
මාස 8 ට අලි මරණ 271 ක් – අලි 57 ක් වෙඩි තබා ඝාතනය කරලා
දිනෙන් දින සිදුවන වනාන්තර එළි කිරීම නිසාත් , මිනිසුන් වනාන්තර ආශ්‍ීත ප්‍රදේශ වල තම වාසස්ථාන සාදාගැනීම , වගා බිම් සාදාගැනීම හේතුවෙන් අද වන විට අලි මිනිස් ගැටුම් උග්‍ර වී ඇත. තවද මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් අලින්ගේ ස්වභාවික වාසස්ථානද බොහෝ ලෙස සීමාවී ඇත.
අලින් පලවා හැරීමට මිනිසුන් විවිධ උපක්‍රම භාවිතා කරයි. ඒ අතර විදුලි වැටවල් ඉදිකිරීම , හක්කපටස් , මදු ගැසීම හා වෙඩි තැබීම ඒ් අතර ප්‍රධාන වේ. එයට අමතරව දුම්රිය ගැටීම , වගා ළිං වලට වැටීම ආදී වෙනත් හේතුන්ද අලි මරණ අනුපාතය ඉහළ යෑමට ප්‍රධාන වශයෙන් බලපා ඇත.
ශ්‍රී ලංකාවේ අලියා (Elephas maximus maximus) ආසියානු අලි විශේෂයට අයත් විශාලතම උප විශේෂයකි. එමෙන්ම සංරක්ෂණය සඳහා වන අන්තර්ජාතික ආයතනය (ICUN) මගින් තර්ජිත විශේෂයක් වශයෙන් මෙරට අලියා හඳුනා ගෙන තිබේ.
ජාතික සම්පතක් වශයෙන් මෙන්ම සංස්කෘතික සම්පතක් වශයෙන් ද මෙරට ප්‍රජාවගේ ගෞරවයට පාත්‍ර වන අලියා වසර ගණනාවක් තිස්සේ ගත කරන්නේ තර්ජනාත්මක දිවියක් බව වනජීවී විෂය පිළිබඳ අවබෝධයෙන් පසුවන ඕනෑම අයෙකුට වැටහෙනු ඇත. මේ තත්ත්වය මත සාධනීය වශයෙන් මෙරට අලි ගහනය රැක ගැනීමට හා වර්ධනය කර ගැනීම අනිවාර්යය. නමුත් වසරෙන් වසර සිදුවන්නේ වන අලි ගහනය සුරක්ෂිත වීමක් නොව උන්ගේ ඉරණම තීන්දු කිරීමක්ය.
මාස 8 ට අලි මරණ 271 ක්
ජනවාරි සිට අගෝස්තු දක්වා මාස 8 ක කාලය තුළ අලි මරණ 271 ක් වාර්තා වී ඇති බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ දත්ත සහ දිනපතා පුවත් පත් වාර්තා වලින් තහවුර වී කරගැනීමට අපට හැකියාව ලැබුණි.
මෙම අලි මරණ අතරින් අලි 57 ක් වෙඩි තබා ඝාතනය කර ඇති අතර 35 ක් විදුලි සැර වැදී මියගොස් ඇති අතර හක්කපටස් හේතුවෙන් අලි 21 ක් ද දුම්රියට හැපීමෙන් අලි 8 දෙනෙකුද මියගොස් ඇත.
අගෝස්තු මාසයේ සිදුවී ඇති අලි මරණ ගණන
අගෝස්තු 6 වැනිදා
කන්කසන්තුරේ සිට කොළඹ දක්වා ධාවනය වූ යාල්දේවි සීඝ්‍රගාමී දුම්රියේ ගැටී වන අලියෙකු මියගොස් තිබුණි.මහව සහ රන්දෙනිගම දුම්රිය ස්ථාන අතර දී මෙම අනතුරු සිදුව තිබුණි.
අගෝස්තු 7 වැනිදා
මුලතිව් ප්‍රදේශයේ යුද සමයේදී අටවන ලද බිම් බෝම්බයකට හසුවීමෙන් වන අලියෙකු මිය ගොස් තිබුණි. මුලතිව්, මල්ලාවි , විනායගපුරම් ප්‍රදේශයේ වැව් රක්ෂිතයේ තිබී මෙම සිරුර හමු වී තිබුණි.
