ජලය විකිණීම වෙනුවෙන් ලෝක බැංකුවෙන් රජයට ඇ.ඩො. මිලියන 110ක්
ජලය වෙළඳ භාණ්ඩයක් කිරීම වෙනුවෙන් උත්සාහ දරණ ආණ්ඩුව මෙවර දේශගුණික විපර්යාස අවම කිරීමේ වැඩ සටහන යටතේ කාළගුණික තත්ත්වයන්ට ඔරොත්තු දීම වෙනුවෙන් ජලය හා ජල මූලාශ‍්‍ර කළමණාකරණ වැඩ සටහන් සකස් කිරීමට හා ක‍්‍රියාත්මක කිරීමට ලෝක බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 110ක ණයවරක් ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සියල්ල සම්පාදනය කර ඇති බව පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය ප‍්‍රකාශ කරයි.
නිවේදනයක් නිකුත්කරමින් එම සංවිධානය ප‍්‍රකාශ කළේ 2014.02.10 දින අංක 14-0194-504-026 රහසිගත අමත්‍ය මංඩල සංදේශයක් මගින් ලෝක බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 110 ණයවරක් ලබා ගැනීමට අමාත්‍ය මංඩල අනුමැතිය ලබාගෙන ඇති අතර එම ණය මුදල යොදාගන්මින් වාරිමාර්ග හා ජල සම්පත් කළමණාකරන අමාත්‍යංශය යටතේ ජල-කාළගුණික විද්‍යාත්මක විපර්යාස කෙරෙහි භෙෘතිකව ඔරෝත්තු දීමේ හැකියාව වර්ධනය කිරීමට මෙම ව්‍යපෘතිය සකස් ඇති බවයි.
වැඩිදුරටත් එම මාධ්‍ය නිවේදනයේ මෙසේ සඳහන් වේ
2014.02.10 දින මුදල් හා ක‍්‍රම සම්පාදන අමාත්‍යංශය අංක ඩබ්/ඞී එම්/ 01/එල් යටතේ වාරිමාර්ග හා ජල සමිපත් කළමණාකරන අමාත්‍යංශයට එවා ඇති ලිපියකින් මෙම ව්‍යාපෘතිය කරගන යාම සදහා වේළි ආරක්ෂණ හා ජල සම්පත් සැළසුම් කිරීමේ එ්කකයට පවරා ඇති අතර ජල සම්පත් කළමනාකරණය කිරීම නැත්නම් ජලය හා ජලමුලාශ‍්‍ර විකිණිමට අවශ්‍ය සියළු කටයුතු මේ හරහා සිදුවනු ඇත.
වසර විසිපහකින් ගෙවා නිමකිරීමට ගන්නා මෙම ණය මුදලට වාර්ෂික පොළී අනුපාතය සියයට 1.25 කි. මෙම ණයවර ලබා දෙන ලොක බැංකුව දිගින් දිගටම පවසන්නේ ලංකාවේ ගොවිතැනට ජලය ලබාදීම පාඩු ලබන ක‍්‍රීයාවක් බැවින් ලබා දෙන ජලය වෙනුවෙන් ගොවියන්ගෙන් මුදල් අයකර ගත යුතු බවය. තව දුරටත් ලංකාවේ ජල සම්පත විකිණීම වෙනුවෙන් ණය ලබා දෙන ලෝක බැංකුවේ එකගතාවයන් අතර ජලය පෙෘද්ගලීකරණය කිරීම පළමු කාර්යයක් වේ. එ් අනුව අද වනවිට සියළුම ජල මුලාශ‍්‍ර කළමණාරනය කිරීමේ නැතහොත් විකිණීමේ තවත් ඉදිරි පියවරක් මෙම ව්‍යෘපෘතිය හරහා සිදුවේ.
