මහා සංවර්ධනය හමුවෙි කුඩා ගොවියාගේ ඉරණම -NPP=2

ජාතික භෙෘතික සැළැසිමට අනුව වාණිජ බොග වගාවන් සදහා ඉඩමි නිදහස් කරගැනීම වෙිනුවෙින් මෙි වන විට රජය අවශ්ය මංකොල්ල කාරී ඉඩමි ප්රතිපත්තිය ක්රියාත්කරමින් සිටි . ලංකවෙි වී ගොවිතැන පඩු ලබන ගොවිතැනක් යැයි 1994 වසරේදී ලොක බැංකුව විසින් රජයට පෙන්වා දී තිබෙින අතර කුඩා ගොවියන් සිය ගොවිතැනින් ඉවත් කිරීමත් ඒ වෙිනුවට මහාපරිමාණ ගොවිතැන් ඇති කර ගොවියන් කමිකරුවන් බවට පත්කෙරෙන මෙම සැළසුමට අවශ්ය කැලෑ ඉඩමි ලබාගැනිම හා කුඩා ගොවිබිමි මහා පරිමාණ ගොවිබිමි යටතේ ආර්ථික බෝග වගාවට යොදවා ගැනීම මෙහි මුලීක පියවරයි .

ඒ වෙිනුවෙින් අවශ්ය ඉඩමි ඉඩම් නිදහස් කරගැනීම වෙනුවෙනුත් රජයේ අවශේෂ කැළෑ වනාන්තරවල ආරක්ෂාව වෙනුවෙන් තිබූ 05/ 2001 , 02/2006, 05 /98, චක්රලේක පසෙක තබා බහුජාතික සමාගම් හා ව්යාපාරිකයන් වෙත ඉඩම් ලබාදීම සදහා රජය මේ වන විට කටයුතු කරමින් ඇත. ඒ සදහා වන අමාත්යංශ චක්රලේඛය වන 1/2020 චක්රලේඛය මගින් ඉහත කී සියලු චක්රලේඛ අහෝසි කරන බව වන ජීවී හා වන සංරක්ෂණ අමාත්යංශයේ 04/11 /2020 ලිපියෙන් පෙන්වාදී ඇත.

ඒ සදහා සියලුම ප්රදේශීය හා දිසාපතිවරුන් යටතේ ඇති වනාන්තර හා වනජීවි හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු ඉඩම් ලබාගැනීමට අවශ්ය තොරතුරු ලබා ගැනීම සදහා අවශ්ය සැලසුම මේ වන විට ක්රියාත්මක වෙමින් ඇත.

සියලුම ප්රදේශීය ලේඛම්වරුල දිසාපතිවරුල වන ජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා වන ජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත මේ වන විට රජය දැනුම් දී ඇත්තේ නිදහස් කළ හැකි සියලු ඉඩම් පිළිබඳ තොරතුරු ලබාදෙන ලෙසය. ඒ අනුව මෙලෙස නිදහස් කළ හැකි ඉඩම් රක්ෂිත ඉඩමක් වුවද සියලු පරිසර නීති උල්ලංඝනය කරමින් වගාවන් සදහා පුද්ගලික ආයතනවලට හා බහු ජාතික සමාගම් වෙත ලබාදීම සදහා රජය මෙි වන විට කටයුතු කරමින් ඇත.
මෙම චක්රලේක ඉතාමත් වැදගත් වූයේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට හා වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් නොවන කැලෑ ඉඩම් ප්රදේශීය ලේඛම්වරුන්ගේ අවශ්යතාවය මත නිදහස් කිරීමට අවසරයක් නොතිබි නිසාය.
එසේ කැලෑ ඉඩම් ව්යාපෘති සදහා නිදහස් කිරීම සිදුකරනවා නම් ඒ සදහා ව්යාපෘති යෝජනාව පරිසර අමාත්යංශ ලේකම්ගෙන් යුත් අන්තර් අමාත්යංශ කමිටුවකට ඉදිරිපත් කර ඒ සදහා අවසර ලබාගත යුතුවතිබිණි . මෙම නිසාම දේශපාලඥයින් විසින් ඒ ඒ ප්රදේශවල සිදු කිරීමට නියමිතව තිබූ ඉඩම් මංකොල්ලය යම් තරමක් දුරකට නැවතී තිබුනේ මෙම 5/2001චක්රලේකය නිසාය

05/2001 චක්රලේකය අහෝසි කිරීමත් සමගම මෙරට වනාන්තර බරපතල අර්බුදයකට පත්වු අතර මෙරට දැවැන්ත වන සංහාරයන් හා ඉඩම් මංකොල්ලයක් සිදුවන බව රජය විසින් දැනට ඉඩම් සම්බන්ධව ගනු ලබන ක්රියාමාර්ගවලින් ඉතාමත් පැහැදිලිව පෙනේ.

පහත දක්වා ඇත්තේ සමස්ත වනාන්තර ප්රමාණය හා වටිනාකමින් නොවඩු නමුත් අවශේෂ ලෙස නම් කර ඇති වනාන්තරවල ප්රමානයන්ය.
මෙම සියලුම ඉඩමි වාණිජ බොග වගාවන් ලෙස දැනට රජය හදුනාගන ඇති බඩ ඉරිගු උක් කෙසේල් විකිණිය හැකි පලතුරු දැව ලෙස ඉක්මනි විකිණිය හැකි ගස් ආදිය වැවිමට රජය තීරණය කර ඇති අතර කර්මාන්ත පුර හා වාණිජ මධ්යස්ථාන ඇති කිරීම වෙිනුවෙනද යොදාගනු තිරණය කර ඇති බව ජාතික භෙෘතික සැළමුම දෙස බලන විට පෙනී යන කරුණකි.

116337918_789057988505716_5473271081680452489_n - Copy

දැනට අවශේෂ වනාන්තර බහුතරයක් පිහිටා ඇත්තේ අනුරාධපුරල මොණරාගල ආදි වියළි කලාපීය දිස්ත්රික්කවලය. එයිනුත් වැඩි ඉඩම් ප්රමාණයක් අලිමංකඩවල් ලෙස හා වියළි කලාපීය වාරි පද්ධතියේ ජල පෝෂක කලාප ලෙස ක්රියාත්මක වේ.

රජයට දැනට ක්රියාත්මක කරමින් යන ඉඩම් ලබාගැනීමේ ක්රියාවලියේදී අලිමංකඩවල් හා වාරි ජල පෝෂිත පමණක් නොව ඉහත දිස්ත්රික්ක මට්ටමින් පෙන්වා දී ඇති වටිනාකමින් නොඅඩු නමුත් අවශේෂ ලෙස නම් කර ඇති වනාන්තර සියල්ලම වාණිජ භෝග වගාවන් හා වෙනත් ආයෝජන සදහා බහුජාතික සමාගම්වලට හා පෞද්ගලික අයිතියට ලබාදීමට නියමිතය
මෙයට අමතරව වනජීවි හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයිති වගා කිරීමට හැකි ඉඩම් ලෙස පෙන්වා දෙන සියලු ඉඩම්ද ව්යාපාරිකයන්ට හා විදේශීය සමාගම් සතු කිරීමට ජාතික භෙෘතික සැළැස්ම 2050 විසින් සැලසුමි කර ඇත.
.

131297692_392807395163195_6398398454183292556_n

මෙම සිතියෙමෙි කහ පාටින් දක්වා ඇති සියලු ප්රදේශ ග්රමිය පදංචි හා ආර්ථික බොග වගාවන් වෙිනුවෙන් වෙන් කරන බව මෙම 2011- 2030 ජාතික භෙෘතික සැලැස්මෙි දක්වා ඇති අතර එය 2050 සැළස්ම තුල ඉති සංයමයේන සගවා කියා ඇත.

අහාර අනාගත ගොවියාගේ හා දීවරයාගේ ඉරණම
පාලකයන්ගේ මැදිහත් වීමෙන් කෘෂි ඉඩම් වල, පරිසරයේ හා සමාජයේ නිදහස බහුජාතික සමාගම් වෙත පවරා දීම නොකඩවාම සිදු කරනු ලබයි. එලෙස සිදුවීම සංවර්ධනය ලෙසද ඔහු අර්ථකථනය කරනු ලබයි.

අප අවබෝධ කරගත යුත්තේ ජෛව විවිධත්වය විසින් නිර්මාණය කරන පොහොසත්කම සුන්දරත්වය හා සුරක්ෂතතාවය මුදල් වලට නිරිමාණය කල නොහැකි බවයි. පසේ සාරවත් බව විසින් ඉඩම් වල පොහොසත්කම නිරිමාණය කරනවා වෙන්ම. පොහොසත් පරිසරය විසින් ජෛව විවිධත්වය ඇති මානව සමාජය ද පොහොසත් හා සුරක්ෂණ ස්ථානයක් බවට පත් කරනු ලබයි.
ජාතික භොතික සැලැස්ම තුල වනාන්තර එලි කිරීම හා ඒවා වාණිජ භොග වගාවන් වලට ඉඩමි ලබාදීම තුල රටෙි කුඩා ගොවියාගේ ගොවිතැන් බත් විනාශ වීම වැලැක්විය නොහැක .

මෙරට වී වගාව හා අනෙකුත් සුලු පරිමාණ වගාවන් සියල්ල රදා පවතින්නේ ජෛව විවිධත්වය හා වර්ෂා රටාව මතයි .
විශාල ලෙස සිදුකරන වනාන්තර විනාශය නිසා කුඩා ගොවියාගේ ගොවිතැන සරු කරන මෙම පරිසරික සාධක දෙකම අහිමි වී යයි . මෙම තත්වය විසින් අනාගතයේ ගොවියාට නිර්මාණය කරන්නේ ඛෙදවාචකයකි’

මෙිසමිබන්ධව අපට ඇති ලගම උදාහරණය ඉන්දියාවෙි පන්ජාබි ප්රන්තයයි. මොන්සැන්ටෝ ඇතුලු බහුජාතික සමාගමි පැමිණිමට පෙර ඉන්දියාවෙි පන්ජාබි වල ගොවිතැනින් ඉතාමත් සාර්ථක ප්රදේශයක් විය . නමුත් මෙි වන විට එහි ගොවිතැන ඛෙදජනක තත්වයකට පත්ව ඇත.
ලංකාවෙි අද වනවා මෙන්ම එරට වසර 40 පමණ පෙර සිට බහු ජාතික සමාගමි වෙිත කැලෑ ඉඩමි ලබාදීම නිසා පන්ජාබි ප්රන්තය ජෛව විවිධත්වය අතින් විනාශ වී ගිය අතර ගොවි ජනතාවට වගා අසාර්ථක වීම නිසාත් වගා ණය ගෙවා ගැනීමට බැරිවිය. එම නිසා අද වනවිට ගොවියන් සියදිවි නසාගැනීම පන්ජාබි ප්රන්තයෙි ඉහළ ගොස් ඇත. ලංකවෙි මෙම තත්වය උදාවීමට වසර 40 යන්නේ නැත ආර්ථික බොග වගාවන් සදහා ඉඩමි ලබාදී වසර 10 යනවිට අපට මෙි තත්වය දැක ගැනීමට හැකි වෙිනු ඇත.

මෙරට උදාහරණයක් ලෙස ඌව වෙල්ලස්ස බින්තැන්න සාරවත් ඉඩම් අක්කර 65000ක් බහුජාතික සමාගමකට පවරා උක් වගා ව්යාපෘතියක් කිරීමට මුලින්ම පිඹුරුපත් සැකසුවේ 2006 වසරේදීය. 2020 දෙසැමිබර් මස වන විට මේ මහා පරිමාණ ව්යාපෘතියේ කර්මාන්තශාලාව සෑදීම සඳහා වෙන්කර ගත්තා යැයි කියන අක්කර 570 භුමිය සඳහා ඩෝසර් ඇතුළු කර වැඩ ආරම්භ කිරීමට සූදානම් වීමත් සමග ගෙවි ජනතාවගේ ජීවිත අනතුරට පත්ව ඇත.

දේශගුණික හේතුන් කාළ ගුණික තත්වයන් ට අමතරව හා කුඩා ගොවියාගේ වගාවන් වලට අත්වන ඉරණම නිසාවෙින්ම තවදුරටත් අවදානමි සහගත වගාවන් වල යෙදීම කුඩාගොවයන් විසින් දැනටමත් ප්රතික්ෂේප කිරීමට පටන් ගන ඇත.

මෙම තත්වය තුල හා ඉදිරියේදි සිදුවන සියලු පිඩාවන් නිසා කුඩා ගොවියන්ට ගොවිතැන් අත්හැරීමට සිදුවෙි. මෙම තත්වයෙන් ගොවි ජනතාව මෙන්ම කුඩාපරිමාණ ධිවර ජනතාවඇතිවන තත්වයකි . මොවුන් බෙිරාගැනීම රජය වග කීමක් වුවත් එයට රජය අවස්ථාවක් නොදෙන තත්වයක බහුතරයක් ගොවිජනතාවට වාණිජ බොග වගාකරන සමාගමිවල කමිකරුවන් විමට සිදුවෙි . ධිවර ජනයාට මත්ෂ්ය සමාගමි වල අතකොලු බවට පත්වීමට සිදුවෙි . ජාතික භෙෘතික සැළසුමි හා ණය ආධාර සංවර්ධනය සිදුකල අනිකුත් අප්රීකානු ආසියානු රටවල තත්වය මෙයයි.

එයින් ඔබිබට දෙමුහුන් බිජ ජාන දුෂණය කල ආහාර
ගොවිතැන හා එහි ලාභය සමාගමි සතු කිරීමෙි රජයේ වැඩ පිළිවල තුල බීජ වල අයිතිය පරිසරයෙන් හා ගොවියාගෙන් උදුරාගන බහුජාතික සමාගම් වෙත පවරාගනිමින් සිටි. නමුත් මෙවන් ක්රියාවන් තුල මානව සමාජයත් පරිසරයත් ආරක්ෂා වන්නේ නැත. ආරක්ෂා වන්නේ බහුජාතික සමාගම් වල ලාභය පමණි. ඒවා ලාභ ඉපයීම වෙනුවෙන් තවදුරටත් මානව සමාජයේ බැඳියාවත් පරිසරයේ සුන්දරත්වයත් රාජ්යය හා බහුජාතික සමාගම් එක්ව තවදුරටත් විනාශකර ගනු යනු ලබයි.

131300869_3500368350081777_8925127277549647445_n

කෘෂිකර්මයේ සංවර්ධනය විසින් අපගේ ආහාර ක්රමවේදය ආහාර නොමැති ක්රමවේදයක් බවට පරිවර්ථනය කර ඇත. ශ්රී ලංකාව තුල ආහාර නිෂ්පාදනයෙන් 60% සිදු කරන්නේ කුඩා ගොවි ජනතාව විසින්ය. ජාතික භෙෘතික සැළැස්ම හා දැනට රජය සිදුකරන ඉඩමි මංකොල්ලයත් බහු ජාතික සාමාගමි වලට ගොවිජනතාව හසුකරන ක්රමවෙිදය තුලත් බරපතල ලෙස කුඩා ගොවියාට බලපානු ලබයි.
ගොවියා මත පැටවෙින ජිවන බර මත ගොවිතැන අත්හරින ගොවි ජනතාවට මෙන්ම රටෙි බහුතරයකට සිංහල දමිළ මුස්ලිමි වශයෙන් වෙන් වෙන්ව වුූ ආහාර සංස්කෘතින් මතටත් වෙළදපොළ අහාර සංකෘතිය කඩා වැටිම අනිවර්යෙන් සිදුවන කාරණයකි.
ඒ අතරට එන ජාන වෙනස් කරන ලද ආහාර අනුභව කිරීමට මිනිසාට පෙළඹීම් කරන අතර දේශීයව නිෂ්පාදනය කල ධාන්ය, එළවළු, පළතුරු වෙනුවට ආහාර තාක්ෂණයෙන් දෙමුහුන් කල ආහාර හා ඒවායේ පේටන්ට් අයිතියත් බහුජාතික සමාගම්වල නිෂ්පාදනයක් ලෙස දැකගත හැකිය. ජාතික භෙෘතික සැළසුමි වැනි ණය ආධාර සැළසුමි ක්රීයාත්මක කල බොහො රටවල් වල ආහාර සංස්කෘතිය මෙලෙස බහු ජාතික සමාගමි හා වෙළදපොළ විසින් ආක්රමණය කර ඇත.
වෛරස් ලෙස හෝ බැක්ටීරිය ලෙස ශාකයකට ඇතුල් කරන ජාන මගින් නිෂ්පාදනය කරගන්නා ආහාර මිනිස් සිරුරට මෙන්ම පරිසරයටත් අහිතකර ලෙස බලපානු ලබයි.
උදාහරණයක් ලෙස, DOLE කෙසෙල්, බටු, බඩඉරිඟු, සෝයා බෝංචි වැනි ඒක බෝග වගාවන් ලොව පුරා අක්කර මිලියන ගණන් වනාන්තර විනාශ කර ඇත . ඇතුවා මෙන්ම මිනිසුන්ගේ සෙෘක්යයටද බරපතල ලෙස හානි පමුණවා ඇත .
එමෙන්ම බිජයක හා ගසක සොබාදහම සමග ගනුදෙනුවට ඒ ඒ බිජ හා ශාක තුල සොබාවික සිමාවන් සොබාදහමින්මින්ම පමුණවා ඇතු. දෙමුහුන් කිරීම හා ජාන තාක්ෂණයට බීජ හා ශාක සතුන් මුසුකල විට ජාන අතර ඇතිවන පරයා යෑමෙි හැකියා විසින් සිදුකරන්නේ මුල් බීජවල ග හා සතුන් ශාක වල ගුණ නැසීමත් යුද්ධයක තත්වය නිර්මාණය කිරීමත්සිදුවෙි . එවැනි අහාර විෂ සහිත වන්නේ ඒම නිසායා. එයට අමතරව සොබාවික ක්රීයාවලියට මිනිසුන් මැදිහත්වන්නේ සිය දැනුම පදනමි කරගන බැවින් මෙම සියලු අහාර නිෂ්පාදන ක්රීයාවලිය බුද්ධිමය දේපලක් බවට පත්වෙි එම නිසා එවා නිෂ්පාදන සමාගමි වෙිත දිගටම මුදල් ගෙවිමට සිදුවෙි.
උදාහරණයක් ලෙස (I Phone, I Pad) අයි ෆෝන්, අයි පෑඩ් මෙන්ම (I Dahl) අයි පරිප්පු මේ වනවිට සමාගම් විසින් නිෂ්පාදනය කරන අතර සෝයා බෝංචි වලට කහපාට මිශ්ර කර ගනිමින් නිෂ්පාදනය කරන අයි පරිප්පු නැමති ජාන විකෘති කරන ලද ආහාර අධික මිලකට විකුණනු ලබයි.
කැරිබියන් දුපත් රාජ්යක් වන ඩොමිනිකා රජ්ය”කෙන්්යාව”බොටිස්වානා”උගන්ඩා”යන රටවල මෙිවන විට ජාතික භෙෘතික සැළසුමි ක්රියාත්මක කරමින් සිටින අතර ඉහත පෙන්වා දුන් තත්වය මෙි සෑම රටකටම උදාවී ඇත .
තුන්වන කොටස ඉදිරියේදි

Raveendra Karaiaywasam
+94718368642 Whatsapp

Leave a reply

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>