බිම් බෝම්බයෙන් සත්වයාගේ පාදයකට බරපතළ හානි සිදුව ඇති අතර අවුරුදු 35-40 අතර වයසේ පසු වූ මෙම සත්වයා ජීවිතක්ෂයට පත්වන විටත් ගැබ්ගෙන සිටි බව අනාවරණය වී ඇත.
අගෝස්තු 8 වැනිදා
කැකිරාව ප්‍රදේශයේ ගැබ්බර ඇතින්නක් දඩයක්කරුවෙකුගේ වෙඩි පහරට හසුව මියගොස් තිබිුණි. වෙඩි තබා මරා දැමුණු ගැබ්බර මවගේ කුස තුළ පැටවෙකු ද සිට ඇත.
අගෝස්තු 18 වැනිදා
හොරොව්පතාන පාලුකඩවල ප්‍රදේශයේදී මරණයට පත්ව සිටි වන අලියෙකු හමුවී තිබුණි. ප්‍රදේශවාසීන් පවසන අන්දමට කුමන හෝ අසනීප තත්ත්වයක් නිසාවෙන් මෙම මරණය සිදුව ඇත.
අගෝස්තු 18 වැනිදා
හොරොව්පතාන 133 මරදන්කඩවල ග්‍රාම සේවා වසමේ මිනිගල ප්‍රදේශයේ කැකුණාවල වැව් ඉස්මත්තේ අවුරුදු 06 ක් පමණ වයසැති වල් අලියෙකු මියගොස් සිටියදී සොයාගෙන තිබේ
අගෝස්තු 19 වැනිදා
නවගත්තේගම මහමැද්දෑවේ ප්‍රදේශයේ හක්කපටස් නිසාවෙන් තුවාල වී සිටි අලි පැටවක කුඹුරු යායක් අසල සිට හමුව ඇත. පසුව අලිපැටවා ගම්මානයේ නිවසක් ආසන්නයට ගොස් මිදුලේ වැටී වේදනාවෙන් කෑ ගසා සිටිමින් සිටි ඇත. වේදනාවෙන් සිටි වයස මාස 7ක් පමණ වන අලි පැටවා මියගොස් තිබුණි.
අගෝස්තු 29 වැනිදා
වෙඩි සලකුණු කිහිපයක් තිබෙන අසාධ්‍ය තත්ත්වයේ පසුවූ අලියෙක් පොලොන්නරුව කුසුම්ගම කුණු බැහැර කරන මධ්‍යස්ථානයට නුදුරින් වැටී සිටියදී වනජීවි නිලධාරීන් (28)සොයාගෙන තිබුණි
අලියාගේ දකුණු කකුලට වඩෙි වැදී තිබුණි කෙසේ නමුත් (30) වැනිදා වෙඩි වැදුණු ගල්ලෑල්ලේ චන්ඩි මිය ගොස් තිබුණි.
අගෝස්තු 30 වැනිදා
තඹුත්තේගම – ගැමුණුපුර ප්‍රදේශයේ දී රජයේ රක්ෂිතයක් තුළ වන අලියෙකුගේ මළ සිරුරක් සොයා ගෙන තිබෙනවා.
මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 30-35 අතර සද්ධන්ත වන අලියෙකි.
වනජීවි නිලධාරීන් පවසන්නේ ජීවිතක්ෂයට පත් වූ වන අලියාගේ දේහය තුළ වෙඩි සලකුණක් හෝ විදුලි සැර වැදීමක් දක්නට නොලැබුණු අතර, මුඛයෙන් හා ගුද මාර්ගයෙන් ලේ වහනය වීමක් සිදුවන බව නිරීක්ෂණය වූ බවයි.
වාර්තාගත අලි මරණ
පසුගිය කාලය තුළ වන අලි මරණයට පත් වීම බහුලව දක්නට ලැබිණි. 2010 සිට 2022 දක්වා අවුරුදු 12 ක කාලය තුළ වන අලි 3765 ක් මිය ගොස් ඇති බව තොරතුරු දැන ගැනීමේ පනත මගින් ලබාගත් තොරතුරු වලින් තහවුරු වෙයි.
