FEATURES
විල්පත්තු වනෝද්‍යානයේ පේරණ කලාපය නැවත වනසයි

විල්පත්තු වනෝද්‍යානයේ පේරණ කලාපය නැවත වනසයි

කොමාරිකා වගාව වෙනුවෙන් විල්පත්තු ජාතික වනෝද්‍යානයේ පෙරණ කලාපය තව දුරටත් විනාශ කරමින් ඇත.

පසුගිය වසරේද අප පෙන්වා දුන් පරිදි විල්පත්තු ජාතික වනෝද්‍යානයේ පෙරණ කලාපය රාජාංගනය යාය 18 ගම්මානය අවසානයේ ඇති කෑලෑ මෙලෙස එළි කරන්නේ ‘’අවුරා ලංකා පුද්ගලික සමාගම’ විසිනි. දැනට පෙරණ කලාපයේ එළි කර ඇති ප්‍රදේශය අක්කර 1300 ආසන්නය .

කොමාරිකා වගාවක්  පර්යේෂණාගාරයක්  , විශාල ක්‍රීඩා පිටියක් පැලතවානක්  හා කර්මාන්ත ශාලාවක් වෙනුවෙන් මෙලෙස විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ පෙරණ කලාපය එලි පෙහෙලි කර ඇත .

නීතිවිරෝධී ලෙස පසුගිය වසර වන විට ජාතික වනෝද්‍යානයේ පෙරණ කලාපය විනාශ කර වැවක්ද නිර්මාණය කර තිබිණි. එයට අමතරව අද වන විට තවත් ජාතික වනෝද්‍යානයේ පේරණ කලාපය වන සංහාරයට ලක්කරමින් කොමාරිකා වගාව වෙනුවෙන් එළිපෙහෙලි කරමින් ඇති අයුරු 2021/ 02 / 19 දින පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ නිරික්ෂණ කණ්ඩායමකට නිරික්ෂණය වූ අයුරු ඉහත ජායා රූප වල සටහන් කොට ඇත.

ජාතික වනෝද්‍යානයක පෙරණ කලාපයක් වැනසීම වනසත්ව හා වෘක්ෂලතා ආඥාපනතට අනව දඩුවම් ලැබිය හැකි වරදක් වුවත් දේශපාලකයන්ගේ සහය ඇතිව අදටත් විල්පත්තු ජාතික වනෝද්‍යානය වනසමින් ඇත.

මෙම ව්‍යාපෘතිය දියත් කරන විල්පත්තුව වනාන්තරය හා ඒ  අවට ප්‍රදේශය ජෛව විවිධත්වය අතින් ඉතාමත් පොහොසත් ප්‍රදේශයක් වන අතර දැනට සිදුකර ඇති  විද්‍යාත්මක පර්යේෂණ මගින්  ක්ෂීරපායි විශේෂ 41 ක් , මත්ස්‍ය විශේෂ 29 ක් , මැඩියන් හා ගෙමිබන්  විශේෂ 17 ක් , කුරල්ලන විශේෂ 149 ක්  වාර්ථා වී ඇත. තවදුරටත් මෙම ප්‍රදේශවල ජෛව විද්‍යාත්මක පර්යේෂණ සිදුකළ යුතුව ඇත.

එමෙන්ම මෙම  කොමාරිකා වගා ව්‍යාපෘතිය කරන  ප්‍රදේශය අලි ඇතුන්ගේ මෙන්ම අනිකුත් සතුන්ගේ වාසභුමයකි.  විල්පත්තුව රක්ෂිතයක් ලෙස වෙන් කළද අලි ඇතුන් හා අනෙක් සතුන් එය දන්නේ නැත ඒ තුලම ජීවත්වන්නේද නැත අනුරාධපුර ප්‍රදේශයට අලි ඇතුන් ගමන් කරන එක් අලි මන්කඩක් වැටී ඇත්තේ වනාන්තර එළි කර කොමාරිකා වගාව කිරීමට සුදානම් වන මෙම ප්‍රදේශය හරහාය.

අලි ඇතුන් ජීවත්වන මෙම ප්‍රදේශයේ රාජාංගනය යායා 18 ගම්මාන වලට ඉහත්තාවෙින් ඇති අලිමංකඩ වනසා මෙලෙස වගා බිම සඳහා යොදා ගැනීම ඇලි ඇතුන්ගගේ පැවැත්මට බරපතල ලෙස බාධා කිරීමක් මෙන්ම  මේ අවට ගම්මාන වල මිනිසුන්ගේ ජීවිත අනතුරේ හෙළිමකි.

වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ඇසට වැලි ගසා විල්පත්තු ජාතික වනෝද්‍යානයේ ජලපෝෂණ ප්‍රදේශ වලින් හා වැසි ජලයෙන් පෝෂණය වන  පනන්කානි ඇල  හරස් කොට  බැම්මක් බැද එහි ජලය මෙම කොමාරිකා වගා ව්‍යාපෘතියේ  ඉදි කර වැවැ සඳහා ගැනීමට මේ වන විට උත්සහ ගනිමින් ඇත.

විල්පත්තු ජාතික වනෝද්‍යානයේ පෙරණ කලාපයේ විනාශ කරමින් වසර ගණනාවක් තිස්සේ අවුරා ලංකා සමාගම විසින් සිදුකරන මෙම ක්‍රියාවලිය මෙරට පරිසර නිතිය බරපතල ලෙස උල්ලංඝණය කිරීමකි .  ජාතික වනෝද්‍යානයක හෝ එහි පෙරණ කාලාපයකට මොනයම් ලෙස හෝ හානි කිරීම වනසත්ව හා වෘක්ෂලතා ආඥා පනතට අනුව නීති විරෝධී ක්‍රියාවලියක් වන අතර එලෙස කිරීම දඩුවම් ලැබිය හැකි වරදකි.

පරිසර නීතියට හා රටේ පොදු නීතියට වැලි ගසා විල්පත්තු ජාතික වනෝද්‍යානය වනසන මෙම පිරිස  එයින්ද නොනවති ඉතාමත් අසාධාරණ ලෙස ජනතාවගේ ඉඩමි මංකොල්ලා කෑම සිදුකලත් බලධාරීන් නිහඩය.

සටහන – පරිසරවේදී ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *