වරාය නගරය ගැන ඩුබායි පාඩම හා චමිපික රණවක ගේ විද්‍යාවට පිළිතුරු

One road one Belat නැමති සංකල්පය මුල් කරගනිමින් නව සේද මාවත නිර්මාණය කිරීම ආරම්භ කර ඇතග ඉතාලීයේ වැනීසියේ සිට මොස්කව් ල ස්තාන්බුල්ල නයිරෝබිල ශ්‍රී ලංකා, ක්වාලාලාම්පූර්, සහ චීනයේ නගර තුනක් යා කිරීම මගින් ලෝකයේ නාවික හා ගොඩබිමේ බලය තහවුරු කිරීම චීනය විසින් මේ වන විිට සිදුකරමින් ඇත. එමෙන්ම පසුගිය වසර දෙක සහ මෙම වසරේ චීනය විසින් නිර්මාණය කල වෙළඳ ගිවිසුම් පිළිගන්නා රටවල් 65 අතරට ශ්‍රී ලංකාවද ඇතුළත් වන අතර එම එකඟතාවයන් මත නව මූල්යට නගරය නිර්මාණය කිරීම සිදුකරනු ඇත.

මෙය පාරිසරික පදනමකින් පමණක් නොන සමාජ හා දේශපාලණික වශයෙන් රට දැවැන්ත අර්බුදයකය ගෙන යන ලබන ව්යානපෘතියකි.

මෙම මූල්‍ය නගර ව්‍යාපෘතියේ හවුල්කරුවන් ලෙස ලෝකයේ ස්වභාවික පරිසරය හා ජන ජීවිත වලපල්ලට දමා සිය ව්‍යාපාර කරන සමාගම් වන Jil ඉඩම් හා දේපල සමාගම, Pinsent Masons නීතිඥ සමාගම, PWC මූල්‍ය සමාගම, AECOM සේවා සමාගම, TKINS සැලසුම් සමාගම, SWECO උපදේශක සමාගම වැනි බහුජාතික සමාගම් චීන රජය සමග අත්වැල් බැ`දගන ඇත.

ඒමෙන්ම වරාය නගරයක් පිළිබඳ මෙට පෙර අපසතුව අධ්යමයනයක් හෝ අත්දැකීම් නැති නිසා 2003 දී ඩුබායි ෆාම් වරාය නගරය ඉදි කොට වසර දහයකට පසු එම පරිසර පද්ධතියට හා අවට ධීවරයන්ට සිදු වී ඇති බලපෑම මෙහි කෙටියෙන් සටහන් කිරීම යෝග්ය යයි සිතමු. ඩුබායි ෆාම් වරාය නගරය ඉදිකළ 2003 වසරේ සිට මේ වනවිට වසර 11ක කාලයක් ගතව ඇති අතර ඒ පිළිබඳ අධ්යරයනයක නිරත වූ ලන්ඩන් හි ස්වාභාවික සම්පත් කෟතුකාගාරයේ ආචාර්ය ඩේවිඩ් ජෝර්ජ් පවසන්නේ මෙම නගරය ඉදි කිරීමට පෙර හා පසු තත්ත්වයන් සලකා බලන විට එම මුහුදේල මුහුදු පැලෑටිල ජීවීන් හා සමස්ත මුහුදු පරිසර පද්ධතියටම විශාල හානියක් සිදු වී ඇති බවයි.

ලංකාවේ ඉදි කිරීමට නියමිත මෙම වරාය නගරයට සමාන වන ඩුබායි රටේ වරාය නගරය ඉදි කිරීම වෙනුවෙන් කලූගල් කියුබ්ක් මීටර් මිලියන 5.5 ක් ගෙනවිත් මුහුදු පත්ලට දමා ඇති අතරල ගැඹුරු මුහුදේ හා වෙරළ තීරවලින් මෙම ව්යාවපෘතියට ලබාගත් වැලි ප්‍රමාණය කියුබ්ක් මීටර් මිලියන 94 කි.
ලොව පුරාම මුහුදු පරිසර පද්ධතිය පිළිබඳ අධ්යතයනයක් සිදුකරන ග්‍රීන්පීස් ආයතනයට අනුව මෙම වරාය නගරය ඉදි කිරීමේ දී සිදු වූ දැවැන්ත හානිය නිසා මුහුදු ජීවීන්ගේ වාසස්ථාන විශාල වශයෙන් විනාශ වීමේ ප්‍රතිඵලයක් ලෙස ආහාරයට ගන්නා මාලූ ඇතුළු අනෙක් ජීවීන් විශාල වශයෙන් විනාශ වූ අතරල එය ඩුබායි සමුද්රස පරිසර පද්ධතියට මෙන්ම ධීවරයන්ට විශාල බලපෑමක් එල්ල කර ඇත.

