සමුද්‍ර පරිසරය වනසන චීන වරාය නගරට තිත තියමු

චමිපික රණවක අමාත්‍ය වරයාගේ මූලිකත්වයෙන් කොළඹ වරාය මුල්කරගනිමින් නිර්මාණය කරන වරාය නගරය සඳහා අවශ්‍ය මූලික වැඩකටයුතු මේ වනවිට ආරම්භ කර ඇත. පසුගිය කාලය පුරාවට ජන්දය ජය ගැනීමේ උපාය මාර්ගයක් ලෙස මෙම වරාය නගරය නවතා දමන බවට පොරොන්දු දුන් ආණුඩුව ජාතික භෞතික සැලැස්මේ සැලසුම්ගත ආකාරයට මෙම චීන වරාය නගරය ඉදිකිරීමට ෙමි වනවිටට කටයුතු කරගෙන යනු ලබයි.

නමුත් අපගේ ඉල්ලීම වුයේ මෙහි හානිකර තත්වය පිළිබද සළකාබලා මෙම ව්‍යාපෘතිය නවතා දමන ලෙසයි. මෙත‍්‍රී පාළනය විසින් එය නවතා දමනවා වෙනුවට පරිසර තක්සේරු වාර්ථානක් සිදුකර වරාය නගර ව්‍යපෘතිය ඉදිරියට කරගන යාම සදහා මේ වන විට අවශ්‍ය පියවර ගෙන ඇත.

කොළඹ දකුණු වරායේ සිට කොළඹ වරාය ප‍්‍රදීපාගාරය මායිම් කරගනිමින් අක්කර පන්සිය හැත්තෑපහක් මුහුදෙන් ගොඩකරමින් මෙම නගරය ඉදි කිරීම හීන්සීරුවේ කරගෙන යන අතර මෙය චීන සමූහාණ්ඩුවේ අවශ්‍යතාවයක් මත ඉදි කරමින් යනු ලබන්නකි.

2014 අයවැයෙන් වෙන්කරන ලද රුපියල් බිලියන පහලවක් මේ සඳහා වැය කිරීමට බලාපොරොත්තුවන අතර තවත් බිලියන ගණනාවක් චීනයෙන් ණය වශයෙන් වරාය නගරය ඉදිකිරීමට මුදල් ලැබීමට නියමිතය. නමුත් එම මුදල් සමග විශාල පොළියක් ආපසු ගෙවිය යුතුවේ.

කෙසේවෙතත් වරාය නගරය ඉදිකිරීමෙන් අනතුරුව නගරයේ හෙක්ටයාර් එකසිය විසිපහක අයිතිය ලංකා රජයටත්, හෙක්ටයාර් විස්සක් මූලික අයිතිය මෙම වරාය නගරය ඉදිකරන චීන වරාය ඉංජිනේරු සමාගම යටතේ (CHEC) ක්‍රියාත්මකවන චීන කොමියුනිකේෂන් කන්ට‍්‍රක්ෂන් කම්පැනි ලිමිටඞ් ආයතනයට හිමිවනු ඇත. ඉතිරි සියලූම භූමි ප‍්‍රමාණය අනූනව අවුරුදු ක‍්‍රමය යටතේ එම චීන සමාගමට හිමිවන අතර, වරාය නගරය චීන ආධිපත්‍යය මත පාලනයවන මධ්‍යස්ථානයක් වශයෙන් ඉදිකරන බව නොරහසකි.

මාස තිස් නවයකින් ඉදි කිරීම් නිම කිරීමට බලාපොරොත්තුවන මෙම චීන වරාය නගරයේ, සුපිරි වෙළදසැල්, ජල ක්‍රිඩාංගන, ගොල්ෆ් පිටි, හෝටල් සංකීර්ණ, සුපිරි නිවාස, ජලජ ධාවන පථ හා ගොඩබිම් ධාවන පථ (කාර් රේස් හා බෝට්ටු රේස් යාම සඳහා* කැසිනෝහල් හා තවත් බොහෝ දේ ඉදිකිරීමට නියමිත අතර මෙහි අදායමෙන් විශාල ප‍්‍රමාණයක් චීනයට ගලා යනු ලබයි.

අනෙක් අතට චීනයේ ඇති දුෂිතම සමාගමක්වන චීන කමියුනිකේෂන් කම්පැනි ලිමිටඞ් (China Communication Contraction Co’ Ltd) (CCCC)ආයතනය සඳහා කැබිනට් අනුමැතිය 2014 වර්ෂයේ ලබා දී ඇැති අතර 2014 සැප්තැම්බර් 17 දින මෙය නිල වශයෙන් ඉදිකිරීම් ආරම්භ කරන ලදී.

සාමාන්‍යයෙන් මෙවන් දැවැන්ත ව්‍යාපෘතියක් කිරීමේ දී මෙහි ලංකාවට හා එය පුරවැසියන්ට ඇති අවශ්‍යතාවය සලකා බැලිය යුතු අතර ඉදිවන මෙම සුපිරි චීන නගරය තුළ වඩාත් අවස්ථා උදාකර ඇත්තේ චීන ව්‍යාපාරිකයන්ටයි.

ලංකාවේ සංවර්ධනය ගැන කියමින් චීනයේ අවශ්‍යතාවයන් මත ඉදිවන මෙම චීන වරාය නගරය ව්‍යාපෘතිය ඉතා බරපතල ලෙස ලංකාවේ ස්වරීභාවයට හානි ගෙන දෙන අතර අනාගතයේ මුලූමනින්ම ලංකාව, චීනයේ යටත් විජිතයක් වීමට අවශ්‍ය සියලූ දේ මෙි හරහා සිදුවෙමින් පවතියි.

මෙවන් ව්‍යාපෘතියක් සිදු කිරීමේ දී ස්වභාවික පරිසරයට, කලපු පරිසර පද්ධතියට, කොරල් පරිසර පද්ධතියට ,මුහුදු පරිසර පද්ධතියට සිදුවන හානිය පිලිබද සළකා බලා මෙම ව්‍යපෘතිය නවතා දැමිය යුතුය.

මෙ නගරය සඳහා මුලික තක්සේරුව ලබා දී ඇත්තේ ආරියශීලී වික‍්‍රමනායකගේ සභාපතීත්වයේන් පවත්වාගන යනු ලබන ව්‍යාපාරයක්වන මාස්ටර් ඩයිවස් ආයතනය විසිනි. දෙවනුව පරිසර තක්සේරු වර්ථාවක් සිදුකර ඇති අතර එය විසින් ව්‍යාපෘතිය කරගන යාමට අවශ්‍ය පසුබිම නිර්මාණය කරගන ඇත. නමුත් ව්‍යාපාරිකයන්ගේ අනුමැතිය මත රටේ සොබාවික සම්පත් හා ජනතාවගේ ජීවිත වලදමන්නට රජයක් තීරණය කරන්නේ කෙසේ ද? යන ප‍්‍රශ්නය ඉතිරිවන අතර මෙය සම්පූර්ණනේම නීති විරෝධී හා පරිසර විරෝධී, සෙබාදහම වනසන ව්‍යාපෘතියකි.

වරාය නගරයක් පිළිබඳව මෙයට පෙර අපසතුව අධ්‍යයනයක් හෝ අත්දැකීම් නැති නිසා 2003 වර්ෂයේ ඩුබායි රජය විසින් ඉදිකරන(Dubi Palm, City) ඩුබායි ෆාම් වරාය නගර ඉදිකිරීමෙන් අනතුරුව වසර දහයකට පසු එම පරිසර පද්ධතියට හා අවට ධීවරයන්ට සිදු වී ඇති බලපෑම මෙහි කෙටියෙන් සටහන් කිරීම යෝග්‍යයයි සිතමු.

දෙදහස් තුන වර්ෂයේ සිට මේ දක්වා ඩුබායි ෆාම් වරාය නගරය ඉදිරකරවන වසර එකොලහක කාලයක් ගතවන තැන මේ පිළිබඳව අධ්‍යයනවල නිරත වූ ලන්ඩන් හි ස්වාභාවික සම්පත් කෟතුකාගාරයේ ආචාර්ය ඬේවිඞ් ජෝර්ජ් පවසන්නේ මෙමම නගරය ඉදි කිරීමට පෙර හා පසු තත්ත්වයන් සලකා බලන විට එම මුහුදේ, මුහුදු පැලෑටි, ජීවීන් හා සමස්ථ මුහුදු පරිසර පද්ධතියටම විශාල හානියක් සිදු වී ඇති බවයි.

ලංකාවේ ඉදි කිරීමට නියමිත මෙම වරාය නගරයට සමාන වන ඩුබායි රටේ වරාය නගරය ඉදි කිරීම වෙනුවෙන් කලූගල් කියුබ්ක් මීටර් මිලියන 5.5 ක් ගෙනවිත් මුහුදු පත්ලට දමා ඇති අතර, ගැඹුරු මුහුදේ හා වෙරළ තීරවලින් මෙම ව්‍යාපෘතියට ලබාගත් වැලි ප‍්‍රමාණය කියුබ්ක් මීටර් මිලියන 94 කි.

