වාරියපොල නෑටිය මහ වැවේ ප්‍රතිසංස්කරණ කටයුතු වසර 10 කට පසු සිදුකෙරේ
වාරියපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි නෑටිය මහ වැවේ ප්‍රතිසංස්කරණ කටයුතු වසර 10 කට පසු අද (07) දිනයේදී ආරම්භ කරනු ලැබීය.
ඒ අනුව නෑටිය මහ වැවේ සොරොව්ව අලුත්වැඩියාව, ඇළ වේලී පද්ධති ප්‍රතිසංස්කරණය , වැව් බැම්ම ප්‍රතිසංස්කරණය , රළපනාවන්හී ජල කාන්දු වන ස්ථාන ප්‍රතිසංස්කරණය කිරීම ආදී කටයුතු සිදුකළේය.
නුවරකන්ද රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය නැටියේ සීලරතන ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් නෑටිය මහ වැවේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකරනු ලැබූ අතර මේ සඳහා වාරියපොල කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේද සහාය ලැබී තිබුණි.
වැවේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා අවශ්‍ය වන ප්‍රතිපාදන නෑටිය පුබුදු ගොවි සංවිධානය සහ නෑටිය ග්‍රාම සංර්ධන සමිතිය ලබාදුන් බව නුවරකන්ද රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය නැටියේ සීලරතන ස්වාමීන් වහන්සේ පැවැසූහ.
එමෙන්ම වැවේ ප්‍රතිසංස්කරණ කටයුතුවලට අවශ්‍ය ශ්‍රම දායකත්වය නෑටිය ගම්මානයේ තරුණ පිරිස ලබාදුන් බවත් සීලරතන ස්වාමීන් වහන්සේ වැඩිදුරත් සඳහන් කළහ.