පරිසරවේදියෙකුට ජාතිවාදියෙකු වීමට නොහැකිය’ අමිබරුවන්ගේ පරිසරදිනය වෙනුවෙනි

US-China-trade-war-loom-Image-cyberworldmiscellaneousland.wordpress.com_
ලෝකයේ දේශගුණික විපර්යාස පිළිබඳව සාකච්ඡා කරමින් සිටින අවස්ථාවකදී ලෝකය පුරාම යුධ ගිනි දැල් ඇවිලෙමින් පවතී’. විශේෂයෙන්ම එයට හේතු වනුයේ ඇමරිකාව,යුරෝපය,චීනය,රුසියාව සහ ඉන්දියාව වැනි ප්රබල රටවල් තම ආර්ථිකය ශක්තිමත් කර ගැනීම උදෙසා ඔවුන් තුන්වන ලෝකයේ රටවල් ,දියුණු වෙමින් පවතින රටවල් හා නොදියුණු රටවල් තම ග්රහණයට යටත් කොට ගෙන එහි සම්පත් සූරා කමින් සිටිමයි

රටවල් තුළ යුධ ගිනිදැල් අවුලවමින් එම රටවල සම්පත් සූරා කෑමේ මෙහෙයුමක ලොවම නිරතව සිටින බව නොරහසකි. පසුගිය දශක කිහිපයක පුරා ඇමරිකාව විසින් ලෝකයේ නොයෙක් රටවල් සම්පත් සූරාකෑම වෙනුවෙන් රටවල් විනාශ කර දමන ලදි. උදාහරණ කිහිපයක් ලෙස ඇෆ්ගනිස්තානය,ඉරාකය ,ඉරානය, ලිබියාව වැනි රටවල් ගත හැකිය.
විශේෂයෙන්ම එම රටවල ඇති තෙල් සම්පත ඇතුලු සම්පත් සූරාකෑම වෙනුවෙන් එම රටවල් තුළ නොයෙකුත් ගැටලු ඇති කර එම රටවල් වල නායකයින් ඝාතනය කරමින් තමන්ගේ සම්පත් සූරකෑමේ මෙහෙයුම වෙනුවෙන් ලොව පුරා යුද්ධ නිර්මාණය කර එම යුද්ධ සඳහා ආයුධ ද නිපදවමින් සිටී.
පසුගිය පාස්කු ඉරුදින සිදු වූ ප්රහාර මාලවද මෙම සිදුවීමෙම කොටසකි. එයට හේතුව වනුයේ මේ වන විට ලංකාවේ ස්හිවික සමිපත් වල අයිතිය ලබා ගැනීම සඳහා ඉන්දියාව. චීනය .ඇමරිකාව ප්රබල මැදිහත් වීමක් සිදුකරමින් සිටී.
චීන වරාය නගරය නිර්මාණය කිරීමෙන් අනතුරුව චීනය විසින් හම්බන්තොට වරායත් එමෙන්ම මොරගහකන්ද කලුගග ආදී ජලාශත් උතුරුමැද වාරි ඇළ නිර්මාණය කිරීමත් වැනි දැවන්ත සංවර්ධන ව්යාපෘති සිදුකරනුයේ ඔවුන්ට අපරට සංවර්ධනය කිරීමට අවශ්ය නිසා නොව ණය මුදල් ලබා දී මෙම රටවල් තුළ ඇති සම්පත් සූරාකෑමේ කූට මෙහෙයුමේ එක කොටසක් ලෙසිනි.
චීන ඇමරිකානු ආර්ථික ගැටුම ලංකාව තුළ නිර්මාණය වනුයේ මෙය පදනම් කරගෙනය මෙයට හේතුව වනුයේ චීනය සංවර්ධන කටයුතු සිදු කරගෙන යාමේදී ඇමරිකාව විසින් ත්රිකුණාමලය වරාය එමෙන්ම ඇමරිකන් වොයිස් සන්නිවේදන මධ්යස්ථානය Dole සමගාම වැනි සමාගම් කිහිපයක් හා ආයතන කිහිපයක් ද යුද අහ්යාස ද ලංකාව තුළ ස්ථාපිත කරමින් ලංකාවේ සම්පත් සූරාකෑම වෙනුවෙන් ඔවුන් ද මෙම අරගලය දියත් කරමින් සිටී.
මේ අතරතුර ඉන්දියාව ලංකාවේ මුතුරාජවෙල සාමිපුර් ඉඩමි වල අයිතිය ඇතුලු තවත් ප්රදේශ බොහොමයක ඉඩම් ලබා ගැනීමට කටයුතු කර ඇත. අදවන විට ලංකාව පවතිනුයේ මේ කියන්නා වූ රටවල් තුනක බලපෑමට යටත් වය. එම රටවල් තුනෙනුත් විශේෂයෙන්ම ඉන්දියාව ලංකාවට හිතකාමී රටක් ලෙස තවදුරටත් යාන්තමින් හො කටයුතු කරමින් සිටින අතර චීනය හා ඇමරිකාව සම්පත් සූරාකෑම වෙනුවෙන් ප්රබලව ම මැදිහත් කිරීමක් සිදු කරමින් සිටී .
එම වෙළෙඳපොළ බෙදාගැනීමට නොහැකියාව නිසා එකිනොකා කුලල් කමින් සිටීන අතර එහි ප්රතිපලයක් ලෙස පරිසර සමිපත් විනාශ වී යාමි දේශගුණික විපර්්යාස ඉහළ යාම වාර්ගික ගැටුමි ඇති කිරීම හා ජන සංහාර දිගින් දිගටම ලොව පුරා සිදුවන නව ප්රවණතාවක් බව අපට දැක ගත හැක.
අද වන විට ඇමරිකාව පුරාම චීන ව්යාපෘති මෙන්ම චීන වෙළෙඳ භාණ්ඩ තහනම් කරමින් සිටින ආකාරය දැක ගැනීමට හැකි වන්නේ 2040 වන විට චීනය ඇමරිකාව පරදා ලෝකය තුළ විශාල ආර්ථික වර්ධනයක් ඇතිකර ගැනීමේ සියුම් ගමනක නිරතව සිටීම නිසාත් ලොව මීලග ප්රබලයා වනුයේ චීනය නිසාත් ඇමරිකාවෙි ආර්ථික දේශපාලන ගමන් මග අහෝසී වි යනු ඇත. එය වලක්වා ගැනීමටත් සම්පත් සූරා කෑමේ අරමුණිනුත් ඇමරිකාව මෙම ද්වන්ධ සටනෙහි යෙදී සිටින්නේ ලෝකය විනාශ කරමිනි.
ඒ අනුව ලංකාවේ ආර්ථිකය හා සම්පත් බෙදාගැනීමට චීනය හා ඇමරිකාව අතර විශේෂයෙන්ම අරගලයක් පවතී සහරාන්ලා නිරීමාණය කරන්නේ එවන් පරිසරයක් තුලයි . පාස්කු ප්රහාරයේ වග කිම වහබි අන්තවාදී සංවිධානයක් වන අයි එස් ලා බාරා ගත්තද අයි එස් සංවිධානය නිරීමාණය කිරීමෙි වග කිීම බාරගන්නේ කවුද .
එය ඇමරිකානු නිරීමාණයක් බව ලොව පුරා සිදුවන බල අරගලය දෙස බලන විට පෙනෙනට ඇත ඒ අනුව මෙිරට තුල සිදුවන්නේ ඇමරිකානු , චීන විසින් ලංකාවෙි සමිපත් සුරාකෑමෙි මෙහෙයුමයි.
අප සැවොම එක්වී විරෝධය දැක්විය යුත්තේ මෙයටයි නමුත් ජාතිවාදය පතුරවන බදුර්දීන් ලා, රතන, මහින්ද රනිල් හා මෛත්රි එක්ව ඉටුකරමින් සිටින්නේ ජාතින ලෙස එක්ව මෛ යටත් විජිත කරනයට එරේහිව ජනතාව මෙහෙයන එක නවතා ජාතීන් ලෙස හෝ ආගමි ලෙ ඔහුන් බෙිදා තබමින ඇමරිකානු හා චින මංකොල්ලා කරුවන්ගේ අවශ්යතාව ඉටුකිරීමයි .
පරිසරවෙිදීයෙකු කිසි ලෙසත් යුද්ධයක් නිර්මාණය කිරීමට අත නෙදෙන්නේ එය පරිසර සමිපත් මෙන්ම රටවල් විනාශ කරන ප්රබලම සාධකය නිසාය .
අප ජෙවෛ විවිධත්වය පිලිගන්නේ නමි සමාජ විවිධත්වයත් පිලිගත යුතුය . විවිධත්වය යනු රටක ඇති පොහෙසෙත් කමකි . ආක්රමණ ශීලි ශාක වලට පරිසර පද්ධති ඔරෝත්තු දෙන්නේ එක බොග වගාව නිසා නොව ශාක හා සත්ව විවධත්වය නිසාය . සමාජයටත් එය එලෙසින්ම අදාලය . එහෙයින් ඇමරිකානු චීන සමිපත් මංකොල්ලයට එරේහිව සියලු ජාතින් එක්ව සටන් කල යුතු බව අප පරිසරයෙන් වත් තෙරුම ගත යුතුය. රටෙි පරිසරය හෝ ජන සමාජය ආරක්ෂි කල හැකි වන්නේ දේශපාන අතකොලු වලට යටවීමෙන් නොව ඉලක්ක ගත අරගලයකිනි . ඒ උදේසා දැන්වති පෙළ ගැසීමෙි අවශයතාව ඇත

Leave a reply

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>