වන අපරාධ 2803 විභාග කිරීම වනසංරක්ෂණය මග හරී
2013 වර්ෂයේ දී වනසංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට ලැබුණු පැමිණිලි දහස් ගණනක් 2015 අගෝස්තු වනතුරුත් විභාගයට ගෙන නොමැත.
පසු ගිය කාලය පුරා වනාන්තර අක්කර ලක්‍ෂ ගණනක් රජය මැදිහත්වීමෙන් විනාශ කර දැමු අතර , වනාන්තර විනාශය සම්බන්ධව 2013 වර්ෂයේ දී වනසංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි දහස් ගණනක් ලැබී ඇත. නමුත් මෙම පැමිණිලි වලින් සැළකිය යුතු බොහෝමයක් සම්බන්ධව මෙතෙක් කිසිදු ක‍්‍රියාමාර්ගයක් ගෙන නොමැත.
එයට හේතුව මෙම වන අපරාධ සිදූවුයේ දේශපාලකයන්ගේ හා පොළීසියේ මැදිහත් වීමෙනි. ඒ අනුව 2013 වර්ෂයේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පහත පරිදි වන විනාශය සම්බන්ධව පැමිණිලි දහස් ගණනක් ලැබී ඇත.
දිස්ත‍්‍රික්කය පැමිණිලි සංඛ්‍යාව
01අනුරාධපුරය 448
02බදුල්ල 215
03මඩකලපුව 71
04ගාල්ල 105
05ගම්පහ 35
06හම්බන්තොට 98
07පුත්තලම 145
08රත්නපුර 309
09තී‍්‍රකුණාමලය 65
10වව්නියාව 59
11මුලතිව් 57
12මොණරාගල 441
13මහියංගනය 11
14නුවරඑළිය 137
15පොලොන්නරුව 66
16කළුතර 101
17කිලිනොච්චිය 23
18කෑගල්ල 38
19කුරුණෑගල 57
20මාතර 96
21මාතලේ 91
22මහනුවර 53
එකතුව2803
මෙම වනාන්තර විනාශය සම්බන්ධ මතු වූ බහුතරයක් සිද්ධි පිටුපස දේශපාලඥයන්, පොලීසිය හා හමුදාව සිටින අතර රජය මගින් සංවර්ධනයට යැයි කියා සිදුකරන විනාශයට අදාල සිද්ධීන් මෙයට ඇතුළත් වී නොමැත.
කෙසේ වෙතත් වනාන්තර විනාශකිරීම ඉතා සීඝ ලෙස සිදුවන අතර මෙලෙස වාර්තා වු වන අපරාධ වලට සමිබන්ධ පුද්ගලයන්වත් අත්අඩංගුවට ගැනීම වගකිව යුතු අයතන විසින් සිදකල යුතු අතර වනාන්තර විනාශය වැළැක්වීමට නිසි පියවර ගැනීමට ජනපති මැදිහත් විය යුතුය