බලශක්ති ව්‍යාපෘති හේතුවෙන් පරිසර පද්ධතිය වැනසෙයි ද?
යොජිත මන්නාරම සුළං බලාගාරය හේතුවෙන් සහ ඉදිකිරිමට සැලසුම් කර ඇති බලශක්ති ව්‍යාපෘති හේතුවෙන් රටේ පරිසර පද්ධතියට සහ වන සතුන්ට සිදුවන බලපෑම් පිළිබඳව පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය එන්. එම්. පෙරේරා කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවක්දී කරුණු අනාවරණය කළේය.
එහිදී අදහස් දැක්වූ පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ කාරක සභික දිමුතු සඳරුවන් මෙසේ පැවැසීය.
‘‘රාජපක්ෂ ආණ්ඩුව යුද්ධයෙන් පස්සේ නොරච්චෝලේ බලාගාරය ඉදි කරන්න චීනයෙන් උදව් ගත්තා. ඉන්දියන් ආණ්ඩුව එක්ක සාම්පූර්වල තව ගල්අඟුරු බලාගාරයක් ඉදිරි කරන්නත් එකඟතාවක් ඇති කරගෙන තිබුණා’ නමුත් පරිසර දූෂණය සහ ඉන්දියාවට ඉඩම් ලබාදීම සම්බන්ධයෙන් ජනතාවගෙන් පැමිණි විරෝධය මත එම ව්‍යාපෘතිය යට ගොස් තිබුණා.
අක්කර 800 ක් පමණ මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් වෙන්කර තිබූණා. එතැනදී විශාල ඉඩම් ප්‍රමාණයක් සාම්පූර් ව්‍යාපෘතිය වෙනුවෙන් වෙන් කරගෙන තියෙන බවට චෝදනා එල්ල වුණා.දැන් ගල් අඟුරු බලාගාරයක් වෙනුවට සූර්ය විදුලි බලාගාරයක් ඉදිකිරීමට ඉන්දියාව සූදානම්ව වනවා. මන්නාරම සුළං බල ව්‍යාපෘතිය අදානි සමාගම වෙත ප්‍රධානය කිරීමට විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය මේ වන විටත් තීරණය කර හමාරයි.
යොජිත සුළං බලාගාරය මන්නාරම ප්‍රදේශයේ හෙක්ටයාර් 202 ක ප්‍රදේශයක් ආවරණය වනවා. ව්‍යාපෘති භූමියේ ජල මූලාශ්‍ර වර්ග කිහිපයක් තිබෙනවා, අභ්‍යන්තර මතුපිට ජල මූලාශ්‍රවලට මෙම ව්‍යාපෘතිය තුලින් බලපෑමට ලක්වීමට නියමිතයි. මෙම භූමිය සංක්‍රමණික සමයේ වෙරළාශ්‍රිත පක්ෂීන්ට සහ දේශීය ජලජ, අර්ධ ජල පක්ෂීන්ට ආහාර සපයන භූමියක්.
යෝජිත සුළං බල ව්‍යාපෘති භූමිය සමීපයේ ආදම්ගේ පාලම රක්ෂිතය, විඩතලතිව් ස්වභාවික රක්ෂිතය සහ වන්කලෙයි රැම්සා තෙත් බිම යන රක්ෂිතයන් ඇති අතර සංචාරක පක්ෂීන්ගේ වාසභූමි.
මෙම ව්‍යාපෘති භූමියේ ශාක විශේෂ 123 ක් වාර්තා වනවා. ආව්ණික ශාක විශේෂ 02 ක් ද තර්ජනයට ලක්ව ඇති ශාක විශේෂ 07 ක් මෙම භූමියේ තිබෙනවා. එක් විශේෂයක් වදවීයාමේ දැඩි තර්ජනයට ලක්ව තිබෙනවා.තලෙයිමන්නාරම සහ ආදම්ගේ පාලම ඇතුළු මන්නාරම ප්‍රදේශය ජලජ පක්ෂීන්ට මෙන්ම වාර්ෂික සංක්‍රමණික පක්ෂීන්ට වැදගත්වන වාසස්ථානයකි.