එක්සත් රාජධානියේිද ඉන්ඩිපෙන්ඩන්ට්‘ පුවත්පත කරන ලද විශ්ලේෂණාත්මක වාර්තාවකට අනුව ඩුබායි වරාය නගරය කොරල්පර හා මුහුදු පරිසර පද්ධතියට දැවැන්ත හානියක් අත්පත්කර දී ඇති අතර ධීවර ක්ෂෙප්ත්ර්යට සැලකිය යුතු බලපෑමක් එල්ලව ඇත. නියමිත පරිසර ඇගයීමක් හෝ සොබාදහම පිළිබඳ අවබෝධයකින් තොරව කරන මෙවනි දැවැන්ත ව්යා පෘති ඩුබායි හි සමුද්රධ පරිසර පද්ධතිය හා ධීවර ජනජීවිතය විනාශ කළාක් මෙන්ම ලංකාව තුළ ද එසේ වීමේ අනතුරක් ඇත.

නිසි පරිසර තක්සේරුවක් නොකර කරන චීන වරාය නගර ව්යා පෘතිය නිසා දැවැන්ත හානියක් බටහිර වෙරළ තීරයට හා මුහුදු කලාපයටත් කලපු පරිසර පද්ධතියටත් සිදුවනු ඇතග විශේෂයෙන්ම ඉදි කිරීම් සිදුකිරීමේ දී වෙරළ තීරයෙන් හා ගැඹුරු මුහුදේ වැලි කියුබ් මීටර් සියයක් පමණ ගතයුතු වේග මෙලෙස විශාල වැලි තොගයක් ඇදීමේ දී වෙරළ තීරයේ ඛාදනය වඩා තීව්රත වන අතර පානදුරල අඟුලානල ගල්කිස්සල උස්වැටකෙයියාවල මීගමුව ඇතුළු බටහිර වෙරළ තීරයම මෙහි දී දැඩි අර්බුදකාරී තත්ත්වයකට දැන්වන විටත් පතවෙිමින් ඇත .

එමෙන්ම වැලි හෑරීමත්ල නගරය ඉදි කිරීමෙන් අනතුරුව ගොල්ෆ් පිටිවලට යොදන විෂ රසායන හා නගරයේ වැසිකිළිල කැසිකිළිල හෝටල් අවට සහ අනෙක් අප ජලය මුහුදට මුදා හැරීමෙන් ජලයේ ඔක්සිජන් ප්රැතිශතයේ සිදුවන වෙනස්කම් හා මුහුදු ජලයේ අප ජලය තැන්පත් වීම නිසා ජලය තුළ බැඳෙන පටල නිසාත් හිරුඑළිය හා මුහුදු පත්ල අතර සබඳතාවය බිඳ වැටේග එහෙයින් මුහුදේ ආහාර නිෂ්පාදනය අඩාලවන අතර සියලූම ජීවීන්ගේ ගහණය අඩුවීමට එය බලපානු ලබයි.

එමෙන්ම මීගමු මුහුදු තීරයේ මොරවල ප්‍රදේශයේ හා අනෙක් තදාසන්න ප්‍රදේශවල ඇති කොරල්පර විනාශයටත් කොරල් මුහුදුබාවන්ගේ විනාශයටත් මෙය දරුණු ලෙස බලපානු ලබයිග වැලි හෑරීම සහ නැවත මුහුද ගොඩකිරීම නිසා ඇතිවන දියරැළිවල වෙනස්කම් නිසා මීගමුව වෙරළ තීරයෙන් හෝ තදාසන්න ප්‍රදේශවලින් වෙරළ තීරය රට අභ්යින්තරය ඛාදනය වීමට බොහෝ සේ ඉඩ ඇත.

මෙයට වසර කිහිපයකට පෙර වර්ග කිලෝ මීටර් 65.610ක්ව තිබූ දිවයින මේ වනවිට ඛාදනය නිසා වර්ග කිලෝ මීටර් 65.525 දක්වා අඩු වී තිබේ. වෙරළේ සිදුවන ස්වභාවික ඛාදනය වඩා තීව්ර කිරීමට මුහුද ගොඩකිරීමට හේතුවන අතර මුතුරාජවෙල අහය භූමියල මීගමු කළපුවල මහවැව කළපුවල හලාවත කළපුවල ආනවිලුන්දාව කළපුව ඇතුළු බටහිර වෙරළ තීරයේ කළපු පද්ධතිය විනාශ වී යාමත් එහි ඇති මත්ස්යප විශේෂ විනාශය, කඩොලාන ශාඛ වර්ග විනාශය මෙම වරාය නගරය ඉදිකිරීම නිසා වඩාත් තීව්රත වේ.