ලොවපුරා ජලය පෞද්ගලීකරණ කි‍්‍රයාවලි මෙහෙයවනු ලබන්නේ් සහ ඉන්පසු එහි පාලනය අත්පත් කරගනු ලබන්නේ ලොව ප‍්‍රභලම බහුජාතික සමාගම් අතලොස්සක් විසින්ය. ජලය සොබාදහම විසින් ලබා දෙන දෙයක් නිසා ඊට නිෂ්පාදන වියදමක් නොමැත. එ් නිසා ජලය වෙළඳාම මගින් අති විශාල වූ ලාභයක් ලබා ගත හැකිය. මෙම තත්ත්වය ඇමරිකාවේ මුල් පෙලේ ව්‍යාපාරික සඟරාවක් වන ෆෝචූන් සඟරාව 2000 මැයි කලාපයේ මෙසේ දක්වා තිබුණි. ‘‘ . . . . හැම දෙනාටම අවශ්‍ය, අනාගතයෙදී තවතවත් අවශ්‍ය වන ජලය, ලොව දැවැන්තම ව්‍යාපාරික අවස්ථාවන් බිහි කරමින් පෞද්ගලීකරනය වෙමින් ඇත. එ් සඳහා දැන් අති විශාල මුදල් ප‍්‍රමානයක් ආයෝජනය කරමින් ඇත. . . . .’’ දැවැන් බහුජාතික සමාගම්වල මේ උනන්දුව හමුවේ අපේ රටවල ප‍්‍රතිපත්ති සම්පාදකයන්ට මේ බලපෑම ප‍්‍රතික්ෂේප කිරිම අසිරු විමද පුදුම විය යුතු නැත. රාජය අංශයේ සහ පෞද්ගලික අංහයේ ජලය පිළිබදව ඇති ප‍්‍රතිපත්තීන් සහ දැක්ම දෙයාකාර වේ. ස්වාභාවිත සම්පතක් වන ජලය ජීවීන්ට අත්‍යාවශ්‍යම දෙයක් වන නිසා, ඊට නිදහස්ව ප‍්‍රවේශ විම සහ භාවිතාව ලාභය මත පදනම් නොවී, මූලික අයිතිය මත ලැබිය යුතු දෙයක් බවත්, එම අයිතිය ජනතාවට සුරක්ෂිත කිරිම සෑම රජයේ වගකිමක් වේ. අනෙක් අතට විවෘත ආර්ථිකය පිළිගැනිම නිසා, ජලය යනු ආර්ථික භාන්ඩයක් බවත්, එ් නිසා එය වෙළඳ භාණ්ඩයක් වන බවත්, එ්නිසාම එය වෙළඳපොල බලවේගවල මූලධර්ම මගින් නිදහසේ පාලනය විමට ඉඩ හැරිය යුතු බවත් විවෘත වෙළඳ පොල ක‍්‍රමය පිළිගන්නා රටවලට සිදු වේ. එ් නිසා ලංකාව ඇතුලූ විවෘත වෙළ`දපොළ ආර්ථික ක‍්‍රමය පිළිගන්නා රටවලට අවසාන වශයෙන් ජනතාව පසෙක තබා, තමන්ට උපදෙස් සහ ණය ලබාදෙන අය කියන ආකාරයට ජල සමපතපෞද්ගලික කරනය කිරිමට අවශය පියවර රහස් සහ කුමන්ත‍්‍රණකාරී ලෙස ගැනිමට සිදුව ඇත.
පොදු සම්පත්ක් වන ජල සම්පත පෞද්ගලිකකරනය කිරිම සඳහා වන මෙම කුමන්ත‍්‍රණයේ පදනම වන්නේ, මෙරට ජල සම්පත වඩාත් කාර්යක්ෂම ආකාරයට ප‍්‍රයෝජනයට ගැනීම සඳහා යයි කියමින් ජාතික ජල ප‍්‍රතිපත්තියක් සකස් කිරිමයි. එ් අනුව සැකසෙන මෙම ප‍්‍රතිපත්ති ලේඛනය හඳුන්වා දී ඇත්තේ ජාතික ජල සම්පත් ප‍්‍රතිපත්තිය හා ආයතනික සකස් කිරීම ඒ අනුව එහි එක් පියවරක් ලෙස ප‍්‍රජා මූල ජල සමිති 3500 පාලනය කිරීමට ජල සමිපත් අධිකාරියක් පිහිට වීමට රජය තීරණය කර ඇති අතර ඒ බව 2014.05.06 වන දින ලංකාදීප පුවත්පත මගින් අණාවරණය කරණ ලදී.එකීනෙකට වෙනස් කාරණා ලෙස පෙනුනද මෙි සියල්ල සිදුවන්නේ බීමට ඇති අවසාන දිය පොදද මුදලට විකීණීම වෙනුවෙන්ය.
