සොබාදහමි පාසලට ආ අමුත්තන්ගේ ප්‍රශංසා
පරිසර හිතකාමී ජෛවීය පද්ධතියක උරුමය ආරක්ෂා කරනු වස් පරිසර සංරක්ෂණය යන මාධ්‍ය ඔස්සේ සිදු වූ රුක් රෝපණ වැඩසටහනේ පසුගිය 09.12.2016 දි හම්බන්තොට දිස්ත්‍රික්කයේ කුඩා බිබුල ග්‍රාමයේ කුඩා බිබුල රක්ෂිතය තුළ සිදු විය. එය සිදු වූයේ සොබාදහම් අධ්‍යන මධ්‍යස්ථානය සහ එම ග්‍රාමය අයත් වීරකැටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සාමූහික මැදිහත් වීම මතයි. සොබාදහම් අධ්‍යන මධ්‍යස්ථානය වෙනුවෙන් කුඩා බිබුල විහාරාධිකාරී පූජ්‍ය රාහුල හිමිපානන් ඇතුලු පිරිසක් දායක විය. වීරකැටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙනුවෙන් සහකිර අධ්‍යක්ෂිකා ( දිස්ත්‍රික් ඉඩම් පරිහරණ ) රුචිරා පල්ලියගුරු , සහකාර ප්‍රාදේශීය ලේකම් නදීකා පී ගමගේ ඉඩම් පරිහරණ නිලධාරී ඩබ්.ජී.ප්‍රදීප් නිශාන්ත ඇතුලු නිලධාරීන් දස දෙනෙක් පමණ සහභාගී විය.
රුක් රෝපණ වැඩසටහන සිදු වූයේ කුඩා බිබුල නම් මනස්කාන්ත භූගෝලීය හාස්කම් නිර්මාණය කළා වූ බිම් පෙදෙසේ ( රක්ෂිතයේ ) එක් අන්තයකය. කුඩා බිබුල නමින් නම් ගත් පොළොව යටින් මතුවන මනස්කාන්ත දිය බිබුලක් මෙම රක්ෂිතයට නායකත්වය දී ඇත. ඒ නිසා මීට කුඩා බිබුල යන නම ගැමියන් භාවිතා කරනු ලබයි. මෙදින උදෑසන 8.00 ට පමණ එක්කාසු වූ 50 ක පඹණ පිරිසක් රක්ෂිතයේ ශාක ගහණයන් අඩු අක්කරයක පෙදෙසක පමණ පෙදෙසක වටිනා ගණයේ ශාක සිටවනු ලැබිය. ඒ අතර කුඹුක්,අරලු,සියඹලා,මී,ක`ඵවර ආදී වටිනා ශාක පැළද දක්නට ලැබුණි. වීරකැටිය ප්‍රා.ලේ.කා හරහා මේ පැළ ලබා දී තිබිණ පැළසිටුවීමෙන් අනතුරුව පිරිස කුඩා බිබුල නම් වූ දියදහර අභියසට පැමිණ පාරිසරික වැදගත්කම් ගැන කථාබහක නිරත විය.
සොබාදහම් අධ්‍යාපන මධ්‍යස්ථානය වෙනුවෙන් අදහස් දැක්වූ පූජ්‍ය රාහුල හිමිපානන් වහන්සේගේ කරුණු දැක්වීමෙන් පසුව වීරකැටිය ප්‍රා.ලේ.කාර්යාලයෙන් පැමිණි නිලධාරීන්ගේ ආරාධිත කථාවලට උපුටා ගැනීම් ඇති කළේය. ඒ අනුව බිබුල් රක්ෂිතය තුළ ජීවත්වන්නාවූ දැනට රතු දත්ත පොතෙහි වඳවී යන කටුසු විශේෂයට අයත් යැයි සඳහන් තොල විසිතුරු කටුස්සා මෙම රක්ෂිතය තුළ ජීවත් වීම සහ වල් ගාබයා , වෘක්ෂ වාසී දඟර දණ්ඩා ඇතුලු දුර්ලභ ගණයේ සත්වයින් මෙහි වාසය කිරීම දැනට හඳුනාගෙන ඇත. සොබාදහම් අධ්‍යන මධ්‍යස්ථානය වෙනුවෙන් රාහුල හිමි ආයාචනාත්මක ඉල්ලීමක් වගකිව යුතු නිළදරයන්ට දැනුම් දුන්නේය. එනම් මෙම රක්ෂිතයට මිනුම් කටයුතු කරදී ජීවීන්ගේ නිදහස් අභිවෘද්ධිය ඇති කරනා ලෙසයි.
