ISSUES
හලෝ කියන්න සංඥා දෙන්න<br>නියදගල බිල්ලට දෙන්න යයි

හලෝ කියන්න සංඥා දෙන්න
නියදගල බිල්ලට දෙන්න යයි

මාතර දිස්ත්‍රික්කයේ මුලටියන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගම්මැදගම ග්‍රාම නිලධාරී වසමේ පිහිටි ඓතිහාසික නියදගල  කන්ද මේ වනවිට විනාශ කර දැමීමේ උත්සාහයක් පවතින බව පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක රවින්ද්‍ර කාරියවසම් මහතා පැවැසීය.

ඒ ප්‍රසිද්ධ සමාගමක් විසින් සිය දුරකතන සංඥා කුළුණු කිරීමට දරන උත්සාහයත් සමඟයි.

කිසිදු අවසරයකින් තොරව දුරකතන සංඥා කුළුණ ඉදි කිරිම සඳහා 2021 අගෝස්තු 18 වැනිදා ආයතනයක් විසින් උත්සාහ දරණ අවස්ථාවේදී පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය සහ ප්‍රදේශවාසීන් ඉදිරිපත්ව දක්වනු ලැබූ විරෝධය හේතුවෙන් අදාළ දුරකථන සංඥා කුළුණ ඉදි කිරීම එම ආයතනය විසින් තාවකාලිකව නවතා දමනු ලැබීය.

නැවතත් 2021  ඔක්තෝම්බර් 02 වැනිදා එම දුරකථන සංඥා කුළුණ ඉදිකිරීම වෙනුවෙන් අදාළ සමාගම එම ස්ථානයට පැමිණ මැනුම් කටයුතු කිරීම ආරම්භ කරන ලදී.

2022 ඔක්තෝම්බර් 18 වැනිදා අදාළ දුරකථන සංඥා කුළුණ ඉදිකිරීම වෙනුවෙන් එම, මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් , ප්‍රාදේශීය ලේකම්වරිය, හා පොලිසිය පැමිණ මෙය ඉදිකිරීමට අවශ්‍ය කටයුතු ආරම්භ කර තිබේ.

එහිදී ජනතාව මෙම කුළුණ ඉදිකිරීමට විරුද්ධ වන බව පැවසුව ද ප්‍රාදේශීය ලේකම්වරිය එය සවන් නොදී දුරකථන සංඥා කුළුණ ඉදිකිරීම වෙනුවෙන් අවශ්‍ය ස්ථානයද, එම දුරකථන කුළුණ ඉදිකිරීමට අවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය වෙනුවෙන් වනාන්තරය මැදින් කිලෝමීටරයක පමණ මාර්ගයක් ද ඉදිකිරීම වෙනුවෙන් සාකච්ඡා පවත්වා තිබේ.

මුලටියන ප්‍රාදේශීය ලේකම්වරියගේ මෙම ක්‍රියා කලාපයත්,  දුරකතන කුළුණ හිමි සමාගමේ ක්‍රියා කලාපයත්, පරිසර සංවිධානයක් ලෙස අපි හෙළා දකින්නෙමු.

ඊට හේතුව, මෙම කුළුණ ඉදි කරන ප්‍රදේශයේ ස්වභාවික වනාන්තරය මෙන්ම වන සතුන්ට උරුම ගහ කොල, මෙම කුළුණ සහ මාර්ගය ඉදිකිරීම හේතුවෙන් විනාශ වී යන නිසා.

නියදගල  කන්දේ වටිනාකම

නියඳගල වන වදුල අක්කර 14 කින් යුක්ත අතර,  මෙම කන්දෙන් කුඩා ජල දහරාවන් විශාල ප්‍රමාණයක් ආරම්භ වන අතර මුලටියන හා හඳුගල ප්‍රදේශ ඉන් පෝෂණය කරයි.

