හෙළ උරුමයේ කුණ මුතුරාජවෙල කුණු කරයි

මුතුරාජ වෙල වගුරු භූමියට මෙි වන විට කොළඔ නගර සභාව මගින් කසළ බැහැර කිරීම ආරමිබ කර තිබෙින්නේ ජනතා විරෝධ්ය මධයේ දැවැන්ත පාරිසරික හානියක් මුතුරාජාවල අභය භූමියට සිදුකරමිනි.
පාථළී චමිපික රණවකගේ හා පරිසර අමාත්යංශත්්ය් අවශ්යතාව මත මෙම කුණු මුතුරාජවෙලට බැහැර කරන්නේ හුදෙක් කුණු වලට කිරීමට කිසිදු දෙයක් නැති නිසා නොව. පළමුව කුණු බැහැර කරමින් ඉඩමි ගොඩ කිරීම හා දෙවනුව එසේ ගෙඩ කරගන්නා ඉඩමි කොළඔ මහ නගර සැළසුමෙි අවශ්යතාව අනුව ව්යාපාරික ස්ථාන හා කර්මාන්ත ශාලා ඉදිකිරීමට අවශ්ය ඉඩකඩ සමාගමි වලට ලබාදීමටයග ත්මය වඩාත් පැහැදිළිව ජාතික භෙෘති සැළසුම තුල මනාව සිතියමි ගත කර ඇත. එම නිසා මුතුරාජ වෙළ අභය භුමය හා එහි තවත් වගුරු භූමි තුලට කුණු දමා ගෙඩ කරමින් රජය එකගලින් එක්වරම කුරුල්ලන් දෙදෙනෙකු මරා ගැනීමෙි ව්යාපෘතිය මෙිලෙසඅරබා ඇත.
මුතුරාජවෙල වගුරු භූමිය කොළඔ අවට ප්රදේශ වල භූගත ජලය ස්ථාවර මටිටමක තබා ගැනීමටත්ල ගංවතුර පාලනයටත් ඉටුකරන්නේ මහගු සේවාවකි.
මුතුවැනි සම්බාවලින් අටුකොටු පිරවූ යුගයක් සුද්දා මෙරටට පය ගැසීමට පෙර තිබුණ බවට සාක්ෂි පවතී. ගුවීෆ් හැමිල්ටන් ආණ්ඩුකාරවරයා 1802 දී මෝඩ ඇළ සංවර්ධනයට මුල පිරීය. කැලණි ගඟ හා මීගමුව කළපුව අතර ප්රදේශය මෙමඟින් ආවරණය විය. මෝඩ ඇළ(පසුව හැමිල්ටන් ඇළ* තැනූ පසු වෙනදා බලාපොරත්තු වූ සශ්රීකත්වය මුතුරාජවෙලින් බලාපොරොත්තු වීමට නොහැකි වූයේ මෝඩ ඇළ දිගේ කරදිය රට ඇතුළට ගලා ඒමෙන් වගා කටයුතු කිරීම අපහසු වූ නිසාය. එම නිසාම වසර දෙසීයක් පමණ කාලයක් පුරාවට කුඹුර වගා කටයුතු සඳහා මේ ඇළ ජලය යොදාගත්තේ නැත. නමුත් පුරන් කුඹුරු, ඇළවල් හා ගං මෝයවල් ආශ්රීතවත් මීගමුව කළපුවට යාබදවත් ජෛව විවිධත්වයෙන් ඉහළ කඩොලාන පරිසරයක වසර ගණනාවක් තිස්සේ විවිද සතාසිව්පාවාට නිවහනක් වූ බව අදටත් නොරහසකි.
වනජීවී සංරක්ෂණ දෙපාර්තමෙන්තුව යටතේ පාලනය වන මුතුරාජවෙල අභය භූමිය ආරක්ෂා කිරීමේ වගකීම පරිසර අමාත්යංශයට හා මධ්යම පරිසර අධිකාරියට පැවරී තිබේ. නමුත් අදවන විට ඔහුන්ගේ දායකත් වයෙන් හා අවසරයෙන් සමස්ත මුතුරාජවෙල අභය භූමියම විනාශ කිරීමට රාජ්ය මැදිහත්වීම සිදුවෙමින් තිබේ.
තවද 2004 වර්ෂයේ දී ඉන්දීය රජය විසින් තහනම් කරන ලද ඉන්දියනු ෆාම් තෙල් ශුද්ධාගාර කිහිපයක් අද වන විට මුතුරාජවෙල අභය භූමිය තුළ ස්ථාපිත කර ඇත. මැලේසියාවේ හා ඉන්දියාවෙන් ෆාම් තෙල් මෙරටට ගෙන්වා ඒවා භාවිතයට ගත හැකි ලෙස සකස් කිරීම මෙම කර්මාන්ත ශාලා තුළදී සිදුකරයි. එලෙස තෙල් පවිත්ර කිරීමේ කටයුතුවලදී දහනය වන දුම මුතුරාජවෙල අභය භූමිය පමණක් නොව මුළු ප්රදේශය පුරාම දැඩි දුගඳක් පතුරුවයි. මෙලෙෂ දුම් මුදවා හැරීමට නිසි ප්රමිතීන් ඇතත් එය බල්ලෙකු තරම්වත් නොසලකා හරිමින් පරිසරයට මුදාහැරීමට කර්මාන්ත හිමියෝ අද වන විට කටයුතු කරමින් සිටිති.

1996’.10.31 වැනි දින අභය භූමියක් ලෙස නම් කරන ලද මුතුරාජවෙල අභය භූමිය හෙක්ටයාර් 2569 විශාල බව National Wetland Directory of Sri Lankan කෘතියේ සඳහන් කර ඇත. මෙම කෘතිය මධ්යම පරිසර අධිකාරිය මඟින් ප්රකාශයට පත්කොට ඇත. එසේ වූවත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ප්රකාශයට පත්කර ඇති ශ්රී ලංකාවේ තෙත් බිම් නමැති අත්පත්රීකාවට අනුව මුතුරාජලෙ අභය භූමියේ පළමුවැනි කොටස හෙක්ටයාර් 1028.6ක් ලෙසත් දෙවන කොටස හෙක්ටයාර් 256.8ක් ලෙසත් නම්කර ඇත. මුතුරාජවෙල සංරක්ෂණය කෙසේවෙතත් පරිසර අමාත්යාංශය යටතේ තිබෙන ආයතන දෙක තුළ මුතුරාජවෙල සම්බන්ධයෙන් ඇති දත්තවල පවා වෙනස්කම් දැකිය හැකිය. මෙලෙස ඇති දත්තවල වෙනස්කම් නිසාම මුතුරාජවෙල අභය භූමියේ සීමා මායිම් නිසි ලෙස සටහන් වී නොමැති වීමත් නීතිය ක්රීයාත්මක නොවීමත් විදේශිකයන්ට මෙන්ම මෙරටදේශපාලකයන්ටත් අභය භූමිය විනාශ කිරීමට පහසු වී ඇත.