ඒ අනුව එම ඉල්ලීමට අදාළව අදහස් දක්වන්නට යෙදුණු සහකාර අධ්‍යක්ෂ ( දිස්ත්‍රික් ඉඩම් ) රුචිරා වික්‍රමරත්න මහත්මිය කියා සිටියේ දැනට හම්බන්තොට දිස්ත්‍රික්කයේ සංරක්ෂිත මෙවැනි වටිනාකම් ඇති පෙදස් 1200 ක් පමණ හඳුනාගෙන ඇති බවත් ඒවා නිශ්චිතවම රක්ෂිත ප්‍රදේශ බවට පත්කිරීමේදී යම් යම් ගැට`ඵ මතුවන බවත්ය. විශේෂයෙන්ම මෙම කුඩා බිබුල රක්ෂිත පෙදෙස මිනුම් කටයුතු කිරීමට කෙටුම්පත් පමණක් සංවිධානය වූ අවස්ථාවන් ඇය කරුණු දක්වා සිටියේය. එහිදී සඳහන් වූ විශේෂම සඳහන වූයේ මෙම භූමිය මිනුම් කටයුතු කරලීම , පරිසර අධිකාරියට , දිස්ත්‍රික් ඉඩම් පරිහරණ කාර්යාලයට ආදී ලෙෂ බෙදීමක් ප්‍රා.ලේ.කා තුළ පවතින බවයි.
කෙසේ නමුදු කුඩා බිබුල රක්ෂිතය මේ වන විට සුරැකිව, කීකරුව පවතින්නේ සොබාදහමේ අධ්‍යන මධ්‍යස්ථානය නිසා බැවු ගම තුළ ජීවත් වන සිය`ඵම දෙනා දන්නා කරුණකි. සිල්න්ඩර අතුරා බෝක්කු තනා පාලම් තනා එගොඩත් මෙගොඩත් යාකර මං මාවත් තනා ගන්නට පහසුකම් සකා ගන්නට සිතන මේ මිනිස් ප්‍රජාව හමවේ එකී පාලම , එකී බෝකකුව සදා නිමා කරන්නට යොදන වටිනා කම් මෙවැනි ජෛවීය පද්ධති සංරක්ෂණය වෙනුවෙන් යොදවනවාවම් ඉතාමත් යහපත් වනු ඇත.
මෙම රුක් රෝපණ වැඩ සටහන දියත්කිරීමේ දී මහත් ඕනෑකමින් කටයුතු කළා වූ ( ප්‍රදීප් නිශාන්ත ) ඉඩම් පරිහරණ නිළධාරී වීරකැටිය ප්‍රා.ලේ.කා යන අයට විශේෂ ස්තූතිය හිමි විය යුතුය.
මිනිසා අභිමුඛව නිර්මාණය වී ඇති ලොක පාරිසරික අර්බුදය වර්ථමානය වන විට මේ විශ්වයේ සියලුම ජෛව සංයුතිකයන්ගේ හා ඒවායේ පැවතීමන්ගේ අවසාන නිමේෂය සනිටුහන් කරණ මොහොතකට පැමිණ ඇත. මිනිසා පරිසරය පරදවා නැගී සිටින්නට ,හැදී වැඩී සිටින්නට උත්සාහ ගත් සෑම අවස්ථාවකම පරිසරය මිනිසාට එරෙහිව මාරාන්තික දඬුවම් ප්‍රකාශ කළේය. ඒ තුළ එකම නියාය වූයේ පරිසරය ජය ගැනීමට මිනිසාට නොහැකි වීම සහ මිනිසා හේතුකොට ගෙන පාරිසරිකමය වශයෙන් ගොඩනැගුණු ගැට`ඵ වලට විසඳුම් රහිත වීමයි. ඒ නිසා මේ විශ්වය තුළ කිසිදින විසඳුම් රහිත ලෝක පරිසරික අර්බුධයන් මේ වන විට විකාශනය වෙමින් පවතින්නට හේතු ඇති විය. කෙසේ නමුදු ජෛවීය පැවැත්මේ වටිනාකම් ගැන අභිමානයෙන් සිතන මිනිසුන් ගැන අප අගය කළ යුතුය.
ටී.ඩී.කේ.ඒ ප්‍රසන්න