ලංකාවෙන් වාර්තාව පක්ෂීන්ගෙන් විශේෂ 150 කට වඩා මෙම කලාපයෙන් වර්තා වනවා. සංක්‍රමණික සමයේ ජලජ පක්ෂීන් 200,000 කට පමණ වාසස්ථාන සපයනවා. මෙම යෝජිත සුළං බලාගාර ව්‍යාපෘති හරහා විශාල බලපෑමක් මෙන්ම ඉදිකිරීමට නියමිත ටර්බයිනවල පක්ෂීන් ගැටීමේ අවධානම ද ඉතා විශාල වශයෙන් සිදු වීමට නියමිතයි.
යාල / කුමන / වනෝද්‍යානයන්ට හා වත්තේගම කැබිලිත්ත රක්ෂිතයට මායිමිව කොටියාගල ප්‍රදේශයේ සුර්ය විදුලි බලාගාරයක් ඉදිකිරිමට යෝජනා කර තිබුණා. ඒ වගේම සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් හෙක්ටයාර 220 ක සුර්ය විදුලි බලාගාරයක් ඉදිකිරිමට ගිවිසුම් අත්සන් කළා. මෙම ප්‍රදේශ වල සාමාන්‍ය උෂ්නත්වය සෙන්ටිගේඩි අංශක 26කි.
විශාල භූමි ප්‍රමාණයක මෙම සූර්ය පැනල පිහිටුවිම නිසා එම අවට කලාපයේ උෂ්ණත්වය කෘතිමව ඉහල යාම හේතුවෙන් විශාල පාරිසරික බලපෑමක් එල්ල වෙන්න පුලුවන්. පානම කුරැලු අභය භූමියකට ,වනෝද්‍යාන දෙකකට විශාල රක්ෂිතයට මායිමිව මෙම භූමිය පිහිටා තිබෙනවා
මින් සතුනට ඇතිවිය හැකි බලපෑම ඉතා ඉහළයි. එමෙන්ම මෙම කෘතිමව උෂ්නත්වය වැඩිවිම අවට ගමිමාන වලට හා කෘෂි වගාවන්ටද බලපෑමි ඇති වීමට හැකියි. සූර්ය කෝෂවල ඊයම් සහ ආසනික් වැනි අන්තරායකර ද්‍රව්‍ය අඩංගු වන අතර ඒවා පැනල් තවදුරටත් භාවිතයේ නොමැති විට නිසි ලෙස බැහැර කළ යුතුය. එසේ නොකළොත් දැඩි පරිසර හානියක් සිදුවෙන්න පුලුවන්.
තවත් පාරිසරික ගැටළුවක් වන්නේ සූර්ය පැනල අපද්‍රව්‍යයි. සූර්ය කෝෂ නිසි ලෙස කළමනාකරණය නොකළහොත් විශාල අපද්‍රව්‍ය ප්‍රමාණයක් පරිසරයට බැහැර වනවා. ඒ වගේම ඉඩම් පරිහරණය පිළිබඳ ප්‍රශ්නය. සූර්ය බල ව්‍යාපෘති සදහා විශාල ඉඩක් ගන්නා අතර එයින් වනජීවී වාසස්ථාන කෙරෙහි බලපෑමක් ඇති වනවා. මෙම බලපෑම් අවම කර ගැනීමට ඇති හොඳම ක්‍රමය නම්, නිවාස යල වහල මත සූර්ය ස්ථාපනයන් භාවිතා කිරීමයි.‘‘
එහිදී අදහස් දැක්වූ පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ කාරක සභික කාරියමඩිත්තේ ඤාණාරාම හිමියෝ මෙසේ පැවැසූහ.
‘‘මන්නාරම සුළං බල ව්‍යාපෘතිය (අදියර 11) ඉදිකිරීම සහ සංවර්ධනය කිරීම, හිමිකම් සහ ක්‍රියාත්මක කිරීමේ ව්‍යාපෘතියක් ලෙස අදානි සමාගම වෙත ප්‍රධානය කිරීමට විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය මේ වන විටත් තීරණය කර හමාරය.
ටෙන්ඩර් කැදවීමකින් තොරව අමාත්‍ය මණ්ඩල තීරණයකට අනුව මෙම ව්‍යාපෘතිය සිදු කරයි. මෙ.වො 250 ක ධාරිතාවයකින් යුක්ත මෙ.වො 5.2 ක බැගින් වූ සුළං ටර්බයින 52 න් සමන්විත යොජිත සුළං බලාගාරය මන්නාරම ප්‍රදේශයේ හෙක්ටයාර් 202 ක ප්‍රදේශයක් ආවරණය කරමින්, මන්නාරම නගර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සහ ග්‍රාමනිළධාරි වසම් 10 ක් ආවරණය කරමින් ඉදිකිරීමට නියමිතය.
සුළං බලාගාර ඉදිකිරීම සුදුසු වෙරළාශ්‍රිත ප්‍රදේශයන් තිබිය දී මෙම ව්‍යාපෘතිය සිදු කිරීම මලගින් මන්නාරම් ප්‍රදේශයේ ජල මූලාශ්‍රවලට, ආවේණික වඳවීමේ තර්ජනයට මුහුණ දෙන ශාකවලට, රක්ෂිත ප්‍රදේශවල සහ රැම්සා තෙත් බිම්වල වාසය කරන ජලජ පක්ෂින්ට මෙන්ම විශේෂයෙන් දිවයිනට පැමිණෙන සංචාරක පක්ෂීන්ට ද විශාල තර්ජනයක් එල්ල වීමට නියමිතය.
මේ අයුරින් පුනර් ජනනීය බලශක්තියට අදාලව සුළං විදුලි බලාගාර, මෙන්ම සූර්ය විදුලි බලාගාරද වියලි කලාපීය ප්‍රදේශ අවරණය කරමින් ඉදිකිරීමට නියමිත අතර මේ සියල්ල සිදු කිරීමට බලාපොරොත්තු වන්නේ 2048 ට ජාතික භෞතික සැලැස්මට අනුවය.
ජාතික භෞතික සැලැස්මට අනුව ලංකාව බලශක්ති මධ්‍යස්ථානයක් බවට පත්කිරීමට බලාපොරොත්තුවන අතර ඒ සදහා චීනය, ඉංදියාව, ඇමරිකාව ඇතුළු රටවල් සහ විදේශිය සමාගම්, ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමග ගිවිසුම් ගතව මේ කටයුතු කිරීමට රජය දැනටමත් කටයුතු කරමින් පවති.
ඒ අනුව රට පුරා වනාන්තර, ජල, සත්ව ආරක්ෂිත ප්‍රදේශයන් ආවරණය කරමින් නිසි පාරිසරික අධ්‍යයනයන්ගෙන් තොරව ජන ජීවිතවලට සහ පරිසරයට තර්ජනයන් එල්ල කරමින් මෙම ව්‍යාපෘති සිදු කිරීමට බලාපොරොත්තු වන අතර ජනතාව ලෙස මේ දෙස පුළුල්ව අවධානය යොමු කල යුතුය. මන්ද ජාතික භෞතික සැලැස්ම ප්‍රශ්න නොකර, ආණ්ඩුව ඒයට අදාලව ක්‍රියාත්මක කරන ව්‍යාපෘති වෙන් වෙන්ව ගෙන විරෝධය දැක්වීම පලක් නොවන බවද අවබෝධ කරගත යුතුය.‘‘