අද වන විට සුළු වර්ෂාවකදී වූවද කොළඹ නගරය අඩිගණනක් යටවන්නේ ප්රදේශයේ ජලය බැසගිය මුතුරාජවෙල වගුරු භූමිය තුළ පිහිටි කර්මාන්තශාලා,නිවාස, හෝටල් ආදිය නිසායග කෙළඔ ලජා ඇලල වත්තලල සීදූවගමීගමුව අදී ප්රදේශ වල ජලය බැසයන ප්රදාන වගුරු භූමිය මුතුරාජ වෙළ වගුර භූමියයි’ග අද වන විට කුණු දැමිම නිසා මුතුරාජ වෙළ වගුරු භූමියේ අක්කර පණහකට වැඩි ප්රමාණයක් විනාශ වන අතර නගරයේ සියලුම වීශ අපට්වය බැහර කරන්නේ මින් පසුව මෙම වගුරු භූමියටය.
පාරිසරික අතින් අධික සංවෙිධි කළාපයක් වන මුතුරාජවෙල වගුරු භූමය තුල දැනට සිදු වි ඇති පර්යේෂණ දත්තයන් අනුව ශාක විශේශ 192 වැඩි ප්රමාණයක් හදුනාගන ඇති අතර මත්ස්ය විශේෂ 40 වැඩි ප්රමාණයක් ලඋභය ජීවීන් විහේෂ 14ල සර්ප වීශේෂ 31ල පක්ෂි විශේෂ 103ල ක්ෂරපායින් විශේෂ 22 හා සමනළුන් විශේෂ 48 වාර්ථා වී තිබෙින අතර මෙහි තවත් ගණනය කර නොගත් සත්ව වීහේෂ ශාක වීශේෂ ගණනාවක් ඇතග කෙළඔ නගරික සිමාවෙි සත්ව හා ශාක ගහණය වැඩිම වගුරු භූමියක් ලෙස මෙය හැදින් විය හැකි අතර පරිසර අමාතය වරයා හා පාථළී චමිපික රණවක එක්වී වනසන්නේ මෙවන් සුවිශේෂී ස්ථානයකි.
කූණු ගෙඩ ගැසීම නිසා ඇතිවන මීතේන වායුව CH4 හෙතුවෙන් මුතුරාජවෙ අවට ජනතාවට හා කුඩා ළමුන්ට ඇස්මා වැනි රෝග තත්වයන ඇතිවීමෙි ඉඩකඩ වැඩිය. අනෙකුත් කුණු කදු අශ්රීතව ඇති අතදැකීමි අනුව සමෙි රෝග ශා කාන්තාවනිගේ ගැබිගෙල පීළකා ව්යප්ත කිරීමට කූණ අශ්රීත නිෂ්පාදනය වන වීෂ රසායන දව්ය හේතුවෙිග එම නිසා මෙම ප්රදේශ වල මිනිසුනට මින් පසුව දැවැන්ත සෙෘක්ය අර්බුදයකට මුහුණ දීමට සිදුවෙි්.
සිදුවන පරිසර හානිය හා මහජනතාවට,බීමට ඇති ජලයට වන හානිය කොයි කුණු ගෙඩටත් පොදුය . කිරිදිවෙලල මුතුරාජවෙලල කරදියාන පමණක නොව රටපුරාම ජනතාව කුණු කදු වලට බිලි දෙන තුරු පරිසර අමාත්යංශය හෝ වගකිවයුතු උදවිය කුණු ප්රතිනිෂ්පාදන සදහා හෝ පොහෝර නිෂ්පාදනය සදහා භාවිතා කරන්නට අදහසක් නැතග වෙනත් රටකනමි කුණු යනු ආදයමි උත්පාදනය වෙනුවෙන් යොදාගන්නා මහගු සමිපතකි .
නමුත් අවාසනාවකට මෙරට බලදාරින් කුණු කදු ගොඩ ගසමින් එය පාතලෙයේ එක් ආදායමි මාර්ගයක් බවට පත්කර ඇතග මිනිසුන්ගේ ජීවිත බිලිදෙමින් කුණු වලින් කප්පමි ගන්නා කප්පමි කරුවන් ආරක්ෂා කිරීම වෙනුවට පිටරටවලින් ගෙනෙන විද්යුත් අපදව්ය මෙරටට ගෙන ඒමට දැන් තිත තැබිය යුතුය. මෙරට එක්වන අපදව්ය කළමණාකරනය කර ප්රතිනිෂ්පාදනයන් සදහා යොදාගත හැකිය. එයට අවශ්යය තාක්ෂණික දැනුම පරිසර අමාත්යංශයේ ආරමිබ වී වැළලා දැමූ පිළිසරු ව්යාපෘතියට පණදීමෙන් ලබාගත හැකිය .
Raveendra Kariyawasam

Leave a Reply

Your email address will not be published. Required fields are marked *