ලොව පුරාම මුහුදු පරිසර පද්ධතිය පිළිබඳ අධ්‍යයනයක් සිදුකරන ගී‍්‍රන්ෆිස් ආයතනයට අනුව මෙම වරාය නගරය ඉදි කිරීමේ දී සිදු වූ දැවැන්ත හානිය නිසා මුහුදු ජීවීන්ගේ වාසස්ථාන විශාල වශයෙන් විනාශ වීමේ ප‍්‍රතිඵලයක් ලෙස ආහාරයට ගන්නා මාලූ ඇතුලූ අනෙක් ජීවීන් විශාල වශයෙන් විනාශ වූ අතර, එය ඩුබායි සමුද්‍ර පරිසර පද්ධතියට මෙන්ම ධීවරයන්ට විශාල බලපෑමක් එල්ල කළ බවයි.

එක්සත් රාජධානියේ The Independent (ද ඉන්ඩිපින්ඩන්ට්* පුවත්පත කරන ලද විශ්ලේෂණාත්මක වාර්තාවක ඩුබායි වර්යා නගරය කොරල්පර හා මුහුදු පරිසර පද්ධතියට දැවැන්ත හානියක් අත්පත්කර දුන් බව පෙන්වා දෙන අතර ධීවර ක්‍ෂේත‍්‍රයට එහි සැලකිය යුතු බලපෑමක් එල්ල වූ බව පෙන්වා දේ.

නියමිත පරිසර ඇගයීමක් හෝ සොබාදහම පිළිබඳ අබමල් රේණුවක අවබෝධයක් නොමැතිව කරන මෙවන් දැවැන්ත ව්‍යාපෘති ඩුබායි හි සමුද්‍ර පරිසර පද්ධතිය මෙන්ම ධීවරයන්ගේ ජීවිතය විනාශ කළා මෙන්ම ලංකාව තුළ ද එය එසේ සිදුවනු ඇත.

නිසි පරිසර තක්සේරුවක් නොකර කරන චීන වරාය නගර ව්‍යාපෘතිය නිසා දැවැන්ත හානියක් බටහිර වෙරළ තීරයට හා මුහුදු කලාපයටත් කලපු පරිසර පද්ධතියටත් සිදුවනු ඇත. විශේෂයෙන්ම ඉදි කිරීම් සිදුකිරීමේ දී වෙරළ තීරයෙන් හා ගැඹුරු මුහුදේ වැලි කියුබ්ක් මීටර් සියයක් පමණ ගතයුතු වේ. මෙලෙස විශාල වැලි තොගයක් ඇදීමේ දී වෙරළ තීරයේ ඛාදනය වඩා තීව‍්‍ර වන අතර පානදුර, අඟුලාන, ගල්කිස්ස, උස්වැටකෙයියාව, මීගමුව ඇතුලූ බටහිර වෙරළ තීරයම මෙහි දී දැඩි අර්බුදකාරී තත්ත්වයකට පත් වේ.

එමෙන්ම වැලි හෑරීමත්, නගරය ඉදි කිරීමෙන් අනතුරුව ගොල්ෆ් පිටිවලට යොදන විෂ රසායන හා නගරයේ වැසිකිළි, කැසිකිළි, හෝටල් අවට සහ අනෙක් අප ජලය මුහුදට මුදා හැරීමෙන් ඊධෘ :ඊසදකදටසජ්ක ධංහටැබ ෘැපද* ජලයේ ඔක්සිජන් ප‍්‍රතිශතයේ සිදුවන වෙනස්කම් හා මුහුදු ජලයේ අප ජලය තැන්පත් වීම නිසා ජලය තුළ බැඳෙන පටල නිසාත් හිරුඑළිය හා මුහුදු පත්ල අතර සබදතාවය බිඳ වැටේ. එහෙයින් මුහුදේ ආහාර නිෂ්පාදනය අඩාලවන අතර සියලූම ජීවීන්ගේ ගහණය අඩුවීමට එය බලපානු ලබයි.