ඉදිරියේදී මේ ජල මංකොල්ලය නීත්‍යානුකුළව කි‍්‍රයාත්මක කිරිම සඳහා නව ජාතික මට්ටමේ, ස්ථිර ආයතන තුනක් පිහිටුවනු ඇත. ඒ ජාතික ජල සම්පත් අධිකාරිය(National Water Resources Authority), ජල සම්පත් මණ්ඩලය (Water Resources Council), ජල සම්පත් විනිශ්චය සභාව(Water Resources Tribunal) යන ආයතන තුනයිි. ජාතික ජල සම්පත් අධිකාරියට ජල හිමිකාරීත්වය පැවරිම, නියෝග පැනවීම, ආදී පරිපාලන කටයුතු පැවරේ. ජල සම්පත් මණ්ඩලයට පැවරෙන්නේ මේ පිළිබඳ කටයුතුවලදී උපදේශක මණ්ඩලයක් ලෙස කි‍්‍රයා කිරිමයි. ජල සම්පත් විනිශ්චය සභාව පිහිටු වන්නේ මෙතැන් සිට රජය සතු වන බව කියන ජලය ජනතාව විසින් භාවිතයට ගැනීම පාලනය කිරීම සඳහාය. එසේම ජල අයිතිය ලබා ගන්නා සමාගම් හා ජලය භාවිතා කරන ජනතාව අතර ඇති වෙන ආරවුල් විසඳීමටය.
මේ අනුව ජීවීන් ලෝකයට බිහි වු දින සිට මෙතක් කාලයක් තිස්සේ වැවක, ඇළක, දොළක හෝ ගංඟාවක පමණක් නොව තමන්ගේම ළිඳේ ජලය භාවිතා කිරිමට තිබූ නිදහස් අයිතිය මෙරට ජනතාවට හා සොබාදහමට අහිමි වනු ඇත.
මිරිදිය සැබවින්ම ලෝකයේ ඇති දුර්ලභ හා වටිනාම සම්පතකි. නමුත් නිරිත දිග හා ඊසාන දිග මෝසම් සුළං මගින් ශී‍්‍ර ලංකාවට වසරකට දෙවරක් විශාල වැසි ප‍්‍රමාණයක් ලැබේ. මෙය ලෝකයේ වාර්ෂික දල වර්ශාපතනය මෙන් තුන් ගුණයකට ආසන්න වේ. ඒනිසා මිරිදිය සම්පත අයිති කර ගැනීමට උවමනා මොනයම් හෝ බහු ජාතික සමාගමකට ලංකාව සුවිශේෂ රටකි. මේ පසුබිම මත ජල කළමණාකරන ප‍්‍රතිපත්ති හා මෙවන් ව්‍යාපෘති සැකසෙන්නේ් එමගින් දැනට පවතින ජල ප‍්‍රශ්නවලට පිළියම් කර, මෙරට කෘෂීකාර්මික සංවර්ධනය සඳහා ජලය බෙදා දීමට නොවේ. එවැනි උවමනාවක් තිබුණා නම් මේ ප‍්‍රතිපත්තිය සකස් කිරිමේදි විවෘතව ජනතාවගෙන් අදහස් ලබා ගත යුතුව තිබුණි. බටහිර රටවල්වල ඇති දැඩි ලෙස පරිසරය හා ජලය දූශනය කරන කර්මාන්තවලට අද ඒ රටවල්වල පරිසර නීති වලින් දැඩි බලපෑම් එල්ල වෙමින් තිබේ. මේනිසා ඒවා ලංකාව වැනි පරිසර නීති දුර්වල හා බලපෑම් මත කි‍්‍රයාත්මක නොවන රටවල්වල පවත්වා ගෙන යාමට අවශ්‍යව තිබේ.
එසේම බටහිර රටවලට අවශ්‍යය ගර්කින්, බේබිකෝන්, දුම්කොළ වැනි ඒ රටවල වගා කළ නොහැකි භෝග වගා කීරීමට මෙරට භූමිය හා ජලය ලබා ගැනීමට අවශ්‍ය වේ. ඒ සඳහා මුලින්ම මෙරට වී ගොවිතැන වනසා දැමිය යුතුය. මේ ප‍්‍රතිපත්තිය මගින් කෙරෙන්නේ ඔවුන්ට අවශ්‍යය ජලය, මෙරට ජනතාවගේ අවශ්‍යතාවලින් වලකා හෝ උදුරා ලබා දෙන බව සහතික කිරිමයි. එය සහතික කිරිමට නම් ජලයේ පොදු අයිතිය අහෝසි කර, යම් අධිකාරිත්වයකට ජලය අයිතිය ලබා දිය යුතුය. මේ අධිකාරය වන්නේ ජාතික ජල සම්පත් අධිකාරියයි. මෙය ජාතික ප‍්‍රතිපත්තියක් හා ජාතික අධීකාරියක් ලෙස නම් කළත් මෙහි ජාතික අරමුණක් නොමැති ආකාරය ඉතා පැහැදිය. ඒනිසා මෙය මෙරට භූමියේ අයිතිය ජනතාවට අහිමි කර, ඒ ඉඩම් වැවිලිකරුවන්ට පැවරීමට බි‍්‍රතාන්‍ය පාලකයන් විසින් 1840දි පනවනු ලැබූ මුඩුබිම් පනතටත් වඩා බිහිසුනු කි‍්‍රයාවක් සඳහා වූ සැළසුමකි.
