දූවිලි අංශුවලින් කොළඹ අහස වැසී යයි – දැන් ඉන්දියාවට බනිමුද ?
ශ්‍රී ලංකාවේ ප්‍රධානම වායු දූෂණය වැඩි නගර වන්නේ කොළඹ , නුවර , කුරුණෑගල වැනි නගරය. පහත වගු බලන විට දෙසැම්බර් 6, 7,8 ,9 දින වල කොළඹ අවට වායුව ඉතාමත් අධික ලෙස දූෂණය වී තිබෙන බව වායු දූෂණය මනින IQA ඒකකය මගින් පෙන්වා දී තිබේ.
ඉන්දියාවේ මුම්බායි , දිල්ල වැනි කාර්මික නගර වලින් පිටවන අධික විෂ සහිත වායු සුළඟේ වෙනස්වීමත් සමඟ ලංකාව දෙසට ගමන් කරන්නට පටන් ගෙන ඇත. සුළඟ වෙනස් වන විට කොළඹ දූෂිත වායුවත් ඉන්දියාව දෙසට හමන අවස්ථා ඇත.
ගැටලුව වී ඇත්තේ සුළඟේ නොව අධික ලාභය උදෙසා පරිසරය විනාශ කරමින් පවත්වාගෙන යන කර්මාන්තශාලා සොබාදහමට දැවැන්ත හානියක් සිදුකරමින් සිටීමයි.
එය ඉන්දියාවේත් , ලංකාවේත් එකසේ ක්‍රියාත්මකයි. කාබන් ඩයොක්සයිඩ් වායුව ඔසිජන් බවට පරිවර්තනය කිරීමේ හැකියාව ඇති මෙරට වනාන්තර ප්‍රමාණය 1882, 82% තිබුණද. එය 2022 වන විට 16% දක්වා අඩුවී ඇත.
වායුවේ ඇත්තේ දූෂිත වායු කොටස් පමණක් නොව, Small particals නැත්නම් වායුව සමඟ ගමන් කරන දූවිලි අංෂුවේ සිට එයට වඩා විශාල නොයෙකුත් අංශු වායුව සමඟ ගමන් කරයි.
ලංකාවේ නම් එය මැනෙන්නේ ද නැත. අනෙක් අතින් ඉන්දියාවේ Center Environment Bord and ලංකාවේ center Environment Authority එක්ව දකුණු ආසියානු කලාපයේ මෙවැනි දූෂණ කාරී තත්ත්වයකදී කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳවසාකච්ඡා ආරම්භ කළ යුතුය.
අදානි සමාගමට ඉඩම් විකිණීමට සාකච්ඡා කිරීමට පෙර ජනතාව ගැන හිතන රාජ්‍යයක් නම් සාකච්ඡා කළ යුත්තේ මෙවන් ව්‍යසනකාරී තත්ත්වයකදී දූපත් රාජ්‍යයක් වන අප මුහුණ දෙන්නේ කෙසේද යන්නයි.