බෞද්ධ දර්ශනයේන් සෙබාදහම කියවා ගැනීම – උදුලා ප්‍රසාදනී.

udula .

බිලින්දාගේ ඉපදීමේ සිට සුසනය දක්වා වූ ජීවන ගමන් මගේ මිනිසා ජීවත් කරන්නේ පරිසරයයි . ඒ අනුව මිනිස් ජීවිතය තුල පරිසරය ට හිමි වන්නේ අනභිභවනීය ස්ථානයකි . එයට හේතුව මානව සමාජය ජීව හා අජීව පරිසරය සමග එකිනෙකට බද්ධ වී පැවතීමයි . ඒ අනුව මානවයා සහ පරිසරය එකම කාසියේ දෙපැත්ත ලෙස අරුත් ගැන්වීමට හැකිය .මිනිසාගේ ක්‍රියකාරීත්වය බවුතික පරිසරය කෙරෙහි තදින්ම බලපාන අතර බව්තික පරිසරයේ ක්‍රියකාරීත්වය මිනිසට ඒ හා සමගාමීව බලපෑම් ඇති කරයි . මිනිසා යනු හුදෙක් වරප්‍රසාද ලාභි ලෙස ජනිත වූ සුවිශේෂී සත්ත්යෙකු නොවන බවත් ජීව හා අජීව පරිසරය සමග එකිනෙකට බද්ධ වී ඒ සමග අන්තර් ක්‍රියා පවත්වමින් කාලයත් සමග පරිනාමය වූ අයෙකු බවත් මේ ලිපිය කියවා අවසන් වන විට ඔබට සිතෙනු ඇත .පරිසරය ගැන මත ඉදිරිපත් වන සෑම අවස්ථාව ක දීම සිහියට නැගෙන්නේ බව්ද්ද දර්ශනය ය්. මානව සමාජයේ පැවැත්ම සොබාදහම සමග බැදි ඇති බව දුශ්ටි ගෝචරව පිලිගනීම බවුද්ද පරිසර චින්තනයේ පදනම බවද පවසිය යුතුයි . ඒ අනුව එතෙක් මෙතෙක් ලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම පරිසර වේදියාණන් බුදුන්වහන්සේ ය. ඒ අනුව බුදු දහම පරිසරය සමග ඒකත්මික වූ දර්ශනය කි.

පරිසරයේ ආරක්ෂාව පිලිබඳ පරිසරය රැක ගන්නා ආකාරය පිලිබඳ අද ලෝකයේම මිනිසුන් තුල පුලුල් කතිකාවතක් ගොඩනගා ඇත .මිනිස්සු ඒ ගැන සාකච්ඡා කර ති.සාම්මන්ත්‍රන පවත්වති .නොයෙක් නීති රීති අනපනත් පනවති.ඒ පරිසරය සුරැකීය යුතු සම්පතක් බවිනි.ලෝකයේ ජනගහනය ඝාතීය ලෙස වර්දනය වූ වද ඒහා සමගාමීව පරිසරය වර්දනය නොවේ .මිනිසෙකු ට ගසක් කපා දමන්නට මිනිත්තු කිහිපයක් ගත වූ වද එම ගස වැඩෙන්නට අවුරුදු සිය ගනනක් යන්නට ඇත .මෙ නිසා පරිසරයේ ඇති සම්පත් සීමා සහිත බවත් , මිනිසාගේ ආශාවන් අසීමිත බවත් අප තේරුම් ගත යුතුය .
ආරාම දේවතා වන දේවතා තින වනපපතිසු අ ධිවෘත්ථා දේවතා , වශයෙන් වෘක්ෂලතා වන්හි පවා අදිගෘහිත අල්පේශාක්‍ය දේවතාවන් වාසය කරන බව සූත්‍ර දේශනා වල දක්වා ඇත .වත්මනෙහි මෙය ඉන්ද්‍රිය ගෝචර නොව්වද මිනිස් චිත්තසන්තානය තුල ගස්වැල් විනාශ කිරීමට බියක් ,පිලිකුලක් ඇති කරන්නට සමත් විය .අපට ජීව ය දෙන ගස්වැල්වල ට දේවත්වයෙන් සලකන්නට ආදිතමයා ඉහත සන්කල්පය හරහා පුරුදු විය .සෙවණ ,ආහාර පාන ඖෂධ ,ඇදුම් පැලදුම්,විශයෙහි නොසිදෙන උල්පත වූ පරිසරය වෙත දයාන්විත ආකල්ප මෙන්ම කාරුණික අනුග්‍රහය ද ලබාදීම මිනිසා ගේ පරම යුතුකම බව බුදුන්වහන්සේ ස්වකීය දේශනාවලින් ඉදිරිපත් කර ඇත .වෘක්ෂයකට වුව ද කෘතගුණ සැලකීම උතුම් සත්පුරුශ ක්‍රියාවක් බව බුදුන්වහන්සේ ප්‍රායෝගිකව ප්‍රත්‍යක්ෂ කර දුන් අන්දම බුද්ධ චරිතය අධ්‍යයනය කිරීම තුලින් පැහැදිලි වේ .බුද්ධත්වයට පත් වී දෙවන සතියේ දී උන්වසන්සේ ස්වකීය නිර්මල පරමාර්ථය වූ සම්බුද්ධත්වය ලබාගන්නට උදවු කල ඇසතු බෝධිය දෙස සතියක් ඇසිපිය නොහෙළා බලා සිටියේ ය.
එකී පනිවුඩය මැනවින් වටහා ගත් බැවු බෞද්ධයන් විදහා පාන්නේ බෝධි වෘක්ෂය ත්‍රිවිධ චය්ත්‍යයන්ගෙන් එකක් ලෙස පිලිගෙන වන්දනාමාන කිරීමෙනි.එතකුදු නොව වරෙක ගිරා උපත ලද බෝසතුන් තමන් ජීවත්වූ ගස වියලී දිරාපත්ව තිබුන ද එය අතහැර යාම ප්‍රතික්ෂේප කරන අන්දම විස්තර කෙරෙන ,
” අවුරුදු ගනනක් මේ ගසෙන් ඵල භුක්ති විදි බව මට අමතක නැති හෙයින් දැන් ගෙඩි නැති බව දැන දැනත් ඒ මිත්‍රත්වය අතහැර යන්නට අසමත් වෙමි. ඒමෙත් සිත තවම මා තුල තිබේ .ඵල ඇති කල පැමින ඇසුරු කර ,ඵල නැති කල හැර යාම ආත්මාර්තකාමී ද්‍රෝහි ක්‍රියාවකි.”යන ප්‍රකාශ ය තුලින් පරිසරයෙන් ඵල ප්‍රයෝජන ලබන සත්ත්වයා පරිසරට කෘතගුණ සැලකිය යුතුය .පරිසරයට සෙනෙහස දැක්විය යුතුය .යන්න තහවුරු කරය්.පරිසරය වෙත කෙතරම් මිත්‍ර ශීලී ආකල්පයක් බෞද්ධ දර්ශනය තුලින් දක්වන්නෙදයත්,ආරාම වනාන්තර නිර්මාණය ,ගස් වැවීම,ලින් පොකුණු තැනීම ආදිය නිරන්තරයෙන් පින් වැඩෙන කුසල කර්ම ලෙස උන්වසන්සේ දේශනා කර ඇත .තවද සක් දෙවිදුන් එකී තනතුරට පත් වූයේ මුලින් සදහන් කරන ලද පින්කම්කිරීමෙන් බවද සදහන් කරන බුදුන්වහන්සේ “කෙලෙස් වනය කපන්න, එහෙත් ගස් නොකපන්න.”යනුවෙන් දේශනා කර ඇත .
පරිසරය කෙරෙහි බුදු දහමේ ඇති ආකල්ප ය තවත් උද්දීපනය කරන අන්ශයක් වන්නේ බුදු දහම පාරිසරික සෞන්දර්ය කෙරෙහි දක්වන සන්වේදීතාවයි.පරිසරයේ රමනීය බව ,සුන්දරත්වය බුදුන්වහන්සේ හා ආර්‍ය මහා සන්ඝරත්නය නිරවුල් මනසින් රසවින්දනය කර ඇති බව බුදු සමය තුලින් අපූරු වට ප්‍රත්‍යක්ෂ වේ .”රමනීයානි අරන්යානි
යත්ථ න රමතී ජනෝ
වීතරාගා රමෙස්සන්තී
නතේ කාම ගවේසිනෝ.”සූපිපි කුසුමෙන් සැදුණු රුක් පෙල ,ලිය පෙල හා ගල්තලා වැලිතලා ඇති ගලා බස්නා සිහිල් දිය දහර ඇති වනයෝ සිත්කලුය.ඒ කෙලෙසුන්ගෙන් මිදුනු උතුමන් ට හ කෙලෙසුන් මඩනා තව්සන්ට විවේක යට මග සලසයි .මෙසේ තෙරුන් වහන්සේලා තමන් ජීවත්වූ ආරන්‍යවල සුන්දරත්වය අතිශය රසවත් ව ඉදිරිපත් කර ඇති අයුරු උක්ත ඝාතාවෙන් කියවේ.පරිසරය හා මිනිසා අතර පවතින සක්‍රීය අන්තර් සම්බන්දතාවයට අපි දැන් අවධානය යොමු කරබලමු.පුහුදුන් මිනිසා තුල ගුනදහම් ක්‍රමයෙන් ක්ශීන වී ගොස් අධර්මය රජකරන විට එහි බලපෑම් පරිසරය ට යොමුවේ.අතීතයේ දී දේවත්වයෙන් ඇදහූ ගස්වැල් දෙස වත්මන් මිනිසා බලන්නේ ආර්ථික මය වටිනාකම නැමති උපැස් යුවළ පැලද ගෙනය.එවිට ඔවුන් ගස් වැල් දකින්නේ ධන ය උපදවන යන්ත්‍ර ලෙසය .මනුෂ්‍ය සමාජයේ රාගය ,ලෝභය ,බල තන්හාව ආදි අධර්මය න් පැතිරෙන විට සොබාදහමේ සමතුලිත බව නැති වී එය ව්‍යාකූලත්වයට පත් වේ.කලට වැසි නොවසී.කාලගුණය ,දේශගුණය ,මිනිසා ඇතුළු මුලු මහත් ජීවී සන්හතියටම අහිතකර ලෙස නැගී සිටියි. අපද පරිසරයේ කොටසක් වන නිසා අපි පරිසරය ප්‍රයෝජනයට ගත යුතු බව සත්‍යයකි . නමුත් අප පරිසරය උපයෝජන ය කල යුත්තේ ගසක් සොලවා එහි මල්,කොල,ගෙඩි ,අතු ආදිය බිමහෙලා හොද ගෙඩි පමණක් අහුලා ගන්නෙකු මෙන් නොව මී මැස්සෙකු මලකින් රොන්ගන්නා ආකාරය ට බව බුදුන්වහන්සේ වරෙක භික්ෂූන් වහන්සේලා අමතා දේශනා කර තිබේ .රටක දියුණුවට ,ඉදිරි ප්‍රගමනයට සන්වර්දනය අත්‍යාවශ්‍ය සාදකයකි. ඒ උදෙසා පරිසරය යොදා ගත යුතුය .

Leave a reply

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>