ඔබෙි අහාර ලබාගන්න අනිකාගේ ජීවිතය සුරක්ෂිත කර -සොරාගත් අස්වැන්න

ප්‍රමාණාත්මක හා ගුණාත්මක ආහාර තිබූ පමණින්ම ආහාර සුරක්ෂිතභාවය ඇති වේ යැයි ඒත්තු ගැන්වීමට ලෝකයේ ප්‍රබල ආහාර සැපයුම්කරුවන් දැවැන්ත උත්සාහයක යෙදී සිටී. ඒ අනුව ඔවුන් ලොව පුරාම හෙක්ටයාර් මිලියන ගණනින් ඒක බෝග වගාවන් සිදු කරමින් ආහාර විවිධත්වය වනසා දමමින් ආහාර සංස්කෘතිය විනාශ කරමින් තිබේ.
ඒකබෝග වගාව තුලින් සමස්ත ජෛව පද්ධතියටම විවිධ අයුරින් කරන්නේ හානිකර බලපෑමක් බව තේරුම් ගැනීමට වත්මන⁣ බොහෝ දෙනෙකු අසමත් වීම අවාසනාවකි. එම අවාසනාව සමාගම් කිහිපයක වාසනාව බවට පත් කර ගනිමින් ඒක භෝග වගාවන්හි අධිරාජ්‍යවාදයක් ගොඩ නගා ආහාර වෙළෙඳ පොළ අත් පත් කර ගනිමින් ආහාාරයන්හි තීරකයන් බවට පත් වීමට ඔවුන් ට හැකි වී තිබේ .

“පළලමුව ආහාර”ප්‍රතිපත්තියෙන් “පළමුව අපනයන”ප්‍රතිපත්තියට මාරුවීම නිසාආහාර සැපයුම් කරුවන්ගේ අපේක්ෂා ව වනුයේ ඔවුන්ගේ අපනයන ලෝකය පුරාම ව්‍යාප්ත කරමින් ඔවුන්ගේ ආහාර විවිධ අයුරින් ජනප්‍රිය කිරීමටය.මේ තත්ත්වය හමුවේ අද වනවිට තමන්ගේ බිමෙහි ආහාර පවා නැති කරගනිමින් ආහාර සංස්කෘතීන් විනාශ කරගනිමින් කටයුතු කරන අයුරු දැක ගත හැකිය .

අප ජීවත් වන පෘථිවියේ ස්වභාවය අනුව පසෙහි විවිධත්වය ,දේශගුණික විවිධත්වය සහ පැළැටි වල විවිධත්වය මත ලෝකය පුරාම ආහාර සංස්කෘතියෙහි විවිධත්වයක් දැක ගත හැකිය .ආසියාතික රටවල සහල් පදනම් කරගත් ආහාර රටාවක් මෙන්ම සහල් පදනම් කරගත් සංස්කෘතියකටද උරුම කම් කියයි.සහල් අපගේ සංස්කෘතියේ කොටසක් සේම මධ්‍යම ඇමෙරිකාවේ තිරුඟු, ඉතියෝපියාවේ ටෙෆ්, අප්‍රිකාවේ බාර්ලි පදනම් කරගත් ආහාර රටාවක් සහ ආහාර සංස්කෘතියක් සතු වේ.
ඉහළ ජෛව විවිධත්වයක් ඇති රටක ඉහළ ආහාර විවිධත්වයක් මෙන්ම ඒ මත පදනම් වූ සංස්කෘතික විවිධත්වයක් දැක ගත හැකිය. උදාහර්ණයක් ලෙස ඉන්දියාවේ හිමාල කඳුකරයේ මිනිසුන් අමරාන්ත්, බක්වීට් සහ චෙනෝපොඩ්ස් වැනි අනුකාරක ධන්‍ය ද බටහිර ඉන්දියාවේ ඩෙකෑන් හි බාර්ලි ද නැගෙනහිර ඉන්දියානුවන් ,ගෝවා සහ කේරල වැසියන් සහල් සහ මාලු ද පරිභෝජනය කරනවා සේම ආහාර පිසීමේ මාධ්‍යයන් ලෙස තල තෙල් , රටකජු තෙල් ,පොල් තෙල් මෙන්ම උතුරු මහ නැගෙනහිර ඉන්දියානුවෝ අබ තෙල් පිසීමේ මාධ්‍යක් ලෙස භාවිත කරනවා සේම අබ ඇට බොහෝ ආහාර පදම් කර ගැනීමට හා රස ගැනිවීමටත් දේශිය වෙදකමේ ඖෂදයක් ලෙසත් ,බොහෝ පුද්ගගගගලික සහ සෞක්‍ය ආරක්ෂක අවශ්‍යතාවයන් සදහාත් දීපවාලි වැනි උත්සවයන්හි පහන් දැල්වීම සදහාත්, පලිබෝධ පාලනය කිරීමේ පාරිසරික ක්‍රමවේදයක් ලෙසත් පලිබෝධ පාලන කාරකයක් ලෙසත් ගබඩා කර ඇති ධන්‍ය වලට පැතිරෙන රෝග නාශකයක් ලෙසත් ,නිවෙස් හා ගම් වල පරිසර පවිත්‍ර කාරයක් ලෙසත් කටයුතු කරයි.ඒ අනුව පෙනී යන්නේ ඉන්දියානු වැසියන්ගේ ජීවිත සමඟඅබ බැදී පවතින බවයි.එම නිසා අබ තම ප්‍රධාන ජීවිකාව කරත් ඉන්දියානුවන් දැක ගත හැකිය .ඒ අනුව පැස භාව්ත කර තෙල් හිදින්නේ 10 000 000 ක්ද කුඩා යන්ත්‍ර භාවිත කරමින් 20000 ක් ද පිසීමෙි තෙල් අවශ්‍යතාවය සපුරනවා සේම නිෂ්පාදනය කරමින් ජීවිකාව පවත්වාගෙන යයි.

මේ අයුරින් ඉන්දියානු ජන ජීවිතය සමඟ බැදී පැවතුනු අබ අවතැන් කිරීමට මාස කිහිපයක් තඅළ විවෘතලෙස සෝයා ආනයනය කිරීම මගින් හැකි වීම ඛේධවාචකයකි.අබ තෙල් බීජ සමඟ වල් ඇට ද අනෙකුත් දෘෂ්‍ය කාරක ද මිශ්‍ර වූ අබ තෙල් පරිභෝජය කිරීම නිසා ශරීරාංග පුරා ලප මතු වීම, බඩේ රුදාව, ඔක්කාරය, වමනය ,පාචනය ,බඩ ඉදිමීම, ලේ ව්ෂ වීම, පෙනහලු අවහිර වීම , හුස්ම ගැනීමේ අපහසුව , හෘදය අක්‍රිය වී මිය යාම වැනි තත්ත්වයනි ඇති විය.ඒ අනුව 2300 දෙනකුට බලපෑම් ඇති කරමින් මරණ 41 වාර්ථා විය.ඒ සමගම අබ තෙල් අලෙවිය තහනම් කරනු ලැබීය.එමෙන් ම අැසුරුම් නොකරනලද තෙල් රජය විසින් තහනමි කිරීම නිසා ගෘහස්ථ මට්ටමේ සිදු කෙරුණු සුලු පරිමාන තෙල් සැකසුම් කර්මාන්ත නතර වී තෙල් සැපයීමමහාපරිමාන කර්මාන්ත වලට පවරනු ලැබීය.

අබ තෙල් වල අවශ්‍යතාවය සහ සෞඛ‍්‍ය ආරක්ෂිත බව අභියෝගයට ලක් කල පුරවැසි කන්ඩායම් හා කෘෂිකර්ම අමාත්‍යංශය විරෝධතා මැද්දේ ඉන්දියානු රජය තෙල් බීජ ලෙස සෝයා බෝංචි ටොන් ම්ලියනයක් නිදහසේ ආනයනය කිරීමට නිවේදනය ක⁣ලේය.එ් නිසා දේශිිය අබ තෙල් කර්මාන්තය හැකිලී ගිය අතර ආහාර සංස්කෘතිය ද විනාශ වී සෝයා මත යැපෙන්නට සිදු විය.
දූෂිත වෙළදුන් අබ තෙල් වල් ඇට සමඟ මිශ්‍ර කිරීම අතීතයේද සිදුකර ඇතත් එහි මිශ්‍ර කිරීමේ ප්‍රතිශතය 1% කට වඩා වැඩි වූ අවස්ථා සොයා ගත නොහැකි විය. මෙකී අවස්ථාවේ එය 30% දක්වා වැඩි වී තිබුණි. මේ අනුව පෙනී යන්නේ මෙය සාමාන්‍ය වෙළදාමේදී සිදු වන කලවම් කිරීමේ ප්‍රතිපලයක් නොවන බවයි . එනම් මෙය දේශීය වෙළෙන්දෙකු විසින් සිදු කරන ලද්දක් නොව සංවිධානාත්මක කුමන්ත්‍රණයක ප්‍රථිපලයක් බවයි .
Globoil india 98 නමින් දැවැන්ත සමුළුවක් ඉන්දියානු සෝයා බෝංචි ප්‍රවර්ධකයින් විසින් සංවිධානය කලේ එක්සත් ජනපද ගොවීන්ට විශාල අපනයන අවස්ථාවක් අවශ්‍ය වී තිබෙන වටපිටාවක් තුල ඉන්දියාවේ සෝයාබෝංචි ආනයනය ඉදිරියට ගෙන ඒමටය. බිස්නස් ලයිෆ් සඟරාව අනුව ඉන්දියාව එක්සත් ජනපද ගොවීන්ට ගැලපෙනම ස්ථානය විය.
අබතෙල් ඛේදවාචකයෙන් බහුජාතික සමාගම් තම වෙළෙඳ අවශ්‍යතා ගොඩනගාගත් අතර ඉන්දියානු තෙල් සකසන්නන් සමූහ සංහාරයකට ලක්විය .
මොන්සැන්ටෝ සමාගම විසින් අත්කරගෙන ඇති කැල්ගනේ සමාගම මේ වන විට අබ පැළෑටියේ පේටන්ට් අයිතිය හිමිකරගෙන තිබේ. පසු කලෙක ඉන්දියාවට අබතෙල් කර්මාන්තය හදුන්වා දීමට සිදුවුවහොත් ජාන ඉංජිනේරු තාක්ෂණයට ලක්කළ පේටන්ට් අයිතිය අත්පත්කරගත් අබ මත යැපෙන්නට සිදු වේ.
හදිසියේ ඇතිවූ අබතෙල් තහංචිය හා හිඟය නිසා දුප්පත් කාන්තාවන් මහත් අපහසුතාවට ලක්විය . ඔවුන්ගේ කුඩා දරුවන් ෆාම් තෙල් හෝ සෝයාතෙල් යොදා පිසූ ආහාර ප්‍රතික්ෂේප කල නිසා කුසගින්නේම නින්දට ගියහ. දශක කිහිපයක් පුරා පාසල් තුළ නොමිලයේම බෙදාදී ප්‍රවර්ධනය සිදු කලද තෙල් වශයෙන් හෝ ප්‍රෝටීන් ආහාර වශයෙන් සෝයාබෝංචි වලට අනුගත වීම අසීරු වීය.
ඒ අනුව මුලින් සඳහන් කල පරිදි ප්‍රමාණාත්මක හා ගුණාත්මක ආහාර තිබූ පමණින්ම ආහාර සුරක්ෂිතභාවය ඇති නොවන අතර සංස්කෘතියට අදාල ආහාර සපයා ගැනීමේ හැකියාවද ආහාර සුරක්ෂිතභාවය තුළ තිබිය යුතුය.

monsanto-9-crop-678x381
ප්‍රියන්ත පුෂ්ප කුමාර .
සොරාගත් අස්වැන්න ඇසුරින්

Leave a reply

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>