‘’රටේ සම්පත් අනාගත පරම්පරාවන්ට රැක දීමට සවිඥ්ඥානිකව මැදිහත් විය යුතුයි”

පසුගිය ආණ්ඩු මෙන් වර්තමාන ආණ්ඩුව ද 2048  ජාතික භෞතික සැලැස්මට අනුව රටේ මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති හරහා දැවැන්ත පරිසර හානියක් සහ ජාතික සම්පත් විදේශීයකරණයට ලක්කරමින් සිටින බව  පූජ්‍ය කාරියමඩිත්තේ ඤාණාරාම හිමියන් පැවැසූහ. අලි මිනිස් ගැටුම හා පාරිසරික දේශපාලන අර්බුදය පිළිබඳව පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය ආචාර්ය එන් එම් පෙරේරා කේන්ද්‍රයේ  පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී පූජ්‍ය කාරියමඩිත්තේ ඤාණාරාම හිමියන් මේ බව පැවැසූහ. […]

ලංකාව මුහුදට පෙලිතින් දමන රටවල් අතර පස්වැනි තැනට පත්වෙලා

ලංකාවේ වන ගහනය සියයට 25 ක් දක්වා වැඩිකිරීම , දේශගුණික විපර්‍යාස සඳහා මුහුණ දීමට ජනතාව හා පරිසරය සුදානම් කිරීම ,  ආර්ථික ප්‍රතිපත්ති හා සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරිමේදී  පරිසර ආර්ථිය සඳහා මුල් තැනක් ලබාදීම ඉදිරියේදී පත්වන ජනාධිපතිවරයාගේ ප්‍රධාන වගකීමක් බව පරිසරවේදී ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් මහතා පැවැසීය. අලි මිනිස් ගැටුම හා පාරිසරික දේශපාලන අර්බුදය පිළිබඳව පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය ආචාර්ය එන් එම් පෙරේරා කේන්ද්‍රයේ  […]

‘පරිසරයත් ආර්ථිකයත් නොගැටී යන ගමනකට ප්‍රතිපත්තිමය වෙනසක් සිදුකර අවසන්’ – ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම්

‘මිහිකත’ – ජාතික ජන බලවේගයේ පරිසර ප්‍රතිපත්තිය අද (31) කොළඹ පදනම් ආයතනයේදී එළිදැක්විණි.මේ සඳහා සහභාගි වූ පරිසරවේදී ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් මහතා මෙසේ පැවැසීය, ‘‘ලංකාව ලෝකයෙන්ම ප්‍රාථමික වනාන්තර විනාශ කරන රටවල් අතර හතරවෙනි ස්ථානයට පැමිණිලා තිබෙනවා. ලෝකයේ පස්වෙනි තැනට වැඩියෙන්ම ප්ලාස්ටික් පොලිතින් මහ පොළොවට එකතු කරන රටක් විදිහට ලංකාව අද වනවිට නම් කරලා තිබෙනවා. ඒ වගේම ලංකාවේ වන ගහනය පිළිබඳව දැඩි […]

පරිසර ප්‍රශ්නය නිවැරදි තැනින් අල්ලමු

අප කවුරුත් දන්නා ලෙස, පරිසර ප්‍රශ්නය යනු සොබාදහම හෝ පරිසරය විසින් නිර්මාණය කරන ලද්දක් නොව. එය ලොව පුරා ඇති සමාජ ,ආර්ථික ,දේශපාලන,හා සංස්කෘතික ක්‍රමය මගින් නිර්මාණය කරන ලද්දකි. ඇමරිකානු ගත් කතුවරියක වන නයෝමි ක්ලයන් ලියන ලද බොහෝ කෘතිවල මෙම ආර්ථික ක්‍රමය පරිසරය අලෙවි කරන ආකාරය පෙන්වා දී තිබේ. නූතන ආර්ථික විද්‍යාවට අනුව ස්වභාවික සම්පත් ඇත්තේ භාණ්ඩ නිෂ්පාදනයට අමුද්‍රව්‍ය සපයා ගැනීම […]

ලෝක වැසි වනාන්තර දිනය අදයි

වැසි වනාන්තර වල වටිනාකම පිළිබදව ජනතාව දැනුවත් කිරීම සඳහා ඇමෙරිකාවේ ටෙක්සාස් හි පිහිටි වැසි වනාන්තර හවුල්කාරිත්වය මූලිකත්වය ගනිමින් මුල් වරට ලෝක වැසි වනාන්තර දිනය 2017 ජුනි මස 22 දින සමරනු ලැබීය. ඉන්පසු වාර්ශිකව සෑම වසරකම ජුනි 22 දින ලෝක වැසි වනාන්තර දිනය ලෙස ලෝකයේ බොහෝ රටවල් සමරනු ලබයි. මෙය ලෝකයේ වැසි වනාන්තර ආරක්ෂා කිරීම සඳහා දැනුවත් කිරීම සහ ක්‍රියාමාර්ග දිරිමත් […]

බලශක්ති ව්‍යාපෘති හේතුවෙන් පරිසර පද්ධතිය වැනසෙයි ද?

යොජිත මන්නාරම සුළං බලාගාරය හේතුවෙන් සහ ඉදිකිරිමට සැලසුම් කර ඇති බලශක්ති ව්‍යාපෘති හේතුවෙන් රටේ පරිසර පද්ධතියට සහ වන සතුන්ට සිදුවන බලපෑම් පිළිබඳව පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය එන්. එම්. පෙරේරා කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවක්දී කරුණු අනාවරණය කළේය. එහිදී අදහස් දැක්වූ පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ කාරක සභික දිමුතු සඳරුවන් මෙසේ පැවැසීය. ‘‘රාජපක්ෂ ආණ්ඩුව යුද්ධයෙන් පස්සේ නොරච්චෝලේ බලාගාරය ඉදි කරන්න චීනයෙන් […]

උමා ඔයෙන් හිල් මතුවෙන්නේ ඇයි ?

උමා ඔය බහු කාර්‍ය ව්‍යාපෘතිය නිසා රට තුළ බරපතල පාරිසරික හා ආර්ථික හානියක් වු බව නොරහසකි. මධ්‍යම කඳුකරය යනු රටේ විශාල ජලසම්පතක් ගබඩා කරගෙන සිටින, ඉතා සංවේදී ලෙස ආරක්ෂා කල යුතු ප්‍රදේශයකි. වසර දහස් ගණනක ඉතිහාසය පුරාවට මධ්‍යම කඳුකරයේ විශාල වැව් ආදිය ඉදි නොකලේ මධ්‍යම කඳුකරයට නිතර වැටෙන වැස්ස නිසා ජලය අවශ්‍ය නොවු නිසාත්, මධ්‍යම කඳුකරයට අත තැබීම අනතුරුදායක නිසාය. […]

සපුගස්කන්ද සුරැකීමේ පරිසර සංවිධානයේ සභාපති රංජිත් විමලධර්මට පිරිසක් යකඩ පොලුවලින් පහරදීලා

පොල්ගහවෙල , හබරව ග්‍රාමසේවා වසම තුළ බෙරවහේන ආශ්‍රිතව අක්‍රමවත්ව සිදුකරගෙන යනු ලබන ගල් කොරි කිහිපයකට විරෝධය පළ කළ සපුගස්කන්ද සුරැකීමේ පරිසර සංවිධානයේ සභාපති රංජිත් විමලධර්ම මහතාට කිසියම් පිරිසක් ඊයේ (20) පහරදී තිබේ. පහර කෑමට ලක්ව බරපතල තුවාල ලැබූ සපුගස්කන්ද සුරැකීමේ පරිසර සංවිධානයේ සභාපති රංජිත් විමලධර්ම මහතා මේ වනවිට කුරුණෑගල මහා රෝහලේ ප්‍රතිකාර ලබයි. පොල්ගහවෙල , හබරව , බෙරවහේන ආශ්‍රිතව අක්‍රමවත්ව […]

වාරියපොල නෑටිය මහ වැවේ ප්‍රතිසංස්කරණ කටයුතු වසර 10 කට පසු සිදුකෙරේ

වාරියපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි නෑටිය මහ වැවේ ප්‍රතිසංස්කරණ කටයුතු වසර 10 කට පසු අද (07) දිනයේදී ආරම්භ කරනු ලැබීය. ඒ අනුව නෑටිය මහ වැවේ සොරොව්ව අලුත්වැඩියාව, ඇළ වේලී පද්ධති ප්‍රතිසංස්කරණය , වැව් බැම්ම ප්‍රතිසංස්කරණය , රළපනාවන්හී ජල කාන්දු වන ස්ථාන ප්‍රතිසංස්කරණය කිරීම ආදී කටයුතු සිදුකළේය. නුවරකන්ද රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය නැටියේ සීලරතන ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් නෑටිය මහ වැවේ ප්‍රතිසංස්කරණ […]

තෙත්බිම් වලට එන ත්‍රස්තවාදියෝ

තෙත්බිම්වලට එන ත්‍රස්තවාදීන් තරමක් වෙනස්; නමුදු අනිත් ත්‍රස්තවාදීන් මෙන්ම විනාශකාරී බව, වේගයෙන් භූමිය ආක්‍රමණය කිරීම සහ ස්වදේශකයන්ට හානි පැමිණීම වැනි ගති ලක්ෂණවලින් නම් වියුක්ත නොවෙයි. එකදු වෙනස නම් මොවුන් මනුෂ්‍යයන් නොවීමයි. අප ඔවුන්ව ත්‍රස්තවාදීන් ලෙස නම් කළ ද විද්‍යාත්මක අර්ථකථනයේදී මොවුන් ආක්‍රමණශීලී ආගන්තුක විශේෂ (Invasive Alien Species) නමින් හඳුන්වනවා. අද ලෝක තෙත් බිම් දිනයේ අප මොවුන් පිළිබඳ අවධානය යොමු කරනුයේ […]