බොලිවියානු ජල මංකොල්යට එරෙහි සටන- 1 (සොබාදහමි අධ්‍යයන මධ්‍යස්ථානය)

බොලිවියාවේ කොචබම්බා නගරයේ ජලය සඳහා වන විප්ලවය ඇරඹුනේ දැනට වසර 20 කට පෙර 2000දීය. ඒ කොචබම්බා නගර වැසියන්ගේ
ජලය බිචෙල් Betchal නැමති සමාගමට පැවරීම නිසා, ඒ අයිතිය නැවත ජනතාව සතු කර ගැනීම වෙනුවෙන්ය. එම අරගලයේ අවසන් ජයග්‍රහණයද එම ජනතාව ලැබුවත් එම පුවත මෙරට මාධ්‍යයට එතරම් වැදගත් පුවතක් නොවූයේ එය මෙරට ජල සම්පත අල්ලා ගැනීමට මාන බලන සමාගම්වලට සහ ජල සම්පත බඳුනක තබා උන්ට පවාදීමට සුදානම්ව සිටින මෙරට ආණ්ඩුවටද එය අර්බුදකාරී පුවතක් වන නිසාය.

බිචෙල් සමාගම එලවා දමා සිය ජල අයිතිය ආපසු ලබා ගත් බොලීවියානු ජනතාවට එරෙහිව එම සමාගම නඩු මගට බැස්සේ බොලීවියානු
ජනතාවගෙන් ඇ. ඩොලර් මිලියන 50ක් (රු. ලක්ෂ 50,000ක්) වන්දි වශයෙන් ඉල්ලා සිටිමින්ය. ලොව බලවත්ම බහු ජාතික සමාගමක් වන
බිචෙල් සමාගම විසින් ලෝක බැංකුව විසින්ප වත්වා ගෙන යන ‘පාතාල’ වෙළෙඳ අධිකරණයක් ඉදිරියේ මෙම නඩුව පවරනු ලැබිය.

බොලීවියාවේ ජලය විකිණීමේ කාර්යය සඳහා බලහත්කාරකම් කළේද මේ ලෝක බැංකුවමය. ලොව පුරා ජනතාවගේ විරෝධතාවන්ට මුහුණ දෙමින්, Email මඟින් ලැබුණ විරෝධතා ලිපි කන්දත් සමඟින්, මාධ්‍ය මගින් එල්ලවූ දැවැන්ත බලපෑම් ඉදිරියේ අඩපන වූ බිචෙල් සමාගම අවසානයේදී බොලීවියානු ජන රැල්ල ඉදිරියේ ඇද වැටෙමින් තීරණය කළේ ද සංකේතාත්මක වන්දියක් ලෙස ඩොලර් සත 30ක් පමණක් රැ ගෙන වල්ගය හකුලා ගෙන යාමටය.
මෙම සිදුවීම මඟින් බහුජාතික සමාගම්වල සම්පත් කොල්ල කෑමට එරෙහිව ජනතා පරමාධිපත්‍ය පිළිබඳවදැවන්ත පුර්වාදර්ශයක් ලෝකයට පෙන්වා දෙනු ලැබීය.
සකස් කලේ පියල් පරාක්‍රම
සංස්කරණය Raveendra Kariyawasam

Leave a reply

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>