දැනට සමුද්ර ජීවීන් පිළිබඳ අධ්යවයනයන් කරන විද්යාිඥයන් පවසන්නේ ඉන්දියන් සාගරය ඇතුළු සාගර ප්‍රදේශවල මුහුදු ජීවීන් හා ශාඛ 32.000 පමණ වාර්තාවන බවයිග එම විශේෂ 32.000 සැලකිය යුතු ප්රමමාණයක් ලංකාව අවට මුහුදු තීරයේ වාසය කරති. ඒ අතර මුහුදු ඌරන් කැස්බෑ විශේෂ වන කොළ කැස්බෑවාල දාර කැස්බෑවාල ඔලූ ගෙඩි කැස්බෑවාල නෙතු කැස්බෑවාල බටු කැස්බෑවා යන සත්ව විශේෂ දල හෙක්ටයාර් 126.989 වන කළපු පද්ධතියෙන් සැලකිය යුතු ප්රවමාණයක්ල මුහුදු තෘණ භූමි වශයෙන් හඳුනාගෙන ඇති හෙක්ටයාර 23.797 ප්‍රමාණයෙන් හෙක්ටයාර 11.000 අයත් මුහුදු තෘණ භූමිය කඩොලාන හෙක්ටයාර 528කට වැඩි ප්‍රමාණයක්ග වෙරළ බාධක පර ලෙස පිහිටා ඇති හෙක්ටයාර 956 ක්, ඩොල්පින් මසුන්ල තල්මසුන් ඇතුළු හඳුනාගගත් හා නොගත් සමුද්රඇ සත්ව හා ශාක විශේෂවලටත් එම භූමිවලටත් දැවැන්ත හානියක් මෙම වරාය නගරය නිසා සිදු වේ.

එමෙන්ම දෙදහස් දෙක වනවිට බටහිර වෙරළ තීරයේ ඇතුළු වෙරළ තීරයේ ගැඹුරු මුහුදූ ධීවරයින් හැර 114ල230 වූ ධීවර සංඛ්යාතව මේ වනවිට වඩා ශීඝ්රූයෙන් ඉහළ ගොස් ඇති අතර ඔවුන් සියලූදෙනාගේ ජීවිකාව මුහුදේ ජෛව විවිධත්වය නිසා රැකෙන්නකි.

ඒ අනුව චීන වරාය නගරය ඉදි කිරීම නිසා දැවැන්ත පාරිසරික හානියක් බටහිර වෙරළ තීරයේ හා මුහුදේ සිදුවන අතර විශාල මත්ස්යස නිෂ්පාදනයක් මෙන්ම අගනා පරිසර පද්ධති ගණනාවක් මෙරටට අහිමි වේ.
ඒ සියල්ල සමගම මුහුද ජීවිකාව කරගත් ධීවරයින් විශාල ප්රෂමාණයකට දරුණු ප්රරතිඵල අත්විඳින්නට සිදුවන අතර මෙම සංවර්ධනය මගින් අනාථයින් බිහිවීම වැළැක්විය නොහැකිය.

මැතක සිට චමිපික රණවක මෙහි හානිය වීද්්යාතත්මකව ඔප්පු කර පෙන් විමට ධිවරයින්ට ආරාධනා කරන්නේද යහපාලන ආණ්ඩුවෙි මෙය ඉදිකිරීමට කටයුතු කරන දැවැන්ත උවමනාව වෙනුවෙනිග සැම දාම අක්රිෙය වන නොරෙචිචොලේ ගල් අගුරු බලාගාරය වැනි සංවර්ධන ව්යාවපෘති වලින් මෙහුන් ගත් වැදගත් හා නුවනක් කාර විද්්යා්ත්මක පියවරයන් සාක්ෂි සහිතව පෙනෙන්නට ඇතග ස්භාවික විද්යාීව සීදූවෙිදී පාන් පිටි ලොරි වලට ගැසුවා සේ තෙරුමි ගැනීමට ලෙහෙසි නැත.

චමිපික රණවකට මෙි සමිබන්ධව විද්්යාාත්මක විවාධයක් අවශ්යෙනමි එය වෙනුවෙන් අප සුදානමිග දෙදහස් නවය වසරේ සිංහරාජ හෝටලය සමිබන්ධයේන් සිරස රූපවාහිනියේ ජනමඩල වැඩසටහනේ සිදුවු පරාජය සේම මෙවරත් ඔබට විද්්යා්ත්මක පරාජයක් අවශයනමි අප එයටද සූදානමිය ග තක්කඩිකමින් ස්භාවික සමිපත් පිටරටුන්ට පවාදේන දේශපාලුවන් මෙරට ජනතාවගේ හා සොබාදහමෙි සාරය උරා බොමින් සිටින බව ජනතාව තෙරුමිගත යුතුය.

රවින්ද්‍ර කාරියවසම්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *