‘පරිසරයත් ආර්ථිකයත් නොගැටී යන ගමනකට ප්‍රතිපත්තිමය වෙනසක් සිදුකර අවසන්’ – ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම්
‘මිහිකත’ – ජාතික ජන බලවේගයේ පරිසර ප්‍රතිපත්තිය අද (31) කොළඹ පදනම් ආයතනයේදී එළිදැක්විණි.මේ සඳහා සහභාගි වූ පරිසරවේදී ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් මහතා මෙසේ පැවැසීය, ‘‘ලංකාව ලෝකයෙන්ම ප්‍රාථමික වනාන්තර විනාශ කරන රටවල් අතර හතරවෙනි ස්ථානයට පැමිණිලා තිබෙනවා. ලෝකයේ පස්වෙනි තැනට වැඩියෙන්ම ප්ලාස්ටික් පොලිතින් මහ පොළොවට එකතු කරන රටක් විදිහට ලංකාව අද වනවිට නම් කරලා තිබෙනවා. ඒ වගේම ලංකාවේ වන ගහනය පිළිබඳව දැඩි […]