පරිසර ඇමති තුට්ටුවට දමා පතල් කාර්යාංශ ලොක්කාගේ අනුමැතියෙන් සාෆි නගර් හාරයි
අක්කර 3000 ක මිරිස් වගාවක් පවත්වාගෙන යන මුවාවෙන් මහවැලි ගඟේ ස්වභාවික ඩෙල්ටාවක් වශයෙන් වර්ධනය වන ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ සාෆි නගර් (Safi Nagar)ප්‍රදේශයේ මහා පරිමාණ වැලි ජාවාරමක් මේ වන විට සිදුවෙමින් පවතින බව පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය සඳහන් කළේය.
මෙම වැලි ජාවාරම නිසා මේ වන විට සාෆි නගර ප්‍රදේශයේ මහවැලි ගඟේ සංවේදී පරිසර කලාපය තුළ වර්ග අඩි 40 පමණ ප්‍රමාණයේ විශාලත්වයෙන් යුතු විශාල වළවල් හාරා වැලි ජාවාරම සිදු කර ගෙන ගිය ආකාරය දැකගැනීමට හැකි බවද එම මධ්‍යස්ථානය පැවසීය.
භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ සභාපති මංජුල ප්‍රසාද් සේනාරත්න මෙම වැලි ජාවාරමේ ප්‍රධානියා ලෙස ක්‍රියා කරන අතර සාෆි නගර්වල හෙක්ටයාර 27 ක් සඳහා මේ වන විට බලපත්‍ර නිකුත් කර ඇත.
පරිසර හා සොබාදහම් අධ්‍යයන අධ්‍යන මධ්‍යස්ථානය විසින් 2021 වර්ෂයේ මේ බව අනාවරණය කළ ද හිටපු පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා කියා සිටියේ කිසිදු නීති විරෝධී වැලි ජාවාරමක් සිදු නොවන බවත් මිරිස් වගාව සඳහා අවසර ලබාදී ඇති බවත්ය.
නමුත් මේ සම්බන්ධව විමර්ශන කමිටුවක් පත්කරන බව මහින්ද අමරවීර මහතා පැවැසුවත් එවැනි විමර්ශන කණ්ඩායමක් සිදුකළ විමර්ශනයක් හෝ වාර්තාවක් මේ වනතෙක් නොමැති බවද පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය සඳහන් කළේය.
2001 වර්ෂයේ සිට 2022 වර්ෂය දක්වා සිදු වූ මහා පරිමාණ වැලි ජාවාරම සම්බන්ධව පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය විසින් (google earth) යොදා ගනිමින් සිතියමක් සකස් කළ අතර ඒ අනුව දැනට විශාල වශයෙන් වැලි ජාවාරම සිදු වූ ස්ථාන පහත ඡායාරූපයේ දැක ගැනීමට හැකිය.
භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ අවශ්‍යතාවය මත අහංගම වැලි කැණිම් සමාගමට මේ වනවිට බලපත්‍ර නිති විරෝධී ලෙස භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශයේ අධ්‍යක්ෂකවරයාගේ අවශ්‍යතාවය මත නිකුත් කර එම බලපත්‍ර අත්හිටුවා තිබුණත් බලපත්‍ර වල ඡායාපිටපත් යොදාගනිමින් වැලි ජාවාරම්කරුවන් මහවැලි ගඟේ වැලි කෑණීම් සිදුකරන බව පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය සඳහන් කළේය.
ස්වභාවික ඩෙල්ටාවක මහා පරිමාණ වැලි කැණිමට අවසරදීම නිතිවිරෝධී බව පරිසර ඇමති මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කර තිබූ අතර ඒ සඳහා තමන් පරීක්ෂණයක් කරන බව මාධ්‍යයට ද පවසා තිබුණි.
නිති විරොධි ලෙස නිකිත් කළ (IML/A/HO/N/15582) වැලි බලපත්‍රය භාවිතා කරමින් දේශපාලන සහය ඇතිව මෙම ජාවාරම ක්‍රියාත්මක වෙමින් පවතියි.
භූ විද්‍යා පතල් කාර්යංශයශය විසින් මහා පරිමාණ කැණිම් සඳහා බලපත්‍ර නිකුත් කරන්නේ නම් ඒ සඳහා පාරිසරික තක්සේරුවක් සිදු කර මෙම පරිසර පද්ධතියේ සංවෙිදීතාවය පිළිබද අධ්‍යයනය කළ යුතුය.
එසේ නොමැතිව මහා පරිමාණ වැලි කැණීම් බලපත්‍ර නිකුත් කිරීම නීති විරෝධි ක්‍රියාවලියකි.
සාෆි නගර් ප්‍රදේශයේ සුළු පරිමාණ වැලි කැණීම් සඳහා ප්‍රදේශවාසින් විසින් බලපත්‍ර ඉල්ලා සිටියද කූඩ මගින් වැලි ගැණීම මෙම ස්වභාවික පරිසර පද්ධතියට හානි විය හැකි බව පවසා භූ විද්‍යා පතල් කාර්යංශය එය ප්‍රතික්ෂේප කර තිබිණි.
මෙම ප්‍රදේශයේ අනවසර මහා පරිමාණ යන්ත්‍ර සූත්‍ර යොදා වැලි කැණීමට අවසර දී ඇති සාෆි නගර් ප්‍රදේශය මහවැලි ගඟ විසින් පාරිණාමිකව ගලා යාමේදී ස්වභාවික ලෙස නිර්මාණය වූ ජල තටාක හා වැලි නිධි විශාල ප්‍රමාණයක් ඇත. නමුත් එම වැලි නිදි එම ප්‍රදේශවලින් ඉවත් කිරීම කරන්නේ නම් ඒ සඳහා නිසි ලෙස අධ්‍යනයක් කළ යතුය.වැලි කැණීමකට අවසර ලබා දෙන්නේ ද වැලි කැණීම් වලින් අනතුරැව ඇති විය හැකි ව්‍යවසනයක් පාලනය කිරිමට හැකිනම් පමණයි.
නමුත් මෙහිදී දේශපාලන බලපැම් මත කිසිදු විද්‍යාත්මක පදනමක් නොමැතිව මෙම වැලී කැණිම් මේ වනවිට සිදුකරමින් ඇත.
(2021/57/LS)අංකයෙන් නිකුත් වනු 2021 ත්‍රිකුණාමලය ප්‍රදේශයේ වැලි කැණිමි සම්බන්ධව කළ වාර්ථාවට අනුව අධික ප්‍රමාණයක් වැලි බලපත්‍ර දැනටමත් නිකුත් කර ඇති නිසා එමගින් මහවැලි ගඟේ ඉවුරට විශාල හානි පැමිණ ඇති බව පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය සඳහන් කළේය.
එමෙන්ම ප්‍රදේශයේ ලවණ තාවය වැඩි වී ඇති බවට පර්යේෂණ මගින් සනාත වී ඇති අතර මේ වන විට මහවැලි ගඟේ දකුණු ඉවුරට පමණක් ලබාදුන් වැලි ගොඩ දැම්මේ බලපත්‍ර වම් ඉවුරටත් ලබාදී ඇති අතර සේරුවාවිල සිට කින්නියා ප්‍රදේශය දක්වා කිලෝමිටර් 22 තුළ වැලි බලපත්‍ර 1300 ලබා දී තිබෙන බව පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය පැවැසීය.
මෙම හේතුව නිසා ප්‍රදේශයේ බරපතල පාරිසරික හානියක් සිදුවී ඇති අතර මේ වන විට කන්තලේ හා සේරුවාවිල ගොවි ව්‍යාපාරවල අක්කර හැට දහසක් පමණ වගා කරන අතර වැලි ගොඩ දැමීම නිසා ඇති වී ඇති ලවණතාවය හේතුවෙන් බරපතල ලෙස වී ගොවිතැන් විනාශ වෙමින් තිබේ.
මහවැලි ගඟ මෙරට ඇති ප්‍රධානම ගංගාවක් වන අතර පොලොන්නරුව හා ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ එල්ලංගා පරිසර පද්ධතිය සක්‍රීය කරන ප්‍රධාන ජල වාහක ද වේ.
මහාපරිමාණ වැලි කැණීම් නිසා භූගත ජලජ පරිසර පද්ධතිය විනාශ වී ඇති අතර එය වාරි පරිසර පද්ධතියටත් අහිතකර ලෙස බලපෑම් එල්ල වී ඇත. එම නිසා පරිසර අමාත්‍යාංශය, භූ විද්‍යා හා පතල් කාර්යංශය මේ සම්බන්ධව තමන්ගේ අවධානය යොමුකළ යුතුය.