ISSUES
මාදුරුඔය රක්ෂිතය වටා අක්කර 4,200ක් වනසයි

මාදුරුඔය රක්ෂිතය වටා අක්කර 4,200ක් වනසයි

මාදුරුඔය ජාතික වනෝදයානයේ පේරණ කලාපයේ තොප්පිගලට යාබද වන සංක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ තිබෙන රක්ෂිත වනාන්තර ප‍්‍රදේශයේ අක්කර 4200ක පමණ භූමි ප‍්‍රමාණයක් මේවන විට නිතිවිරෝධිව එළිපෙහෙළි කරමින් තිබේ.

සංවර්ධන ව්‍යාපෘතියක මුවාවෙන් එම ඉඩම් චීනයට පැවරීමේ සුදානමක් ඇති බවයි අනාවරණ වන්නේ. එළිපෙහෙළි කරමින් පවතින භූමියේ ස්ථිර නිවාස 08ක් සහ තාවකාලික නිවාස 500 අධික ප‍්‍රමාණයක් ඉදිකර තිබේ.

මහවනාවෙල ආරියවංශ හිමි ලෙස හැදින්වෙන භික්ෂුවක් විසින් මෙම ඉඩමි මංකොල්ලය සිදුකරමින් යන අතර මිට මාස 08 පමණ පෙර සාදන ලද වෙහෙරගොඩැල්ල රජමහා විහාරය නැමති ස්ථානයක සිට මෙහෙයුමි කටයුතු සිදුකරමින සිටි. මෙම භික්ෂුවගේ සහයට රන්ජිත් රාජපක්ෂ (ලියනගේ) නැමැත්තෙක් ද සිටි.

සංවර්ධන ව්‍යාපෘතියක මුලික අදියර ලෙස නිවාස නොමැති පුද්ගලයන් එම භුමියෙහි පදිංචි කරන බව පැවසමින් මෙම ඉඩමි මංකොල්ලයට අවශ්‍යය ඉඩකඩ සකසගන ඇත. එය සිදුවන්නේද අමුතුම ආකාරයකටය. පෙර සඳහන් කල භික්ෂුවට රු .500 ක මුදලක් හා රන්ජිත් රාජපක්ෂ නමැත්තාට රු.2000ක මුදලක් ලබාදීමෙන් අනතුරුව ඔවුන් රක්ෂිත භුමියෙහි පෙන්වා දෙන ස්ථානයකින් ඉඩම ලබාදීම සිදුකරයි. එම භුමියෙහි වගා ආරම්භ කිරීමට කැමති අයෙක් වේ නම් ඒ සදහාද අවස්ථාව තිබේ. ටැක්ටර ගොයම් කපන යන්ත්ර ආදිය රක්ෂිතය තුළට ගෙනයාම සදහා රන්ජිත් රාජපක්ෂට ර.2500ක මුදලක් ගෙවිය යුතුව තිබුණි. මෙලෙස කැළැ ඉඩමි තමන්ගේ බූදලයක් ලෙස මිනිසුන්ට විකුණන සාදු මුදලාලි හා රංජිත් නැමැත්තා තව වන තෙක් කිසිදු අයුරක බාදාවකින් තොරව වනාන්තර ප‍්‍රදේශ විනාශකරමින් සිටිග වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් මෙම වනාන්තරය එළිපෙහෙලි කිරීම සදහා හෝ කුමන ඉදිකිරීමක් සදහා හෝ කිසිවෙකුටත් අවසරයක් ලැබී නැත. අවම වශයෙන් මහවැලි අධිකාරියට හෝ පවරා ගෙන නැත. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් අනුර සතුරුසිංහ පවසන පරිදි මාදුරුඔය රක්ෂිතය අවට සිදුවන්නේ පැහැදිලි ලෙසම නීතිවිරෝධී ක‍්‍රීරියාවකි. නමුත් එම නිතිවිරෝධි ඉඩමි මංකොල්ලය ඉදිරියට කරගන යන තුරු වනසංරක්ෂණ දේපාර්තමේන්තුව සිය මුනිවත රකිමින් සිටිනවා පමණක් නොව එයට අත්උදවි දෙමින්ද සිටි.

මෙම ප‍්‍රදේශය පුරාවිද්‍යාත්මකව ඉතා වටිනා ප‍්‍රදේශයක් වන අතර අදිවාසි වැදි ජනතාවගේ වාසභූමියක් වන හෙන්නානිගල ජනාතාවට පවා මෙම ඉඩමි භාවිතා කිරීමට ඉඩ නොදුන් වන සංරක්ෂණ දේපාර්තමේන්තුව කැලෑ කැපීමට අවශ්‍ය ඉඩකඩ මෙම වන සංහාරකයින්ට ලබාදී ඇත.

