‘2010 සිට 2024 අගොස්තු 31 වැනිදා වන විට අලි මරණ 4326 ක්‘ – පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය

ඉදිරියේ දී පත්වන රජය වන අලි මිනිස් ගැටුම විසදිමට පලමුවෙන් ජාතික ඉඩම් පරිහරන සැලැස්මක් ක්‍රියාත්මක කළ යුතු බවත් එම සැලැස්ම තුළින් වනඅලි සහ මිනිසුන් අතර ගැටුම අවම කරන්නට සහ සතුන් සහ මිනිසුන් අතර තිබෙන ගැටුම් අවම කරන්න හැකියාවක් ලැබෙන බව පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ කාරක සභික දිමුතු සඳරුවන් සඳහන් කළේය. අලි මිනිස් ගැටුම හා පාරිසරික දේශපාලන අර්බුදය පිළිබඳව පරිසර […]

‘’රටේ සම්පත් අනාගත පරම්පරාවන්ට රැක දීමට සවිඥ්ඥානිකව මැදිහත් විය යුතුයි”

පසුගිය ආණ්ඩු මෙන් වර්තමාන ආණ්ඩුව ද 2048  ජාතික භෞතික සැලැස්මට අනුව රටේ මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති හරහා දැවැන්ත පරිසර හානියක් සහ ජාතික සම්පත් විදේශීයකරණයට ලක්කරමින් සිටින බව  පූජ්‍ය කාරියමඩිත්තේ ඤාණාරාම හිමියන් පැවැසූහ. අලි මිනිස් ගැටුම හා පාරිසරික දේශපාලන අර්බුදය පිළිබඳව පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය ආචාර්ය එන් එම් පෙරේරා කේන්ද්‍රයේ  පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී පූජ්‍ය කාරියමඩිත්තේ ඤාණාරාම හිමියන් මේ බව පැවැසූහ. […]

ලංකාව මුහුදට පෙලිතින් දමන රටවල් අතර පස්වැනි තැනට පත්වෙලා

ලංකාවේ වන ගහනය සියයට 25 ක් දක්වා වැඩිකිරීම , දේශගුණික විපර්‍යාස සඳහා මුහුණ දීමට ජනතාව හා පරිසරය සුදානම් කිරීම ,  ආර්ථික ප්‍රතිපත්ති හා සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරිමේදී  පරිසර ආර්ථිය සඳහා මුල් තැනක් ලබාදීම ඉදිරියේදී පත්වන ජනාධිපතිවරයාගේ ප්‍රධාන වගකීමක් බව පරිසරවේදී ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් මහතා පැවැසීය. අලි මිනිස් ගැටුම හා පාරිසරික දේශපාලන අර්බුදය පිළිබඳව පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය ආචාර්ය එන් එම් පෙරේරා කේන්ද්‍රයේ  […]

‘පරිසරයත් ආර්ථිකයත් නොගැටී යන ගමනකට ප්‍රතිපත්තිමය වෙනසක් සිදුකර අවසන්’ – ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම්

‘මිහිකත’ – ජාතික ජන බලවේගයේ පරිසර ප්‍රතිපත්තිය අද (31) කොළඹ පදනම් ආයතනයේදී එළිදැක්විණි.මේ සඳහා සහභාගි වූ පරිසරවේදී ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් මහතා මෙසේ පැවැසීය, ‘‘ලංකාව ලෝකයෙන්ම ප්‍රාථමික වනාන්තර විනාශ කරන රටවල් අතර හතරවෙනි ස්ථානයට පැමිණිලා තිබෙනවා. ලෝකයේ පස්වෙනි තැනට වැඩියෙන්ම ප්ලාස්ටික් පොලිතින් මහ පොළොවට එකතු කරන රටක් විදිහට ලංකාව අද වනවිට නම් කරලා තිබෙනවා. ඒ වගේම ලංකාවේ වන ගහනය පිළිබඳව දැඩි […]