එමෙන්ම මීගමු මුහුදු තීරයේ මොරවල ප‍්‍රදේශයේ හා අනෙක් තදාසන්න ප‍්‍රදේශවල ඇති කොරල්පර විනාශයටත් කොරල් මුහුදුබාවන්ගේ විනාශයටත් මෙය දරුණු ලෙස බලපානු ලබයි. වැලි හෑරීම සහ නැවත මුහුද ගොඩකිරීම නිසා ඇතිවන දියරැුළිවල වෙනස්කම් නිසා මීගමුව
වෙරළ තීරයෙන් හෝ තදාසන්න ප‍්‍රදේශවලින් වෙරළ තීරය රට අභ්‍යන්තරය ඛාදනය වීමට බොහෝ සේ ඉඩ ඇත.

මෙයට වසර කිහිපයකට පෙර 65,610 වගී කිලෝ මීටර් තිබූ දිවයින මේ වනවිට ඛාදනය නිසා වගී කිලෝ මීටර් 65,525 දක්වා අඩු වී තිබේ. වෙරළේ සිදුවන ස්වභාවික ඛාදනය වඩා තීවෘර කිරීමට මුහුද ගොඩකිරීමට හේතුවන අතර මුතුරාජවෙල අහය භූමිය, මීගමු කලපුව, මහවැව කලපුව, හලාවත කලපුව, ආනවිලුන්දාව කලපුව ඇතුලූ බටහිර වෙරළ තීරයේ කලපු පද්ධතිය විනාශ වී යාමත් එහි ඇති මත්ස්‍ය විශේෂ විනාශය, කඩොලාන ශාඛ වර්ග විනාශය මෙම වරාය නගරය ඉදිකිරීම නිසා වඩාත් තීව‍්‍ර වේ.

දැනට සමුද්‍ර ජීවීන් පිළිබඳ අධ්‍යයනයන් කරන විද්‍යාඥයන් පවසන්නේ ඉන්දියන් සාගරය ඇතුලූ සාගර ප‍්‍රදේශවල මුහුදු ජීවීන් හා ශාඛ 32,000 පමණ වාර්තාවන බවයි. එම විශේෂ 32,000 සැලකිය යුතු ප‍්‍රමාණයක් ලංකාව අවට මුහුදු තීරයේ වාසය කරති. ඒ අතර මුහුදු ඌරන් (Dugon Dugon) කැස්බෑ විශේෂ වන කොළ කැස්බෑවා (Chelonla, mydas) දාර කැස්බෑව(Chelonians Mydas ) දාර කැස්බෑව,(Dermochelys Coriacea) ඔලූ ගෙඩි කැස්බෑවා, (Coretta Coretta) නෙතු කැස්බෑවා,(Eretomocnelys Imbricate) බටු කැස්බෑවා, (Lepidocnelys Olivacea) යන සත්ව විශේෂ ද, හෙක්ටයාර් 126,989 වන කලපු පද්ධතියෙන් සැලකිය යුතු ප‍්‍රමාණයක්, මුහුදු තෘණ භූමි වශයෙන් හඳුනාගෙන ඇති 23,797 හෙක්ටයාර ප‍්‍රමාණයෙන් 11,000 හෙක්ටයාර අයත් මුහුදු තෘණ භූමිය කඩොලාන හෙක්ටයාර 528කට වැඩි ප‍්‍රමාණයක්. වෙරළ බාධක පර ලෙස පිහිටා ඇති හෙක්ටයාර 956 ක් ,ඩොල්පින් මසුන්, තල්මසුන් ඇතුලූ හඳුනාගගත් හා නොගත් සමුද්‍ර සත්ව හා ශාක විශේෂවලටත් එම භූමිවලටත් දැවැන්ත හානියක් මෙම වරාය නගරය නිසා සිදු වේ.

එමෙන්ම දෙදහස් දෙක වනවිට බටහිර වෙරළ තීරයේ ඇතුලූ වෙරළ තීරයේ ගැඹුරු මුහුදූ ධීවරයින් හැර 114,230 වූ ධීවර සංඛ්‍යාව මේ වනවිට වඩා සීග‍්‍රයෙන් ඉහල ගොස් ඇති අතර ඔවුන් සියලූදෙනාගේ ජීවිකාව මුහුදේ ජෛව විවිධත්වය නිසා රැකෙන්නකි.

ඒ අනුව චීන වරාය නගරය ඉදි කිරීම නිසා දැවැන්ත පාරිසරික හානියක් බටහිර වෙරළ තීරයේ හා මුහුදේ සිදුවන අතර විශාල මත්ස්‍ය නිෂ්පාදනයක් මෙන්ම අගනා පරිසර පද්ධති ගණනාවක් මෙරටට අහිමි වේ.

