මාපාකඩ රක්ෂිතයේ සිදුවන පරිසර විනාශයක් ගැන අනාවරණයක්
මාපාකඩ රක්ෂිතයේ මායිම් පිරිසක් විසින් විනාශ කර ඇති බව බදුල්ල දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීමේදී අනාවරණය වී තිබේ.
රක්ෂිතයේ මායිම්වල පවුල් 28 ක් වගා කරන බවත් ඒ තුලින් පරිසර හානිය විශාල ලෙස සිදුවන බවත් අනාවරණය වී ඇත.
පානිය ජල අවශ්‍යතා සඳහා යෝග්‍ය නොවන පරිදි ජලය අපවිත්‍ර වී ඇති බවත් මේ නිසා පවුල් ලක්ෂයකට ආසන්න ප්‍රමාණයකට විශාල අසාධාරණයක් වී ඇති බවත් කෘෂිකර්ම කමිටු රැස්වීමට පැමිණ සිටි ගොවි සංවිධාන නියෝජිතයන් සඳහන් කළේය.
එම නිසා ඒ ගොවීන් සඳහා පොහොර ලබා දීම නතර කර තිබෙන බවත් බදුල්ල දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීමේදී සාකච්ඡා වී තිබේ.
කෘෂිකර්ම කමිටු රැස්වීම ඊයේ (27) බදුල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් නිරෝෂා හපුහින්න මහත්මියගේ ප්‍රදානත්වයෙන් බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
මෙම අවස්ථාවට දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ එච්.යූ.ගුණවර්ධන මහතා , ප්‍රාදේශීය ලේකම්වරුන් හා ආයතන ප්‍රධානීන් එක්ව සිටියහ.