අප සමිබන්ධව කල විමසීමකදී මහවැලි කටයුතු පිළිබද ජනාධිපති ලේකම් මහින්ද රත්නායක පවසාසිටියේ රක්ෂිත භුමිය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මහවැලි අධිකාරියට පවරාගෙන නොමැති බවයි. එහෙත් නුදුරේදීම ”අවශ්‍ය කටයුතු” සිදුවන බව හෙතෙම කියාසිටියි. මෙලෙස කඩිමුඩියේ ජනාධිපති ලේඛමි වරයාගේ මැදිහත් වීමෙන් වනසංරක්ෂණ දේපාර්තමේන්තුවට අයත් ඉඩමි පවරා ගන්නේ මේහි කොටසක් චීන රජයට පවරාදීමට ද යන්න සැක සහිත කාරණයකි.

නමුත් වනසංරක්ෂණ දේපාර්තමේන්තුව යටතේ ඇති මෙම වනාන්තර ජනාධිපති ලේඛමි වරුන්ට හෝ සාදු මුදලාලිලාට අවශ්‍ය පරිදි වීනාශ කිරිමට නොහැකිය. 1907 අංක 16 දරණ වන සංරක්ෂණ ආඥාපනතේ 2009 අංක 56 දරණ සංශෝදිත පනතේ 6 වන වගන්තියේ 2 ආ උප වගන්තියට අනුව ගසක් කැපීම කපා ඉවත් කිරීම පවා තහනමිව තිබියදී වන සංරක්ෂණ ආඥා පනත අමු අමුවේ කඩ කලද වන සංරක්ෂණ දේපාර්තමේන්තුව නිහඩ පිළිවෙතක් අනුගමනය කරමින් සිටී.

එපමණක් නොව 1988 අංක 56 දරණ සංශෝදිත ජාතික පාරිසරික පනත ඇතුළු අනපනත් නිති පද්ධති ගනනාවක් කඩ කරමින් ඉහත පෙන්වාදුන් පරිදි සාදු මුදලාලිලාට රිසි ලෙස රටේ වනසමිපත විනාශ කිරීමට රටේ පාලකයින් ඉඩදී තිබේ.

මාදුරුඔය රක්ෂිතය අවට සිදුවන මෙම එළිපෙහෙළි කිරීම් හේතුවෙන් මහවැලි ඊ කලාපයේ ගම්මාන රැසකට වන අලි තර්ජනයට මුහුණ දීමට සිදුව තිබේ. නිදන්විල, දම්මින්න, පුබුදුගම, කන්දේගම, පිම්බුරුත්තැව, යන ගම්මාන පවතින්නේ අලි කටේය. අලි මංකඩ ලෙස පවතින ප‍්‍රරදේශ නිරාවරණය වන විට වන සතුන් ගම වදිනවා හැර වෙනත් විකල්පයක් උන්ට නැත. රක්ෂිතයේ වන සතුන් දිය බිමට ඔයට පමිනේනේද එළිපෙහෙළි වන ප‍්‍රරදේශයෙන්ය. එම නිසා මාදුරු ඔය රක්ෂිත ප‍්‍රදේශයේ සිදුවන මෙම දැවැන්ත පාරිසරික සංහාරය ප‍්‍රදේශයේ අලි ඇතුන්ගේ වාස භූමි අහිමි කරනවා පමණක් නොව මාදුරු ඔය රක්ෂිතයේ හා පේරණ කලාපයේ ජෛව විවිධත්වයට බරපතල තර්ජනයක් එල්ල කර තිබේ.

පෙරදී හෙක්ටයාර 20,000 පමණ වනානතර කපා එලිපෙහෙළි කර මහවැලි ඊ කලාපයට අවශ්‍ය ඉඩමි ලබාගන්නා ලදී. ඉන් අනතුරුව හෙක්ටයාර් 58,888 ප‍්‍රමාණයක් අත්‍යවශයෙන් සංරක්ෂණය කලයුතු ප‍්‍රදේශයක් ලෙස සලක මාදුරුඔය ජාතික වනෝද්යානය ස්ථාපිත කරන ලදීග එලෙස ස්ථාපිත කරන ලද්දේ අලි ඇතුන් ඇතළු සත්ව ප‍්‍රජාව හා වනාන්තර ආරක්ෂා කර වනෝද්‍යානය අවට ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීමේ අරමුණින්ය.

නමුත් මෙම සියල්ල අනතුරට ලක් කරමින් මාදුරු ඔය රක්ෂිතයට කරන්නා වූ මෙම දැවැන්ත සංහාරය හමුවේ වගකිවයුතු බලදාරින් නිහඩව සිටින අතර පරිසර ඇමතිවරයා ලෙස ජනාධිපති මෛත‍්‍රපාල සිරිසේන මෙම සංහාරය නැවතීම වෙනුවෙන් ඉතා ඉක්මනින් පියවර ගත යුතුව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *