පොලිතින් නැති ගමක් වෙනුවෙන්, සොබාදහම් පාසල- A village without plastic
සොබාදහම් පාසල විසින් වසර ගණනාවක් තිස්ස පොලිතින් ප්ලාස්ටික් භාවිතය අවම කරමින් මුලු ගමටම පොලිතින් ප්ලාස්ටික් භාවිතයේ ප්රතිවිපාක පහදා දීමත් සමඟ යම්තාක් දුරට ගමේ පන්සලට වුවත් දානය රැගෙන ඒමේදී පවා පොලිතින් ප්ලාස්ටික් ගෙන ඒම සම්බන්ධයෙන් මිනිස්සුන් දෙවරක් සිතන්නට විය.විශේෂයෙන් ම පොලිතින් හා ප්ලාස්ටික් සමඟ ගෙන එන දානය ප්රතික්ෂේප කිරීමත් මෙයට එක් හේතුවක් විය.
කෙසේ වෙතත් මේ වන විට රෙදි වලින් මසා නිම කරන ලද බෑග් 700 ක් පමණ ගමට බෙදා හරිමින් මිනිස්සුන් නැවත නැවතත් දැනුවත් කරනුයේ පොලිතින් ප්ලාස්ටික් භාවිතය අවම කර ගැනීමේ අරමුණිනි.ඒ අනුව මින් ඉදිරියට පන්සලට දානය හෝ කිනම් කටයුත්තක ට කුමක් ගෙනාවත් එය පොලිතින් හා ප්ලාස්ටික් වලින් තොර විය යුතුය.එමෙන්ම සොබාදහම් පාසලේ දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමද මෙම බෑග් බෙදා දීමත් සමඟ සිදුවන අතර ගමේ සිටින පවුල් 350ක් පමණ දෙනාට කඩින් කඩ බෑග් බෙදා දී ඔවුන් දැනුවත් කරන අතර මින් ඉදිරියේ දී ගම තුළ සැලකිය යුතු ප්රමාණයකින් පොලිතින් ප්ලාස්ටික් අඩු කිරීමට සොබාදහම් පාසල ක්රියාරමින් සිටී.
ඔබගේ ගමේ පන්සලේ හෝ ඔබේ නිවසත් පොලිතින් ප්ලාස්ටික් වලින් තොර තැනක් කරමු මන්දයත් අප හෙට දිනයේ මිය යනි ඇත අප භාවිතා කරන පොලිතින් සහ ප්ලාස්ටික් තව වසර 400 ගත වනු තුරුවත් පොහොර වන්නේ නැත.එම නිසා ඔබ මේ අහිමි කරන්නේ ඔබගේ දරුවන්ගේ දරුවන්ටත් ජීවත් වීමට තිබෙන භූමියයි.එමනිසා රෙදි වලින් මසාගත් බෑගයක් නිරන්තරයෙන් පාවිච්චි කරන්න පොලිතින් ප්ලාස්ටික් ප්රතික්ෂේප කිරීමට ඔබගේ කොන්ද සහ මානසිකත්වය හදාගන්න.පොලිතින් ප්ලාස්ටික් බොහොමයක් භාවිතා වන්නේ ආහාර වර්ග හා අනෙකුත් දෑ ආවරණය කිරීමට සහ සැරසිලි කටයුතු වලට නිසා පොලිතින් ප්ලාස්ටික් වලින් තොර දේවල් මිලදී ගැනීමට ඔබට හුරු විය හැක.ඔබ ඔබගේ ගමේ කඩසාප්පුවට මේ බව දැනුම් දුන්න හොත් ඔබ කඩසාප්පුවට යන විට රෙදිවලින් මැසූ බෑගයක් ගෙන ගිය හොත් තවලෙනෙක් ඒ දිහා බලා ඉගන ගැනීමට අවස්තාවක් ඇත.ඒ නිසා පොලිතින් සහ ප්ලාස්ටික් දුටු තැන ප්රතික්ෂේප කිරීමට ඔබ කොන්දක් හදා ගත යුතුව ඇත්තේ අද උදෙසා ඔබගේ වින්දනයට පමණක් නොව තව පරම්පරා තුන හතරක ජීවිතය නැසීම නවතාලීමටත් සතා සිවුපාවාගේ පරිසරය ආරක්ෂා කරලීමටත් ය.එම නිසා ඒ වෙනුවෙන් නිසි පියවර අද දවසේ සොබාදහම් පාසල ගෙන ඇති බව ලාංකිකයන්ට සතුටින් දැනුම් දී සිටින්නෙමු.


