සොරගුනේ විනාශකාරී අනවසර වැලි ගොඩ දැමීම

106738603_716961145756736_3332635150651464793_n
මහා පරිමාණ අනවසර මැණික් ගැරීම් හා වැලි ගොඩදැමීම නිසා සොරගුනේ වනාන්තරයේ විනාශය ආරම්භ වී ඇතැයි ලංකාවේ ප්රමුඛ පෙලේ පාරිසරික ආයතනයක් සහ ප්රදේශයේ ගොවි ජනතාව අනතුරු අඟවයි.
බදුල්ල දිස්ත්රික්කය තුල මේ මහා අනතුර සිදුවන්නේ ආණ්ඩුවේ දේශපාලන බලවතුන්ගේ අනුග්රහයෙන් බවට චෝදනා කරන පරිසර හා සොබා දහම් අධ්යයන මධ්යස්ථානය වනාන්තර විනාශය මිනිස් ජිවිතවලටද බලපා ඇති අයුරුද එලි දක්වා තිබේ.
“කොටවෙහෙර මංකඩ, කණ්ඩිපිටිය, අළුත් වැව, හම්බෙගමුව යන ග්රාමසේවා වසම්වල ගම්මාන 35 ක දහස් ගණනක් ගොවින් කුඹුරු වැඩ කරන්නෙත්, ඔවුන් ගේ ගෙදර එදිනෙදා ජල අවශ්යතා සපුරා ගන්නෙත් මේ වනාන්තරය තුළින් ගලා එන ජල උල්පත් තුළින් හා ඒ ජලයෙන් සෑදුනු වේළිඔය අමුණෙන්. මෙයට සමගාමීව වේළිඔය අමුණ පෝෂණය කරන තවත් ජල මාර්ග 4 ක් තිබෙනවා. එම ජල මාර්ග හතරත් ආරම්භ වන්නේ සොරගුනේ වනාන්තරයෙන්මයි. සිදුවෙමින් පවතින වනාන්තර විනාශය නිසා මේ සියළු ජල මාර්ග සිඳෙමින් පවතින්නේ,” යි පරිසර හා සොබා දහම් අධ්යයන මධ්යස්ථානයේ රවින්ද්ර කාරියවසම් නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙයි.
සොරගුනේ වනාන්තරය විනාශයට ඇඳ දමමින් සිදු කැරෙන මැණික් හා වැලි ජාවාරමට අමතරව වේලිඔය අමුණ පතුළෙහි තිබෙන වැලි නිධිය ගම්පහ උඩුගම්පල ප්රදේශයේ පිහිටි පුද්ගලික සමාගමක් යන්ත්ර සූත්ර යොදා ගොඩ දමන්නේයැයි රවින්ද්ර කාරියවසම් කියයි. මේ විනාශකාරී අනවසර වැලි ගොඩ දැමීමටද අවසරය හා බලය ලබා දී තිබෙන බවට චෝදනා ලබන්නේ උඩුගම්පල ප්රදේශයේ පදිංචි ආණ්ඩුවේ ප්රබලයෙකි.
සොරගුනේ වනාන්තරය පිහිටා තිබෙන්නේ බදුල්ල දිස්ත්රික්කයේ හල්දුමුල්ල ප්රාදේශීය ලේකම් කොට්ඨාශයේය. මෙය ප්රදේශයේ ජල උල්පත් ආරක්ෂා කැරෙන එකම වනාන්තරය පමණක් නොව අරළු, බුළු, නෙල්ලි, ගම්මාන, කහට වැනි වටිනා ගහකොලද තිබේ.
එපමනක් නොව ඌව ප්රදේශයට පමණක් ආවේනික ඌව මැන්ඩොරා ශාක විශේෂයද දැකගත හැකියැයි පවසන කාරියවසම් ජෛව විවිධත්වයෙන් අනූන මෙම සොරගුණේ වනාන්තරය මැදින් උඩවලව බෝගහ පට්ටිය යා කැරෙන සාම්ප්රදායික අලිමංකඩද පිහිටා තිබීම විශේෂ කාරනාවක් ලෙස අවධාරණය කරයි.
කාමර 2000ක හෝටලයක්”
2009 වසරේදී සොරගුනේ වනාත්තරය තුළ කාමර 2000 කින් යුත් හෝටලයක්, ගොල්ෆ් පිට්ටනියක් පමණක් නොව කල්තොට දක්වා මහා මාර්ගයක් ඉදිකිරීමට එවකට සිටි ආරක්ෂක ලේකම්වරයා සහ ඔහුගේ මිතුරෙක් සැලසුම් කර තිබුනේ යැයි රවින්ද්ර කාරියවසම් අතීත සිදුවීමක් සිහිපත් කරයි. නමුත් නැගී ආ ජනතා විරෝධය හමුවේ සියළු සැලසුම් හකුළා ගෙන ඇත.
මෙවර මහ මැතිවරණයෙන් පසුව නැවත ඉහත කි සැලසුම් ක්රියාත්මක විය හැකියැයි සැක පලකරන සොබා දහම් අධ්යයන මධ්යස්ථානයේ රවින්ද්ර කාරියවසම් සිය සැකය තහවුරු කිරීමට සාක්ෂි ලෙස ඉදිරිපත් කරන්නේ සොරගුනේ වනාන්තර විනාශය හා වේළිඔය විනාශය වළක්වන ලෙස පරිසර හා සොබා දහම් අධ්යයන මධ්යස්තානයත්, වේළිඔය ව්යාපාරයේ ඒකාබද්ධ ගොවි සංවිධානයත් ජනාධිපතිවරයා දක්වා අදාළ සියළු බලධාරීන්ගෙන් ඉල්ලා සිටි බවයි.

Leave a reply

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>