ස්වාභාවික ශාක, සත්ව සන්හතියක් පිරිවරා ගෙන සිටින මෙම  හුදෙකලා කන්ද, “නියඳගල” යනුවෙන් හදුන්වා ඇත්තේ මෙම ස්ථානයේ නියඳ (Sansevieria zeylanica) නම් ඖෂධ තිබෙන නිසා යැයි ජනප්‍රවාදයේ පවතින මතයකි.

අද වන විට වුවත්  නියඳගල කන්ද තුළ නියඳ  ඖෂධීය ශාකය සමග ඖෂධීය ශාක ගණනාවක් දැකගැනීමට හැකිය. 

අංකෙන්ද(Acronychia pedunculata), කොබ්බෑ(Allophylus cobbe), අක්කපාන (Kalando Pinata)), ඉර මුසු(Hemidesmus indicus), කප්පර වල්ලිය(Cuban oregano),  මුස්සැන්ද (Mussaenda frondosa), සදුන්, දිවි කදුරු (Tabernaemontana dichotoma), කැකුණ(Canarium zeylanicum), කටුපිල  (Flueggea leucopyrus),  අහු (Morinda citrifolia), එල ඔලිද ( Abrus melanospermus), වැනි ඖෂධීය ශාක ද, විශාල ශාක විවිධත්වයක් ද මෙම ප්‍රදේශයේ දක්නට ඇත.    

අදටත්, පාරම්පරික වෙදදුරන් මෙන්ම ගම්වාසීන් ඖෂධ සොයා මෙම වනාන්තරයට පැමිණෙයි. ස්වභාවික සම්පත් වලට අමතරව ප්‍රදේශවාසීන් තමන්ගේ ආගමික කටයුතු සිදු කරන ආරණ්‍ය පිහිටා ඇත්තේ ද මෙම නියඳගල වනාන්තරය තුළය.

දුරකතන හා දුරකතන තරංග මගින් සිදුවිය හැකි බලපෑම  

සුපුන් ශර්මා,  ලිනා පර්හිර් විසින් පංජාබ් විශ්ව විද්‍යාලයේ  දුරකථන හා එහි තරංග මගින් සිදුවිය හැකි බලපෑම සම්බන්ධව සිදුකරන ලද, “Effect of Mobile Phone Radiation on Nodule Formation in the Leguminous Plants” පර්යේෂණයට අනුව ඔවුන් කියා සිටින්නේ දුරකථන සංඥා තරංග මගින් කායික විද්‍යාත්මක හා රසායන විද්‍යාත්මක බලපෑමක්   ශාකවලට සිදුවිය හැකි බවයි. උපුටා දැක්වීම, “Trigonella foenumgraecum (Fenugreek).  It was observed that the radiations emitted from mobile phone show considerable increase in the germination percentage, seedling length, proteins, lipid and Guaiacol content in comparison to control seeds. Different exposure time treatments were taken for the study as ½ hour, 1 hour, 2 hour, 4 hour and 8 hour. The biochemical parameter increases with increase in the radiation exposure. The study concluded that radiations emitted from mobile phone interfere with both morphological and the biochemical processes and affect the growth and nodule formation in the plants”                                                               

මේ අනුව වනාන්තර තුළ දුරකථන කුළුණු ඉදිකිරීම එම වනාන්තර තුළ වෙසෙන සත්ව හා ශාක ප්‍රජාවට අහිතකර බලපෑම් ගෙන එන බවට තහවුරු වී ඇත.

එමෙන්ම ඉහත දුරකථන කුළුණ ඉදි කිරීමට උත්සාහ කරන සීමාවේ මිනිසුන් ජීවත්වෙන ප්‍රදේශයක් ද ඇත. එහෙත් ජනතාවටත්, පරිසරයටත් විශාල බලපෑමක් එල්ල කළ හැකි බැවින් මෙම දුරකථන කුළුණ මෙම ප්‍රදේශයේ ඉදි නොකිරීමට හා ඒ සඳහා අවසර දීමට ප්‍රාදේශීය ලේකම්වරිය උත්සාහ නොකළ යුතුය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *