ISSUES
භූ විද්‍යා පතල් අධ්‍යක්ෂක මහවැලි ගඟේ වැලි ජාවාරමක

භූ විද්‍යා පතල් අධ්‍යක්ෂක මහවැලි ගඟේ වැලි ජාවාරමක

අක්කර 3000 ක මිරිස් වගාවක් පවත්වාගෙන යන මුවාවෙන් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ සාෆි නගර් ප්‍රදේශයේ මහා පරිමාණ වැලි ජාවාරමක් සිදුවෙමින් පවතින බව පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධිකාරක, පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම් මහතා ”එක්ස්පෝෂර්” වෙත පැවැසීය.

මහවැලි ගඟේ ස්වභාවික ඩෙල්ටාවක් වශයෙන් වර්ධනය වන සාෆි නගර් ප්‍රදේශයේ මෙම වැලි ජාවාරම සිදුකරන බවත් භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශයේ අධ්‍යක්ෂකවරයාගේ අනුග්‍රහය ඇතිව මෙම පරිසර විනාශය සිදුවන බවත් පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය සඳහන් කළේය.

භූ විද්‍යාඥ  හා  හා පතල් කාර්යංශයේ අධ්‍යක්ෂකවරයාට අමතරව ‍තවත් දේශපාලනඥයින් පරිසක් මෙම පරිසර විනාශය පසුපස සිටින බවත්  පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය පැවැසීය.                                      

මෙම වැලි ජාවාරම නිසා මේ වන විට සාෆි නගර් ප්‍රදේශයේ මහවැලි ගඟේ සංවේදී පරිසර කලාපය තුළ වර්ග අඩි 40 ක පමණ ප්‍රමාණයේ විශාලත්වයෙන් යුතු විශාල වළවල් හාරා වැලි ජාවාරම සිදු කර ගෙන ගිය ආකාරය දැකගැනීමට හැකි බවත් එම මධ්‍යස්ථානය සඳහන් කළේය.                                                                

මෙම වැලි ජාවාරම් සිදුකරන සාෆි නගර් ප්‍රදේශයේ හෙක්ටයාර 27 ක වැලි කැණීම සඳහා බලපත්‍ර භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ වර්තමාන සභාපතිවරයා විසින් ලබා දී ඇති බවත්  පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ පැවැසීය.                                                                                                                                         
පරිසර හා ස්වභාදහම් අධ්‍යයන අධ්‍යන මධ්‍යස්ථානය විසින් 2021 වර්ෂයේ මේ බව අනාවරණය කළ බවත් හිටපු පාරිසරික ඇමති මහින්ද අමරවීර මහතා කියා සිටියේ කිසිඳු නීති විරෝධී වැලි ජාවාරමක් සිදු නොවන බවත් මිරිස් වගාවක් උදෙසා අවසර ලබාදී ඇති ලබා දී ඇති බවත්ය.                                                            

නමුත් මේ සම්බන්ධව විමර්ශන කමිටුවක් පත්කරන බව මහින්ද අමරවීර මහතා කියා සිටියත් එවැනි විමර්ශන කණ්ඩායමක් සිදුකළ විමර්ශනයක් හෝ වාර්තාවක් වත් මේ වනතෙක් නොමැති බවත් පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය පැවැසීය.                                                            

2001 වර්ෂයේ සිට 2022 සිදු වූ මහා පරිමාණ වැලි ජාවාරම සම්බන්ධව පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය විසින්  google earth යොදා ගනිමින් සිතියමක් සකස් කළ අතර ඒ අනුව දැනට විශාල වශයෙන් වැලි ජාවාරම සිදු වූ ස්ථාන පහත ඡායාරූපයේ හා වගුව තුළ දැක ගැනීමට හැකිය.

නීති විරෝධී ලෙස  භූ විද්‍යා හා පතල් කාර්‍යංශයේ අධ්‍යක්ෂකවරයා නිකුත් කර තිබූ බලපත්‍ර මේ වනවිට අත්හිටුවා තිබුණත් බලපත්‍ර වල ඡායාපිටපත් යොදාගනිමින් වැලි ජාවාරම්කරුවන් වැලි කැණීම් සිදුකරගෙන යන බවත් පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය වැඩිදුරටත් කීය.
                                                        
නීති විරෝධී ලෙස නිකුත් කළ IML/A/HO/N/15582 වැලි බලපත්‍රය භාවිතා කරමින් දේශපාලන උදව් ඇතුව මෙම ජාවාරම ක්‍රියාත්මක වෙමින් තිබෙන බවත් එම මධ්‍යස්ථානය හෙතෙම පැවැසීය

භූ විද්‍යා පතල් කාර්‍යංශයශය විසින් මහා පරිමාණ කැණිම් සඳහා බලපත්‍ර නිකුත් කරන්නේ නම් ඒ සඳහා පාරිසරික තක්සේරුවක්  සිදු කර මෙම පරිසර පද්ධතියේ සංවේදීතාවය පිළිබද අධ්‍යයනය කළ යුතුය. එසේ නොමැතිව මහා පරිමාණ වැලි කැණීම් බලපත්‍ර නිකුත් කිරීම නීති විරෝධි ක්‍රීයාවලියකි. එලෙස නීති විරෝධී වැලි ගොඩ දැමීමක් නැවැත්වීම සඳහා පරිසර ඇමතිවරයාට බලතල ඇතත් භු විද්‍යා හා පතල් කාර්‍යංශයේ අධ්‍යක්ෂකවරයාගේ දේශපාලන බලතල භාවිතා කර මෙම පරිසර විනාශය සිදුවන බවත් පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය සඳහන් කළේය.

සාෆි නගර්  ප්‍රදේශයේ සුලු පරිමාණ වැලි කැණීම් සඳහා ප්‍රදේශවාසීන් විසින් බලපත්‍ර ඉල්ලා සිටියද කූඩ මගින් වැලි ගැනීමෙන් මෙම ස්වභාවික පරිසර පද්ධතියට හානි විය හැකි බව පවසා භූ විද්‍යා පතල් කාර්යංශය එය ප්‍රතික්ෂේප කර තිබේ.

මහවැලි ගඟ පරිණාමිකව ගලා යාමෙිදී ස්වභාවික ලෙස නිර්මාණය වූ ජල තටාක හා වැලි නිධි විශාල ප්‍රමාණයක්  සාෆි නගර් ප්‍රදේශයේ ඇති බවත් එම වැලි නිදි එම ප්‍රදේශවලින් ඉවත් කිරීම කරන්නේ නම් ඒ සඳහා නිසි අධ්‍යනයක් කළ යතු  බවත් පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය සඳහන් කළේය.                                                                  ‍‍‍‍

වැලි කැණීම් වලට අවසර ලබා දෙන්නේ නම් කැණීම් වලින් අනතුරැව ඇති විය හැකි ව්‍යවසනයක් පාලනය කිරිමට හැකිනම් පමණක් බවත් නමුත් මෙහිදී දේශපාලනික බලපෑම් මත කිසිඳු විද්‍යාත්මක පදනමක් නොමැතිව මෙම වැලී කැණිම් මේ වනවිට සිදුකරමින් ඇති බවත් එම මධ්‍යස්ථානය පවසයි.                                

2021/57/LS අංකයෙන් නිකුත් කළ 2021 ත්‍රිකුණාමලය ප්‍රදේශයේ වැලි කැණිම් සම්බන්ධව කළ වාර්ථාවට අනුව අධික ප්‍රමාණයක් වැලි බලපත්‍ර දැනටමත් නිකුත් කර ඇති නිසා එමගින් මහ වැලි ගගේ ඉවුරට විශාල හානි සිදුවී ඇති බවත් එමෙන්ම  ප්‍රදේශයේ ලවණ තාවය වැඩි වී ඇති බවත් පර්යේෂණ මගින් සනාථ වී ඇති බවත්  පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය සඳහන් කළේය.                                                                  ‍‍‍‍                  

එමෙන්ම මේ වන විට මහවැලි  ගංඟාවේ  දකුණු ඉවුරට පමණක් ලබාදුන් වැලි ගොඩ දැම්මේ  බලපත්‍ර වම් ඉවුරටත් ලබාදී ඇති අතර සේරුවාවිල සිට කින්නියා ප්‍රදේශය දක්වා කිලෝමිටර් 22 තුළ වැලි බලපත්‍ර 1300 ලබා දී ඇති බව පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධිකාරක, පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම් මහතා ”එක්ස්පෝෂර්” වෙත පැවැසීය.

වැලි ගොඩ දැමීම නිසා කන්තලේ හා සේරුවාවිල ප්‍රදේශවල ලවණතාවය වැඩි වී ගොවිතැන් විනාශ වෙමින් තිබෙව බවත්  පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය සඳහන් කළේය.                                           

මහවැලි ගඟ මෙරට ඇති ප්‍රධානම ගංගාවක් ය. පොලොන්නරුව හා ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ එල්ලංගා පරිසර පද්ධතිය සක්‍රීය කරන ප්‍රධාන ජල වාහක ද වේ. මහාපරිමාණ වැලි කැණීම් නිසා භූගත ජලජ පරිසර පද්ධතිය විනාශ වී ඇති අතර එය වාරි පරිසර පද්ධතියටත් අහිතකර ලෙස බලපාමින් ඇත. 

එමෙන්ම අලුත් අයවැය නිකුත් නිකුත්වීමත් සමඟ මෙරට ඛනිජ සම්පත් දැඩි අවදානමකට පත්වී ඇති අතර රජය එම ඛනිජ සම්පත් ද කුණු කොල්ලයට විකුණා දැමීමේ උත්සාහයක නිරත වන බව පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය සඳහන් කළේය.                                     

Leave a Reply

Your email address will not be published. Required fields are marked *