එමෙන්ම මව් මරා පව් සමාකරන හැඩයේ සංවර්ධනය විසින් විනාශය කරා ඇද දමා ඇති මහ පොළොවේ ජීවය වන ජලය දිනෙන් දින ¥ෂ්‍ය නාස්තිය, නාගරීකරණය ආදී හේතූන් නිසා විනාශ වෙමින් පවතී. යුනෙස්කෝ සංවිධානය පවසන ආකාරයට දිනකට අපවිත‍්‍ර ජලය මිලියන දෙකක ප‍්‍රමාණයක් ලොව පුරා ඇති පිරිසිදු ජල මූලාශ‍්‍ර වෙත ගලා ඒමට සලස්වා ඇත. වසරකට ටොන් මිලියන 300-400ත් අතර ප‍්‍රමාණයක බැර ලෝහ ජලයට එක්වීම නිසා ලොව පුරා සීඝ‍්‍ර ලෙස පිරිසිදු ජලය හා ජල මූලාශ‍්‍ර විනාශ වෙමින් පවතී.
ජල නාස්තිය හා දූශනය ලොවපුරා ප‍්‍රබල පාරිසරික ප‍්‍රශ්නයක් බවට පරිවර්තනය වී ඇති අතර අපිරිසිදු ජලය පානය කිරීම නිසා දිනකට ලොව පුරා මිය යන සංඛ්‍යාව 14000 දක්වා ඉහල ගොස් ඇත. සොබාදහම් සංරක්ෂණය සඳහා වන ලෝක ව්‍යාප්ත අරමුදල හෙවත් උඋත් 2008 ලෝක ජල දිනය වෙනුවෙන් විශේෂ වාර්තාවක් එළි දක්වමින් පෙන්වා දුන්නේ ලොව සෑම මහාද්විපයකම ගංඟාවන් වේගවෙන් වියලි යමින් පවතින අතර මෙම තත්වය නිසා ලොව ජල හිඟතාව තව තවත් වර්ධනය වෙමින් පවතින බවයි.
ලෝකයේ ප‍්‍රධානතම ගංඟා 10ක් විමර්ෂණය කරමින් නිතුත් කළ මෙම වාර්තාව මගින් පෙන්වා දෙනු ලබන්නේ මේ ගංඟා වියලි යාමට කාළගුණ වෙනස් වීම්, ජල ¥ණයය සහ ඒවා හරස් කර වේලි බැඳීම යන කරුණූ හේතු වී ඇති බවය.
‘‘ . . මේ වාර්තාවේ සඳහන් හැම ගංඟාවක්ම වත්මන් මිරිදිය හිඟයට සංකේත ලෙස පෙන්වා දීමට හැකිවන අතර මේ ගැන අපි වසර ගණනාවක සිට අනතුරු හඟවමින් සිටිමු.’’ යයි මෙම අරමුදලේ ගෝලීය ජල වැඩසටහනේ අධ්‍යක්ෂ ජෙමී පිටොක් පවසයි. ‘‘ . . දුර්වල් සැලසුම් සහ ස්වාභාවික ප‍්‍රදේශ නිසි ලෙස ආරක්ෂා නොකිරීම හේතුවෙන් ඇති වී තිබෙන මෙම අර්බුදය නිසා, අපට තවදුරටත් මේ ගංඟාවල ජලය ජලා යාම ගැන බලාපොරොත්තු තැබීමේ හැකියාවක් නැහැ. දැන් ආණ්ඩුවවල සහ ව්‍යාපාර ලෝකයේ අවධානය යොමුව ඇති කාලගුණ වෙනස් විමේ අර්බුදය ගැන මෙන්ම ජල අර්බුදය ගැනද ලෝක නායකයන්ගේ හදිසි අවධානය ‘පසුව නොව දැන්මම’ යොමු විය යුතුය.’’
මේ වර්තාවේ දක්වා ඇති ගංඟා දහයෙන් පහක්ම පිහිටා ඇත්තේ ආසියාවේ වීමද අවධානයට ලක්විය යුතු විශේෂත්වයකි. එම ගංඟාවන් වන්නේ චීනයේ යෑංග්සි, මීකොං, සල්වීන්, ඉන්දියාවේ ඉන්දු සහ ගංඟා ය. යුරෝපයේ ඩැනියුබ්, ඇමරිකාව් ලා ප්ලාටා සහ රියෝ ග‍්‍රෑන්ඞ්, අපි‍්‍රකාවේ නයිල් සහ ඔස්ටේ‍්‍රලියාවේ මෙරී-ඩාලින් යන ගංඟාද මෙම ලයිස්තුවට ඇතුලත්ව තිබේ.
