කූණු කන්දට යටකර මිනිසුන් මරා දමා මාස තුනයි. කූණු වලට තවම විසදුමක් නෑ

වසර අටක් තිස්සේ මීතොටමුල්ල කුණු කන්දට එරේහිව සටන් කල දයාබර සටන් සගයන් මියගොස්ජූලි 14 මාස තුනක්ය . මෙම මනුෂ්ය ඝාතනයට තෙමසක් ගතවුවද එහි වගකීම රජය හෝ කුණු වලින් කප්පමි ගත් මැති ඇමතිවරු හෝ රාජ්ය ආයතන බාරගන නොමැත. මීතොටමුල්ලේ කුණු කන්ද නිසා අනාථ වූ පිරිසි තවමත් අනාථය. ඔහුන්ට නිසි පරිදි ජීවත් වීමට අවශ්ය වටපිටාවක් සකස් කිරීමට තවමත් සමත්වී නොමැත.
දෙදහස් පහළවෙි දෙසැමිබර් මස චීනයේ සෙන්ෂෙන් නගරයේ කුණු කන්දක් නාය යෑමෙන් පුද්ගලයන් ගණනාවක් මරණයට පත්විය. ඉන්පසුව ඔහුන් කැළිකසල මනා කළමාණාකාරිත්වයේන් නැවත නිෂ්පාදනයන්ට යොදාගැනීම ආරමිබ කල අතර මෙිවන විට එය මැනවින් සිදුවෙමින් පවතී. නමුත් එරට අධිකරණය මෙම කුණු ගොඩ ගොඩ ගැසීමෙි වරදට රාජ්ය නිළධාරීන් හා තවත් පුද්ගලයන් ගණනාවක් වසර විස්සක් දක්වා සිරගත කරන ලදී.
මෙරට කුණු කන්දකට මිනිසුන් යටකර තෙමසක් ගතවන කල රජය රටපුරා තැන් තැන් වල කුණු කද් ගොඩ ගසා ජනතාවගේ මිනිවලවල් තනමින් සිටි.
ලෝකයේ කුණු කදු ආදයමි මාර්ගක් කරගනිමින් ඒවා නිසි ලෙස කළමනා කරණය කරන අතර මෙරට ඒවා ඇමතිලාගේ කප්පමි කුටිටි වී කූණුවන ජනතාව මරණයට පත්කරණ සාධකයක් බවට පත්කරගන ඇත. මීතොට මුල්ලට සිදුකලේද එම මය.
එක්දහස් නවසිය අසූනවය කාලයේ සිට මීතොට මුල්ල්ට කුණු ගෙනවිත් දැමිමට එවකට මුල්ලේරියාව , කොළොන්නාව, කොටිකාවත්ත පළාත් පාලන ආයතන පටන් ගත් අතර ඒසේ කූණු දැමිම ආරමිබ කළේ කැළණි ගංගා නිමිනයේ ජල ගැලීම පාලනය කිරීමට තිබූ තෙත් බිමක් හා වෙල්යායකටයි.
මෙලෙස ආරමිබ වූ කුණු දැමිම දෙදහස් නවය වසරේ මහා පරිමාණ ලෙස සිදුකරන්නට පටන්ගත්තේ බිලුමැන්ඩන් හි කුණු දැමිම තහනමි වූ පසුවය . ඒ එවකට අග විනිසුරු සරත් එන් සිල්වා විසින් කරන ලද නියෝගයකට නතු වෙමිනි. මුලින් මීතොට මුල්ල ප්රදේශයේ අක්කර දෙකකින් ආරමිබ වූ කුණු දැමිමි වසරින් වසර ගෙවි ගොස් දෙදහස් පහළව වන විට අක්කර දහනවයක් පුර පැතිර ගිය මීටර් තුන්සියයකට වඩා උස දැවැන්ත කුණු කන්දක් බවට පත් විය.
මෙම ප්රදේශයේ කුණු දැමිමට අවසර තිබුනේ කොළඔ නගර සභාවට පමණි . නමුත් සෑම දිනකම රණාල, බියගම, කඩුවෙල ප්රදේශවල පුද්ගලික ආයතනවල වීෂ සහිත wmÜjH මෙම කුණු ගෙඩට බාහැර කරණ ලදී . ඒ කප්පමි කරුවන්ට එක් ලොරියකින් දිනකට රුපියල් හාරදහසක පමණ මුදලක් කප්පමි වශයේන් ලාබාදීමෙනි.
කෙසේවෙතත් දිනකට මීතොට මුලුල කුණු කන්දට කුණු ටොන් එක් දහස් දෙසිය පණහකට වඩා වැඩි පරමාණයක් කොළඔ අවටින් ගෙන විත් දමන ලදි. මෙහි දීර්ඝ කාලීන ප්රතිලයක් ලෙස ජනතාව වීශාල වශයෙන් රෝගාතුරව සිටි අතර භූගත ජලය දූෂණය වීමෙි සිට නොයෙක් පාරිසරික ප්රශ්ණ මෙම ප්රදේශයේ පැන නගින්නට විය.
එය හොදින් දැනුන මීතොටමුල්ල ජනතාව විවිධ පාර්ශවයන් දැනුවත් කිරීමි වලින් අනතුරුව ව2013 වසරේත් 2015 වසරේත් උද්ඝොෂණ වලට යොමු වූ අතර ඒවට සවන් දෙනවා වෙනුවට පැවති හා පවතින රජයන් කලේ තම ජීවිත බෙිරාගැනීම වෙනුවෙන් සටන් කල ජනතාවට කුණු වලින් කොමිස් ගන්නා මැරයන් ලවා පහර දීමයි.
මිතොටමුල්ල,කුරුණියවත්ත, දහමිපුර, 101 වත්ත, වැල්ලමිපිටිය,පන්සල් හේන. නාගහවත්ත ඇත ජනතාවට පහර දී රෝහල් ගතකිරිමෙන් නොනැවතී ඔහුන්ව ඝාතනය කිරීමට අවශ්ය වට පිටාව මෙිතාක් පැවතී රජයන් විසින් නිර්මාණය කරන ලදී .
ජනතා විරෝධයන් මධ්යයේ කුණු කදු ගෙඩගසමින් ඔහුන්ට සවන් නොදී මීතොටමුල්ල ජනතාව මරණයට ල්ලු කල බලදාරීන් මීතොට මුල්ලේන නතර නොවී ඒකල ප්රදේශයේ මෙම කුණු නැවත ගෙඩ ගසන්නට තපටන් ගෙන තිබෙි . අධිකරණ නියොග තිබුනද තවමත් වත්තල හා ජාඇල නගර සභා මුතුරාජවෙල අභය භූමයට කුණු දමමින් සිටි. එහින් ද නෙනැවති කොළඔ කුණු පුත්තලමෙි අරකාවිල ප්රදෛ්ශයට ගෙන යාමට උත්සහ කරමින් සිටින අතර කැළි කසල වෙන්කර කළමණාකරනය හා නැවත නිෂ්පාදනයන්ට යොදැ ගැනීමට පරිසර අමාත්යංශය හො රජය කිසිදුඋ ත්සහයක් ගන්නේ නැත.
එයට හේතුව කුණු වලින් කප්පම ගන්නවාට අමතරව වගුරු බිම ගොඩ කරමින් ඉඩමි කටිටි කර විකිණිමෙි ජාවරමක්ද ක්රීයාත්මක වෙමින් තිබෙින නිසාය .
කිරිදිවෙල, මුතුරාජවෙල, කරදියාන පමණක නොව රටපුරාම ජනතාව කුණු කදු වලට බිලි දෙන තුරු පරිසර අමාත්යංශය හෝ වගකිවයුතු උදවිය කුණු ප්රතිනිෂ්පාදන සදහා හෝ පොහෝර නිෂ්පාදනය සදහා කුණු භාවිතා කරන්නට අදහසක් නැත. වෙනත් රටකනමි කුණු යනු ආදයමි උත්පාදනය වෙනුවෙන් යොදාගන්නා මහගු සමිපතකි .

නමුත් අවාසනාවකට මෙරට බලදාරින් කුණු කදු ගොඩ ගසමින් එය පාතලෙයේ එක් ආදායමි මාර්ගයක් බවට පත්කර ඇත. මිනිසුන්ගේ ජීවිත බිලිදෙමින් කුණු වලින් කප්පමි ගන්නා කප්පමි කරුවන් ආරක්ෂා කිරීම වෙනුවට පිටරටවලින් ගෙනෙන විද්යුත් අපදව්ය මෙරටට ගෙන ඒමට දැන් තිත තැබිය යුතුය. මෙරට එක්වන අපදව්ය කළමණාකරනය කර ප්රතිනිෂ්පාදනයන් සදහා යොදාගත හැකිය. එයට අවශ්යය තාක්ෂණික දැනුම පරිසර අමාත්යංශය සතුව ඇත.

Raveendra Kariyawasam

Leave a Reply

Your email address will not be published. Required fields are marked *