විල්පත්තුව විනාශයට විරුද්ධ වූයේත් විරුද්ධ වන්නේත් පරිසරය රැකගැනීමේ පරම අදහසින් නොවන බව වඩා පැහැදිලියග ඇතැමුන් මෙය මුස්ලිම් ජනතාවට පහරදීමට අවස්ථාවක් කරගෙන ඇතග
මෙයට පෙර විල්පත්තු වනෝද්යානය භාවිතා කරමින් ඝන කැලෑව විනාශ කර හමුදාව විසින් පාරක් ඉදිකරන විට විරෝධය හෝ හඬක් නොනැඟූ අයවලුන් මෙම ප්රශ්නය හමුවේ පමණක් පෙනී සිටින්නේ මන්ද යන්න ප්රශ්නයකි.
එමෙන්ම සිංහරාජය ඇතුළු වනාන්තර 39 ක් විනාශ කරමින් සිටින මොහොතක ඒවාට එරෙහිව හඬ නොනඟන්නේ මන්ද යන්න ද ප්රශ්නයකිග 2011 සිට 2014 වන විට වනාන්තර ලක්ෂ ගණනක් විදේශිකයින්ට ලබාදීම හමුවේ මුනිවත රැක්කවුන් මෙන්ම වනාන්තර අක්කර 15000 හමිබන්තොට ඇතුළු ප්‍රදේශ වලින් ච්නයට ලබාදීම සාදාරණද ? විල්පත්තු මෙම ප්‍රරශ්නයට පමණක් ජාතිවාදීන් ලෙස මැදිහත් වීමෙන් මෙරට පරිසර ප්රශ්නය විසඳිය හැකිදරෑ ජෛව විවිධත්වය තුළින් පරිසරය පොහොසත් කරන බව අප කාටත් කියා දිය යුතු නැතග නමුත් එය හොඳටම දන්නා මිනිසුන් පවා සමාජයේ විවිධත්වයට පහර එල්ල කරති.
එක් සත්ත්ව කොට්ඨාසයකින් හෝ ශාක විශේෂයකින් පරිසර තුලනය කළ නොහැකි සේම එක් ජනවර්ගයකින් සමාජය තුලනය කළ නොහැකග එමනිසා ජෛව විවිධත්වය පිළිගන්නේ නම් එය ආරක්ෂා විය යුතු බව අදහන්නේ නම් සමාජයේ ජනවර්ගවල විවිධත්වය ද පිළිගත යුතුයග ජනවර්ග විවිධත්වය නිසා ඔවුනොවුන් අරගල කර ගැනීමෙන් ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම හෝ පරිසර විනාශය වැළැක්වීම කළ නොහැකියග එමනිසා අප විරුද්ධ විය යුත්තේ අප අසල සිටින මුස්ලිම්ල දමිළ හෝ අනෙකුත් ජනයාට එරෙහිව නොවේග එසේ එරෙහි වීමෙන් සිදුවන්නේ පරිසරය නසන සංහාරකයා අප සියල්ලම විනාශ කරමින් රටේ පරිසර සම්පතත් විනාශ කිරීමය.
සැබෑ පරිසර සංහාරකයින් විල්පත්තුව මඩු රක්ෂිතය කල්ලාරු වනාන්තරය ඇතුළු වනය නසමින් ලංකාවේ වනාන්තර ප්රතිශතය 16ග8්‍ර තෙක් අඩු කිරීමට සමත් වී ඇති අතර එයට එරෙහි නොවීම තුළ මෙම තත්ත්වය උඩු දුවමින් පවතීග එමෙන්ම නියම ප්රශ්නය ඉලක්කර කර නොගනිමින් ජාතීන් ලෙස බෙදා වෙන්වූ තරමට ජාත්යන්තර සැලසුම් වඩා හොඳින් දියත් කිරීමට නායකයන්ටල පාලකයන්ට අවස්ථාව ලැබෙනු ඇත.
රවින්ද්‍ර කාරියවසම්