බීජයක ඉරණම-

පෘථිවිය නිර්මාණය වූ දා සිට මිහිමත පහළ වූ සචේතනික වූත් සිය`ඵම පදාර්ථයන්ගේ මූලාරම්භය වන්නේ බීජයයි. මිහිමත අතාසනික පැතිර වූ මිනිසාද නිර්මාණය වන්නේ ඉහත කී පරිදි කිසියම් වූ මූල බීජයකිනි.
නමුත් අප අද මෙහිදී කතා බහට ලක් කරන්නේ සමාජය තුල පු`ඵල් කතිකාවතක් ගොඩනගා තිබෙන ශාක වල ව්‍යාප්තියට එහි බෝ වීමට වැදගත් වන බීජ පිළිඹඳවයි. මෙය යාවත්කාලීන ප්‍රස්තුතයක් වන්නේ ශක්‍යතාව ගුරු කොටගත් මිනිසා බීජ කෙරෙහි සිය ආධිපත්‍ය පතුරවමින් ස්වභාව ධර්මය අතික්‍රමණය කරන්නට අනවරථ අරගලයක යෙදෙන බැවිනි.
මීට වසර ගණනාවකට පෙර බීජවල අයිතිය සොබාදහමටත්, දුප්පත් ගොවියාටත්, හිමිවී තිබුනි. ඔවුහු සොබාදහම සමග ගණුදෙනු කරමින් තම දේශගුණයට හා සංස්කෘතීන්ට ගැලපෙන විවිධ වූ බෝග වර්ග දස දහස් ගණනක් වගා කළහ. එනමුදු 1943 දී මෙක්සිකෝවෙන් ආරම්භ වූ කෘෂිකර්මාන්තය සඳහා ප්‍රකාෂිත ලෝක සැලැස්ම හෙවත් හරිත විප්ලවයේ බලපැම මත බීජ නිෂ්පාදනයේ අයිතිය බහුජාතික සමාගම් විසින් පැහැර ගනු ලැබීය. බෝග විවිධාංගීකරණය වෙනුවට ඒකීය වගා සංස්කෘතීන් නිර්මාණය විය. සහල්, ඉරිඟු, තිරිඟු, හා සෝයා බෝන්චි යනාදී බෝග හතර තුලින් පමණක් ලෝක ජනතාවගේ කුස පුරවන්නට මෙම සමාගම් උත්සහ කරති. මේ හේතුවෙන් අසීමිත විවිධත්වයකින් යුක්ත ආහාර සංස්කෘතිය බිඳ දමමින් ඉතා වටිනා ශාඛ ප්‍රබේධ නෂ්ට වී ඇත. ඒ අන්දමට සොබාදහම හා ගොවීන්ගේ සංස්කෘතිය මගින් බීජවල සාර්ථක අස්වැන්න විනාශ මුඛයට ඇද වැටී තිබේ.
එතකුදු නොව සොබා දහම හා ගොවීන්ට අයිතිව තිබූ බීජ නිෂ්පාදනය අද වන විට බුද්ධිමය දේපල යටතේ පේටන් බලපත්‍ර මගින් කාර්ගීල්ස්, මොන්සැන්ටෝ, ඩියුබොන්ඞ්, ක්‍ෂක්‍ වැනි බහුජාතික සමාගම් තමන් වෙත පවරාගෙන තිබේ. වසර ගණනාවක් තිස්සේ ඉන්දියානු හා පාකිස්තානු ගොවීහු බාස්මතී සහල් වගා කරති. ගොවීන් සිදු කළ පර්යේෂණ හේතුවෙන් විවිධ වර්ගයේ බාස්මතී සහල් නිර්මානය විය. ගොවීන්ගේ මෙකී නව සොයාගැනීම් තර්ජනයක් ලෙස සැලකූ ඍසජැ ඔැජ සමාගම බාස්මතී සහල් නිෂ්පාදනය වෙනුවෙන් 1997. සැප්. 2 දින අංක 5663484 යටතේ පේටන්ට් හිමිකම ලබාගෙන ඇත. මේ නිසා දුප්පත් ගොවීන්ට සිදු වී ඇත්තේ කබලෙන් ලිපට වැටීම වැනි ඛේදවාචකයකි.
එපමනකින් සෑහීමට පත් නොවූ මෙකී සමාගම තමන් නිෂ්පාදනය කරන බීජ වලින් නව පරම්පරාවක් ගොඩනැගිය නොහැකි අන්දමට ඒවායේ ජානමය ස්වරූපය විකෘති කරන්නට පෙළඹී තිබේ. තමන්ගේ ම කළල විනාශ කර ගැනීමේ ජානයක් සූක්ෂම ලෙස සැලසුම් කර ප්‍රරෝහතාය කළ බීජ අස්වැන්නෙන් වෙන්කර ගත්තද ඒවායේන් තවත් නව පරම්පරාවක් නිර්මානය නොවීමයි. එවිට වගා කරන වාරයන් පාසා තමන්ට අවශ්‍ය කරන බීජ වර්ග බහුජාතික සමාගම් මගින් මිලට ගන්නට ගොවියාට සිදුවී තිබේ. ඒ අනුව ස්වකීය වගා කටයුතු වෙනුවෙන් විශාල පිරිවැයක් දැරීමට සිදුවීමෙන් දුප්පත් ගොවීන් ණය ගැතියන් බවට පත්වී තිබේ.
තුන්වන ලෝකයේ රජයන් හා ගොවීහු මෙම ජාන පාලනය කරන ලද තාක්ෂණය ප්‍රතික්ෂේප කරති. ඉන්දියාව පවසන්නේ තමන්ගේ රටට මෙම තාක්ෂණය ඇතු`ඵ වන්නට ඉඩ නොදෙන බවයි. ජාත්‍යන්තර කෘෂිකර්මය පර්යේෂණය සඳහා වන උපදේශක කන්ඩායම ස්ථීරවම ප්‍රකාශ කරන්නේ තම අභිජනන කාර්යයන් සඳහා මෙකී තාක්ශණය යොදා නොගන්නා බවයි. ඊට පිළිතුරු ලස මෙන්සැන්ටෝ ආයතනය ඉදිරිපත් කරන්නේ අස්වැන්නට ඇරඹීමට ඉඩ දෙන්න / Let the harvest begin යන තේමාවයි. අප්‍රිකානු රජයෙන් තම ප්‍රඥප්තිය සටහන් කළේ, අස්වැන්නට පවතින්නට ඉඩ දෙන්න Let the harvest continue යනුවෙනි. ඒ තුලින් ඔවුන් අදහස් කරන්නේ බහු ජාතික සමාගම අප්‍රිකානු ගොවීන්ට සහය නොදක්වන බවත්,එරට ජෛව විවිධත්වයට දේශීය ජන වඥානය මගින් උපන් දැනුම, තිරසාර ගොවිතැන් ක්‍රම යටපත් කර දමන බවයි.
ත්‍මය ඉන්දියාව, අප්‍රිකාව වැනි රටවලට සේම ලංකාවටද මුහුණ පාන්නට වන අර්බුදයකි. අද වන විට රජරට ගොවීන්ට ඉතිරි වී ඇත්තේ කෘමි නාශක ආදියෙන් රොගී වූ ශරීරයන්, ණය ගැති ජීවිත පමණකි.

seedsඋදුලා ප්හෙට්ටිආරච්චි

Leave a reply

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>