ඒ සියල්ල සමගම මුහුද ජීවිකාව කරගත් ධීවරයින් විශාල ප‍්‍රමාණයකට දරුණු ප‍්‍රතිඵල අත්විඳින්නට සිදුවන අතර මෙම සංවර්ධනය මගින් අනාතයින් බිහිවීම වැළැක්විය නොහැකිය.

මේ සියල්ල මනා ලෙස දකිමින් චීනයේ අවශ්‍යතා මත ඉදිවන නගරය හේතුවෙන් ශී‍්‍ර ලංකාවේ ජනතාවට මෙන්ම සමස්ථ පරිසර පද්ධතියට බරපතල හානියක් සිදුවන අතර 1978 ව්‍යවස්ථා අංක 27/14 හා 28/ෙ සෑම පුද්ගලයෙකුටම පරිසරය සුරක්‍ෂිත කිරීමට අයිතියක් ඇත යන්න තහවුරු කර ඇති අතර මෙම චීන වරාය නගරය ඉදි කිරීම ව්‍යවස්ථාවට පටහැනි කි‍්‍රයාවක් වන අතර සියලූදෙනාගේම පරිසර අයිතිය මෙමගින් උල්ලංඝණය වේ.

1981 අංක 57 දරණ වෙරළ සංරක්‍ෂණ පනතේ 15 වන වගන්තිය ප‍්‍රකාරව වෙරළ සංරක්‍ෂණ අධිකාරියේ අධ්‍යක්‍ෂට, වෙරළට හෝ මුහුදු තීරයට හානිවන කිසිදු ඉදි කිරීමක් කිරීමට අවසර දීමට හැකියාවක් නොමැති අතර එවන් දෙයක් සඳහා අවසර ලබාදීමත්, වෙරළ ඇතුලූ සමුද්‍ර පරිසර පද්ධතියට හානි කිරීමෙන් බලපවත්නා නීති පද්ධති අනුව තහනම් කි‍්‍රයාවකි.
එමෙන්ම වෙරළ සංරක්‍ෂණ පනතේ 24 වන වගන්තියේ ප‍්‍රකාරව අවුරුදු තුනකට වැඩි කාලයක් සඳහා බලපත‍්‍ර නිකුත් කිරීම පවා තහනම්ව තිබිය දී වෙරළ සංරක්‍ෂණ පනත, ජාතික පාරිසරිකපනත, වනසත්ව හා වෘක්‍ෂලතා ආඥා පනත, ශී‍්‍ර ලංකා ව්‍යවස්ථාව ඇතුලූ නීති පද්ධති කඩකරමින් චීනයේ වුවමනාව මත පරිසරය හා මිනිසුන් නසන මෙවන් ව්‍යාපෘති කිරීමට රජය පෙලඹවීම රටට දැවැන්ත ආර්ථික, දේශපාලන, පාරිසරික හා සමාජයීය වශයෙන් බරපතල අර්බුද ගණනාවක් ඉදිරියේ දී ඇතිකරන්නකි.

මෙලෙස මහපොලව හා මිනිසුන් වනසා ඉදි කරන නගර හුදෙක් වෙළදපොල සඳහා පමණක් බව පැහැදිලිය. සොබාදහම සහ මානව සමාජය වනසා කරන සංවර්ධනයෙන් දියුණුවක් නොව විනාශයක් අත්පත් කරගන්නට හැකි බව යුරෝපය, ඇමරිකාව අත්පත් කරගත් සංවර්ධනයේ විනාශයේ තරමින් පෙනේ. නමුත් ඒවා අත්දැකීම් කර නොගනමින් ඔවුන් වසර 60, 70 ට පෙර කළ බරපතල වරද අද දවසේ අප රට ද සිදුකරමින් ඇත. එහි අවසානය වන්නේ ස්වභාවික විපත් දරුණු බලපෑම් ගෙනෙන මහපොලව හා සමාජය විනාශ වූ කොන්කී‍්‍රට් ගොඩගැසුණු අප‍්‍රසන්න අනාගතයක් අපට ඉතිරිවීමයි.

වැඩි විස්තර දැනගැනීමට අමතන්න

රවින්ද්‍ර කාරියවසම් 0718368642
ගරු ශෙරාඩී ජයවර්ධන පියකතුමා 071425913
අරුණ ඉන්දික සමස්ථ ලංක ධීවර වෘත්තිකයින්ගේ සංගමය 0715344570

Leave a Reply

Your email address will not be published. Required fields are marked *