යුරෝපයේ පිහිටි, විශාල ජල ප‍්‍රමානයක් ගලා යන ගංඟාවක් වන ඩැනියුබ් ගංඟාවේ දිගටම වේලි ඉදි කිරිම නිසා එහි ඉවුරු දිගට පිහිටි තෙත් බිම් සහ පිටාර බිම් වලින් 80%ක් පමණ මේ වනවිට වැනසී ගොස් අවසන්ය. ගෝලීය උශ්නත්වය ඉහළ යාම නිසා හිමාලයේ පිහිට අයිස් ග්ලැසියර දිය වෙමින්, වැඩි වැඩියෙන් ජලය එකතු වෙද්දීත් ඉන්දු ගංඟාව ජල ඌනතාවයටක මුහුණ දී සිටින්නේ කෘෂීකර්මය සඳහා අති විශාල ප‍්‍රමානයෙන් ගංඟාවේ ජලය ලබා ගැනීම නිසාය. මෙම ගංඟාවන් සිඳී යාම නිසා ඒවායේ ජීවත්වූ මත්ස්‍ය ගහණය සීග‍්‍රයෙන් අඩුවෙමන් පවතින අතර එම තත්වය නිසා තම ජීවන පැවත්මට අවශය වූ ප්‍රෝටීන් සැපයුම බිඳ වැටීම හේතුවෙන් මේ ඟංඟා ආශී‍්‍රතව ජීවත්වන ලක්ෂ ගණනක්වූ ජන කොටස් සෞඛ්‍ය තර්ජනයකට ලක්ව ඇත.
මේ හේතුව නිසා වාර්තාව මගින් අදාල සියලූ රටවල ආණ්ඩුවලින් ඉල්ලා සිටින්නේ මෙම ගංඟාවල ජලය ගලා යාම මනා ලෙස ආරක්ෂා කිරීමට පියවර ගන්නා ලෙසත් එම ගංඟා වලින් ජලය උකහා ගැනීමේදී පරිසර පද්ධතිවල මෙන්ම ජනතාවගේ ජීවන පැවැත්ම ගැනද සහතික කිරිමට පියවර ගන්නා ලෙසයි.
‘‘ගංඟා සහ තෙත්බිම් සංරක්ෂණය අනිවාර්යෙන්ම රටක ජාතික ආරක්ෂාෙවි, සෞඛ්‍යයේ සහ ආර්තිකයේ සාර්ථකත්වට සමාන්තර වූ කාර්යයක් ඉටුකරනවා. මෙහිදී ගොවිතැන් කටයුතු සහ කාර්මාන්ත සඳහා ජලය ලබා ගැනීමේදී ජලය නාස්ති කිරීමකින් තොරව භාවිතා කිරිම පිළිබඳ සැළසුම් සහ ක‍්‍රමෝපායන් සකස් කිරිම අවශ්‍යව තිබෙනවා ’’ යයි පිටොක් වැඩි දුරටත් පෙන්වා දෙයි.
නමුත් මෙම කිසිවක් සදහා අවධානය යොමු නොකොට සියලූ විනාශයන්ගෙන් ගැලවී ඉතිරි වන ජලය දිය පොදක් බීමට නැති ජනතාවට විකිණීම වෙනුවෙන් මෙරට කටයුතු සිදුවෙමින් පවති. එම නිසා මෙවන් ව්‍යාපෘති සදහාත් සමසිථයක් ලෙස ජලය හා ජල මූලාශ‍්‍ර වීකිණිම වෙනුවෙන් සකස් කෙරේන මෙවන් ව්‍යාපෘති සදහා අපගේ බලවත් විරෝධය ප‍්‍රකාශ කර සිටිමු.
ගහ කොළ, සතා සිව්පාවා, මිනිසුන් වෙනුවෙන් නිදහස් ජල අයිතිය රැුකගැනීම ස`දහා සැමගේම දායකත්වය අත්‍යවශ්‍ය මොහොතක නිදහස් ජල අයිතියට එරෙහි වන සියලූම බලවේග පරාජය කළ හැකි වන්නේ සියලූම ආකාරයේ අධිරාජ්‍යවාදීනට එරෙහි සටනකින් බව අවධාරණය කිරීමට කැමැත්තෙමු.
admin
0