තෙත්බිම් වලට එන ත්‍රස්තවාදියෝ

තෙත්බිම්වලට එන ත්‍රස්තවාදීන් තරමක් වෙනස්; නමුදු අනිත් ත්‍රස්තවාදීන් මෙන්ම විනාශකාරී බව, වේගයෙන් භූමිය ආක්‍රමණය කිරීම සහ ස්වදේශකයන්ට හානි පැමිණීම වැනි ගති ලක්ෂණවලින් නම් වියුක්ත නොවෙයි. එකදු වෙනස නම් මොවුන් මනුෂ්‍යයන් නොවීමයි. අප ඔවුන්ව ත්‍රස්තවාදීන් ලෙස නම් කළ ද විද්‍යාත්මක අර්ථකථනයේදී මොවුන් ආක්‍රමණශීලී ආගන්තුක විශේෂ (Invasive Alien Species) නමින් හඳුන්වනවා. අද ලෝක තෙත් බිම් දිනයේ අප මොවුන් පිළිබඳ අවධානය යොමු කරනුයේ […]

පොල්ගහවෙල අක්‍රමවත් ගල් කොරියක් හේතුවෙන් ජල උල්පත් රැසක් සිදී ගිහින් – පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය

පොල්ගහවෙල ප්‍රදේශයේ ජන ජීවිතයට සහ පරිසරයට හානි වන අයුරින් සිදුකරන ගල්කොරි වහා නවතනු මැයෙන් ඊයේ (23) දින එන්.එම්. පෙරේරා මධ්‍යස්ථානයේදි පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය හා පොල්ගහවෙල ප්‍රදේශයේ ජනතාව එක්ව මාධ්‍ය සාකච්ඡාවක් සංවිධානය කර තිබුණි. පොල්ගහවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ, හබරව ග්‍රාමසේවා වසම තුළ බෙරවහේන ආශ්‍රිතව අක්‍රමවත්ව සිදුකරගෙන යනු ලබන ගල් කොරි කිහිපයක් හේතුවෙන් ප්‍රදේශයේ ජනතාව දැඩි අපහසුතාවයට පත්ව ඇති බව […]

මාස 8 ට අලි මරණ 271 ක් – අලි 57 ක් වෙඩි තබා ඝාතනය කරලා

දිනෙන් දින සිදුවන වනාන්තර එළි කිරීම නිසාත් , මිනිසුන් වනාන්තර ආශ්‍ීත ප්‍රදේශ වල තම වාසස්ථාන සාදාගැනීම , වගා බිම් සාදාගැනීම හේතුවෙන් අද වන විට අලි මිනිස් ගැටුම් උග්‍ර වී ඇත. තවද මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් අලින්ගේ ස්වභාවික වාසස්ථානද බොහෝ ලෙස සීමාවී ඇත. අලින් පලවා හැරීමට මිනිසුන් විවිධ උපක්‍රම භාවිතා කරයි. ඒ අතර විදුලි වැටවල් ඉදිකිරීම , හක්කපටස් , මදු ගැසීම හා […]

ජලය අයිතියක් මිස වෙළඳ භාණ්ඩයක් නොවේ

ජලය අයිතියකි වෙළඳ භාණ්ඩයක් නොවේ ලංකාව ජලාශ්‍රීත ශ්‍රිෂ්ඨාචාරයක මහා තොතැන්නකි. ලොව එල්ලංගා පද්ධති ලෝක උරුමය බවට පත්වන්නේ එය එතරම්ම සුවිශේෂි ශිෂ්ටාචාරයක ලක්ෂණයක් නිසාය.                                           2011- 2048 ජාතික භෞතික සැළැස්ම හදුනා දෙමින් රජය පසුගිය කාලයේ උත්සහ කල ජලය අයිතිය පුද්ලීකරණය කිරීමට මේ වන විට උත්සහ දරමින් ඇත. ජල බිල සියයට 60  වැඩි කිරීම ,  ස්භාවික ජල උල්පත් භාවිතාකරන ජනතාව ක්‍රමාණුකූලව ප්‍රජා […]

ජාතික භෞතික සැලැස්ම හේතුවෙන් ලංකාවේ දිනකට වනාන්තර අක්කර 65 ක් විනාශයට

ජාතික භෞතික සැලැස්ම හේතුවෙන් ලංකාවේ දිනකට වනාන්තර අක්කර 65 ක් පමණ විනාශ වන බව පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක පරිසරවේදී ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් මහතා පැවැසීය. එමෙන්ම ශ්‍රී ලංකාවේ මේ වනවිට සිදුවන මහාපරිමාණ පරිසරය විනාශයන් සහ ඉඩම් මංකොල්ලයන් සිදුවන්නේ ආණ්ඩුව සකසා ඇති 2011 – 2048 ජාතික භෞතික සැලැස්මට අනුව බවත් පරිසරවේදී ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් මහතා සදහන් කළේය. රජය මේ […]