වන අලි ගහනය
අවසන් වරට මෙරට වන අලි සංගණනයක් පවත්වා තිබෙන්නේ 2011 වර්ෂයේ දීය. එම වකවානුවේ 5000 ඉක්මවූ වන අලින් සංඛ්‍යාවක් වාර්තා වී තිබේ.
එමෙන්ම දැනට පවතින නිල නොවන දත්ත අනුව වන අලි ගහණය 7000 කට ආසන්න තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇති බව වනජීවී දෙපාර්තමේන්තුව පවසයි.
2023 වසරේ අලි සංගණනයක් සිදුකරයි ද ?
2023 වසරේ දී මෙරට අලි සංගණනයක් පැවැත්වීමට තීරණය කර ඇතැයි පසුගිය වසරේ කෘෂිකර්ම වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ මහින්ද අමරවීර මහතා පවසා තිබුණි. අලි – මිනිස් ගැටුම වැලැක්වීම සඳහා පියවර ගැනීමේ දී දැනට ශ්‍රී ලංකාවේ සිටින වන අලි ගහණය සම්බන්ධයෙන් ස්ථිර දත්තවල අවශ්‍යතාවයක් පවතින බව ඇමැතිවරයා පවසා තිබුණි.
වන අලි ගම්වැදිමට ප්‍රධාන හේතුව පිළිබඳ පරිසරවේදී ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් මහතා මෙසේ අදහස් දැක්විය.
‘‘කඩිනම් මහවැලියෙන් පසුව අලි සඳහා වෙන්වී තිබුණ කැළැ සහ රක්ෂිත අභය භූමි විශාල සංඛ්‍යාවක් එළිවෙලා තිබෙනවා.අලි ගම් වැදීමට ප්‍රධාන හේතුවක් වන්නේ අලින්ට කෑම ගැනීමට තිබෙන භූමිය සහ අලිමංකවල් අහිමිවීම.අලින්ට අවශ්‍ය ජලය සහ ආහාර රක්ෂිත තුළ ප්‍රවාණවත්ව තිබුණා. අලියෙකුට දිනකට වතුර ලීටර 700 ත් 1000 ත් අතර ප්‍රමාණයක් අවශ්‍ය වනවා. කිලෝග්‍රෑම් 150 ක් වගේ දවසකට අලියෙකුට කෑම අවශ්‍ය වනවා. මේ දෙක සොයාගැනීම තමයි ඔවුන්ගේ ප්‍රධාන කාර්යය.
අලි මන්කඩවල් එළිවීම සහ කැලැ එළිවීම හේතුවෙන් අලින්ගේ සංක්‍රමණ රටා වලට දැඩි බලපෑමක් එල්ල වෙලා තිබෙනවා.
අලි අලුත් මාර්ග තෝරා ගන්නේ ඉතාමත් අඩු වශයෙන් තමයි ගමන් කරන්නේ. දෙමාපියන් සහ දරුවන් ගමන් කරන්නේ අවුරුදු ගනනාවක් ඔවුන් ගමන් කළ මාර්ග වල. ඒවට තමයි අලි මංකඩවල් කියන්නේ‘‘
විශේෂයෙන් පසුගිය කාලය තුළ සංවර්ධන ව්‍යාපෘති සඳහා ඉඩම් ලබා දීමේ දී වනසතුන්ට අයත් ඉඩම් කිසිදු සොයා බැලීමකින් තොරව ලබා දීම නිසා වන අලින්ගේ නිජබිම් අහිමිවීම අලි – මිනිස් ගැටුමට හේතුවී ඇත. එමනිසා ඉදිරියේ දී සංවර්ධන ව්‍යාපෘති සඳහා ඉඩම් ලබා දෙන්නේ නම් වන අලි හා වෙනත් දුර්ලභ සතුන් ගැවසෙන වනාන්තර ආශ්‍රිත ඉඩම් සම්බන්ධව දැඩි තීන්දු තීරණ ගත යුතුව තිබේ.
සටහන – දිමුතු සඳරුවන් ධර්මසිරි
පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය