සිංහරාජය- විකිණිමට පමණයි , සුරකීමට නොව

ලෝක උරුමයක් ලෙසත් මෙරට ඇති ප්‍රාථමික වනාන්තරයක් ලෙසත් ප්‍රකට සිංහරාජය හෙක්ටයාර 8864ක් ලෝක උරුමයක් ලෙෂ නමිී කර ඇත. මිනිසා සහ ජෛව ගෝල රක්ෂිතයක් ලෙස හදුන්වනු ලබන මෙම සිංහරාජ වනාන්තරය එහි ඇති ජෛව විද්‍යත්මක වටිනාකම හා දුර්ලභ වන ගහනය නිසා 1988 වසරේදී යුනෙස්කෝ සංවිධානය මගින් ලෝක උරුමයක් බවට පත්කර ඇත.

සිංහරාජයේ මුළු බිමි ප්රමාණය හෙක්ටයාර් 11ල187 ක් පමණ වන අතර පරිවාර වනාන්තර ගණනාවකින්ද මෙම වන භූමිය සමන්විත වේග උතුරින් නාපොළ දොල හා කොස් ගුලන ගඟෙනුත් දකුණින් මහදොල සහ ගිංගඟෙනුත් බටහිරින් කළුංදාව ඇළ සහ පිට කැලේ ගඟෙනුත් නැගෙනහිරින් බ්රෂ්වුඩ් ප්රදේශයෙනුත් සමස්ත සිංහරාජයේ ආරක්ෂිත ප්රදේශය ආවරණය වී ඇති අතර රත්නපුරල ගාල්ල හා මාතර දිස්ත්රික්ක පුරා මෙය විහිදී ඇතග
5% කට වැඩි ආවේණික ක්ෂීරපායින් සහ සමනලුන්ට වාසස්ථානයක් මෙන්ම 70% ක් පමණ ආවේණික ශාක විවිධත්වයක් සිංහරාජය තුළ දැකගත හැකිය. උතුරින් නාපොල දොල හා කොස්ගුලන ගඟෙනුත් දකුණින් මහදොළ හා ගිං ගඟෙනුත් බටහිරින් කළුදොල ඇළ හා පිට කැලේ ගඟෙනුත් නැගෙනහිරින් බ්රවුෂ්වුඞ් ප්‍රදේශයෙනුත් සමස්ථ සිංහරාජයේ ආරක්ෂිත ප්‍රදේශය ආවරණය වී ඇති අතර මෙය රත්නපුර, ගාල්ල, මාතර, කලුතර යන දිස්ත්‍රික්ක පුරා පැතිරී පවතී.

එහෙත් අදවන විට සිංහරාජ පරිසර පද්ධතිය දැවැන්ත ලෙස ජාවාරම්කරුවන්ගේ ග්‍රහණයට හසු වී ඇත. විශාල වශයෙන් සිදුවන දැව ජාවාරම්, ජාන මංකොල්ලය, වල්ලපට්ටා කැපීම, මැණික් පතල් හෑරීම, අනවසර වැලි ගොඩ දැමීම් ඇතුලු නීති විරෝධී ක්‍රියාවන් තවමත් මෙහි සිදුවෙමින් පවතී.

සිංහරාජයේ වළංකන්ද තණබොල කෙළසීම

සිංහරාජයේ පරිවාර වනාන්තරයක් වන වළංකන්ද තණබොල ප්‍රදේශයේ මේ වන විට අධික ලෙස පරිසර හානියක් සිදු කරමින් පවතී. 1970 ට පෙර කොස්ගම පිහිටි තුනී ලෑලි සමාගමට ප්‍රධාන ලෙස දැව සැපවූයේ සිංහරාජ වනාන්තරයෙනි. පසුව මෙය ලෝක උරුමයක් වූ අතර එහි දැව කැපීම, ශාක වලට හානි කිරීම, සතුන් දඩයම් කිරීම හෝ සිංහරාජයට හානි වන කිසිදු ක්‍රියාවක් කිරීම තහනම් විය.

මෙරට වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥාපනත අනුව එවන් ක්‍රියාවන් සිදු කිරීම නීති විරෝධී ක්‍රියාවකි. එසේ නීතිවිරෝධී ක්‍රියාවන්හි නිරත පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට වනජීවී හා වන සංරක්ෂණ නිලධාරීන්ට හැකියාව තිබියදිත් ඔවුන්ද ක්‍රියාත්මක නොවීම කණගාටුවට කරුණකි. පසුගිය 2018 ජුලි 18 වන දින රජවත්ත ප්‍රදේශයෙන් ඇල්ලූ දැව තොගයද කිසිදු පරීක්ෂණයකින් තොරව පොලිසිය විසින් නිදහස් කරන ලද අතර එයට රාජ්‍ය නිලධාරීන් කිහිප දෙනෙකුද සම්බන්ධ වී තිබුනි. එසේම වනාන්තරය තුළ සිදුවන වල්ලපට්ටා කැපීමද තවදුරටත් බහුලව සිදු වෙමින් පවතී.

මේ සම්බන්ධව අදාල බලධාරීන් කොතෙක් දැනුවත් කළද මෙම ජාවාරම්කරුවන්ගේ ක්‍රියාකලාපයන් තවමත් සිදුවෙමින් පවතී. එසේම මෙම ජාවාරම්කරුවන් තවමත් නිදැල්ලේ වෙසෙමින් තම ජාවාරම් රිසි සේ සිදුකරනු ලබයි.

හෙක්ටයාර 11187ීක් පමණ වන භූමි ප්‍රමාණයකින් යුත් සිංහරාජයේ ඉහළ ශාක විවිධත්වයක් මෙන්ම ඉහළ සත්ත්ව විවිධත්වයක් ද දැකගත හැකිය.

අලි දෛනා සිරකර තෑබීමෙි කුමන්ත්‍රණය

1940 වර්ෂයේදී වන අලින් 18ක් පමණ සිටි සිංහරාජයේ මේ වන විට සිටින්නේ අලින් දෙදෙනකු පමණි. 1998 වසරේ සිට වනාන්තරය ක්‍රම ක්‍රමයෙන් එළි වීමත් සමග මෙහි අලි මිනිස් ගැටුම ආරම්භ වී ඇත. අලින්ගේ භූමිය සහ අලිමංකඩවල් මිනිස් පරිහරණයට ලක් වීමත් සමඟ අද වන විට පුද්ගලයින් 15 දෙනෙකු මිය ගොස් ඇත. පසුගිය දිනවල මෙම අවසාන අලින් දෙදෙනාද ඉවත් කිරීමට දැරූ උත්සහය ව්‍යර්ථ වීමත් සමඟ මෙම අලින් දෙදෙනා රක්ෂිතය තුළම කොටු කිරීමට අවශ්‍ය පියවරයන් මේ වන විට අමාත්‍ය මණ්ඩල පත්‍රිකා අංක 18/1455/844/001 ට අනුව වනජීවී අමාත්‍යවරයාගේ මූලිකත්වයෙන් සිදු කරමින් සිටී.

වනාන්තර පද්ධතියක් තුළ ඔවුන්ට අවශ්‍ය සියලු පරිසර තත්ත්වයන් තිබියදිත් හෙක්ටයාර 36ක ප්‍රදේශයක් තුල බන්ධනාගාරගත කිරීමට, අලින් දෙදෙනා වෙනුවෙන් වන අලි රැදවුම් මධ්‍යස්ථානය ඉදි කරනු ලබන්නේ රාජ්‍ය වැවිලි සංස්ථාවට අයත් දැනට හපුගස්තැන්න වැවිලි සමාගමට බදු දී ඇති රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ දොලේකන්ද ග්‍රාම සේවා වසමේ පිහිටි ඩිප්පින් වතුයායේ පාරුගල නැමති ප්‍රදේශයේ යි.
එහෙත් මෙම ස්ථානය මොවුන් දෙදෙනාට ජීවත් වීමට සුදුසු පාරිසරික තත්ත්වයන් නොමැති ස්ථානයක් බවද එහි විශාල වලවල් පවතින බවද ඒ නිසාම මොවුන් අනාරක්ෂිත බවද අතැම් නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් පවසනු ලබයි.

එමෙන්ම මෙම රක්ෂිතය තුළ සත්ත්ව ඝාතනද බහුලව සිදු වේ. ඊට හොඳම නිදසුන පසුගිය දිනවල රක්ෂිත ප්‍රදේශය තුළම ගෝනකු වෙඩි තබා මරා දැමීමෙන් තහවුරු විය. මේ අයුරින් වනජීවයට හොරා සතුන් දඩයම් කිරීම සිදු වෙමින් පවතී. මෙවැනි නීති විරෝධී මානව ක්‍රියා කලාපයන් නිසා ලෝක උරුම වන රක්ෂිතයේ ජෛව විවිධත්ව මෙන්ම පරිසර විවිධත්වය දිනෙන් දිනම විනාශ වෙමින් පවතී.

කුඩු මිරිසට මරු පහර

පරිවාර වනාන්තර ගණනාවකින් යුත් සිංහරාජ වනාන්තරයේ විශාල ශාක විවිධත්වයක් දැකගත හැකිය. එසේ පරිවාර වනාන්තරයක් වූ කුඩුමීරිය වැසි වනාන්තර කලාපයට මායිම්ව ඇති වනාන්තරය අද වන විට කිසිදු අවසරයකින් තොරව එළිකිරීම හා මහා පරිමාන වල්ලපට්ටා ජාවාරම් මෙන්ම මේ වන විට අධික විෂ රසායනික ද්‍රව්‍ය භාවිත කරමින් ගස් විනාශ කිරීමද ආරම්භ කර ඇත. ගස් විද ඒවා තුලට විෂ රසායනික ද්‍රව්‍ය ඇතුල් කරමින් මෙම මහා පරිමාණ වන විනාශය සිදු කරමින් පවතී. එසේම මෙම ප්‍රදේශය ජල පෝෂක කලාපයක් වන අතර විෂ රසායනික ජලයට එකතු වීම නිසා උල්පත් ජලය ද පරිභෝජනය කළ නොහැකි තත්ත්වයක් බවට පත් වී ඇත. වල්ලපට්ටා වගා කරන මුවාවෙන් මෙම මහා පරිමාණ වන විනාශය සිදු කරයි. මෙම මහා පරිමාණ ජාවාරම පිළිබද පොලිසිය දැනුවත් කළද කිසිදු නිලධාරියකු පැමිණ තිබුනේද නැත. වගකිව යුතු සියලු ආයතන අනුගමනය කරන නිහඬ පිළිවෙත නිසා රක්ෂිතය ජාවාරම් කරුවන්ගේ ග්‍රහනයට ලක් වී ඇත. එසේම වරින් වර සිදු කරන මැදිහත් වීම් නිසා තාවකාලිකව මෙම ක්‍රියාකලාපයන් නතර කලද ස්ථිර වශයෙන් මෙයද නවත්වා නොමැත.

ලෝක උරුම වන රක්ෂිතයක් මානව ක්‍රියාකාරකම් නිසාම නොදුරු දිනෙක අහිමි වී යනු ඇත. ජෛව විවිධත්වය මෙන්ම පරිසර පද්ධතියට ද සිදුවන මෙම හානිදායක ක්‍රියාවන්ගේ බලපෑම මුළු මහත් ලෝකයටම බලපානු ඇත.

කොස්ස්ගුලනේ විලාපය

සිංහරාජ පේරණ කලාපය තුළ කොස්ගුලන ගඟ හරස් කොට ඉදිකරමින් පවතින කුඩා ජලවිදුලි බලාගාරයක් නිසා ලෝක උරුම සිංහරාජ වනාන්තරයට බරපතල හානියක් සිදුවී ඇතග මෙම ඉදිකිරීම් සිදුකරන ප්රදේශය සිංහරාජ කුඩව ප්රධාන පිවිසුම් මඟ සිට කිලෝමීටර් 4ක් පමණ නැගෙනහිර දෙසින් සිංහරාජ මායිමට යාබද ප්රේරක කලාපය තුළ පිහිටා ඇති අතර කොස්ගුලන ගඟ හරස් කොට ඉදිකරමින් පවතින බැම්ම හා ගඟට යාබද ප්රේරක කලාපයේ වැසිවනාන්තරය බැකො යන්ත්ර යොදා එළිපෙහෙළි කිරීම නිසා මෙම සංවේදී පරිසර පද්ධතිය දිනෙන් දින විනාශ වී යමින් පවතීග ඊට අමතරව මෙම ඉදිකිරීම් වලට ගෙනැවිත් ඇති බැකෝ හා අනෙකුත් විශාල ට්රක් රථ ධාවනය සඳහා කුඩව සහ කොස්ගුලන අතර සිංහරාජ ප්රේරක කලාපයට අයත් කුඩා ගුරුපාරක් භාවිතා කර තිබේ.
ප්‍රදේශවාසීන්ගේ දැඩි විරෝධය නිසාත් පරිසර සංවිධාන කිහිපයක් නඩු මගට අවතීරණ වීම නිසාත් කලක් නැවතී තිබූ කොස්ගුලන විදුලි බලගාරය එම පරිසර පද්ධතිය වනසමින නැවත ආරමිබ කර ඇත.
මෙලෙෂ සිංහරාජයෙි විවිධ ස්ථාන වල නොයෙකුත් ලෙෂ සිංහරාජ වනාන්තරය හා එහි ජෛව විවිධත්වය විනාශවීමට අවශ්‍ය නෙයෙකුත් දේ සිදුfවිමන් පැවතියද බලධාරීන් සිංහරාජ ලෝක උරුමය වෙන්දේසී කරමින් සංහාරයන්ට ඉඩදී බලා සිටි .sinharaja

ශානිකා පතිරණ
ඵරිසර හා සොබාදහමි අධ්‍යයන මධ්‍යස්ථානය

Leave a reply

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>