මාපාකඩ රක්ෂිතයේ සිදුවන පරිසර විනාශයක් ගැන අනාවරණයක්

මාපාකඩ රක්ෂිතයේ මායිම් පිරිසක් විසින් විනාශ කර ඇති බව බදුල්ල දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීමේදී අනාවරණය වී තිබේ. රක්ෂිතයේ මායිම්වල පවුල් 28 ක් වගා කරන බවත් ඒ තුලින් පරිසර හානිය විශාල ලෙස සිදුවන බවත් අනාවරණය වී ඇත. පානිය ජල අවශ්‍යතා සඳහා යෝග්‍ය නොවන පරිදි ජලය අපවිත්‍ර වී ඇති බවත් මේ නිසා පවුල් ලක්ෂයකට ආසන්න ප්‍රමාණයකට විශාල අසාධාරණයක් වී ඇති බවත් කෘෂිකර්ම […]

X-press pearl ඩොලර් වන්දිය යටයයිද ?

X-Press Pearl රසායනික බහාලුම් සහිත නෞකාව 2021.05.19 දින ලංකාවට අයත් මුහුදු තීරයේදී, ගිනි ගැනීමකට ලක් වන අතර එම නැව ගිනිබත් වීමෙන්, සමුද්‍ර පරිසරයට සහ ශ්‍රී ලංකාවට අයත් වෙරළ තීරයට බරපතළ ලෙස හානි සිදුවූ බව දැන් නොදන්නා කෙනෙක් නැති තරම්ය. එම නෞකාව ගිනි ගැනීම හේතුවෙන් කැස්බෑවන් ඇතුළු සමුද්‍ර ජීවීන් විශාල වශයෙන් මියගොස්, වෙරළ තීරයට ගොඩ ගැසූ අතර, දැවී ගිය රසායනික ද්‍රව්‍ය […]

චීනයට පටවන්න හදන රිළව් ගැන පරිසර හා සොබාදහම් අධ්‍යනය මධ්‍යස්ථානය ඉන්දියාවට ලියයි

ලංකාවේ රිළවුන් චීනයට ලබාදීමේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය දැනුවත් කිරීමට බලාපොරොත්තු වන බව පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය පවසයි. වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනත කඩ කරමින් ආණ්ඩුව මේ සිදුකරන වැඩපිළිවෙලට සිය විරෝධය දක්වන බවද පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය සඳහන් කරයි. එමෙන්ම ලංකාවට ආවේණික රිළවුන් චීනයට ලබාදීමේ වැඩපිළිවෙලින් ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ සංස්කෘතික බලපෑමක් ඇති බව බව පරිසර […]

ලංකාවේ ස්වභාවික සම්පත් වලට Debt For Nature Swaps හරහා ලෝක බැංකුව බළල් අත දමයි

. ශ්‍රී ලංකාව ලෝක බැංකුව (World Bank) හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ඇතුළු ජාත්‍යන්තර බැංකු වලින් ලබාගත් ණය වෙනුවට පරිසර සම්පත් හිලව් කිරීමේ පරිසරය සඳහා ණය (Debt for Nature) වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිත බව අප වෙත දැනගන්නට ලැබී ඇත. බැලූ බැල්මට මෙය ඉතාමත් හොඳ අවස්ථාවක් ලෙස අපට පෙනෙන්නට හැකිය. ආර්ථික අර්බුදයක සිටින ලංකාව මූල්‍ය ණය පියවා ගැනීම වෙනුවෙන් පාරිසරික සම්පත් […]

2022 පරිසර විනාශය ගැන පරිසර හා සොබාදහම් අධ්‍යයනය මධ්‍යස්ථානය පැවැත්වූ මාධ්‍ය හමුව

ශ්‍රී ලංකාවේ සිදු වූ මහා පරිමාණ පරිසර විනාශය හේතුවෙන් 1882 දී සියයට 83 ක් වූ වන ඝනත්වය සියයට 16 දක්වා අඩු වී ඇති බවත් 2022 ජනවාරි සිට දෙසැම්බර් 5 දක්වා කාලය තුළ මෙරට අලි මරණ සංඛ්‍යාව 395 ක් වාර්තා වී ඇති බවත් පරිසර හා සොබාදහම් අධ්‍යයනය මධ්‍යස්ථානය සඳහන් කළේය. පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය ඊයේ (04) පැවැත්වූ මාධ්‍ය හමුවකදී මේ […]