දින දින වැනසෙන පෙමිබර දුමිබර

All-focus
වසර දහස් ගණනක් ඈත ඉතිහාසයකට උරුමකම් කියන ලංකාපුර රාජධානියේ පසුකාලීනව දුම්බර ලෙස වර නැගෙන්නට වූයේ දවසේ බොහෝ වේලාවක් එම ප්රදේශය වසා ගත් මීදුම නිසාවෙනි. අප රටේ සුවිශේෂී ජෛව උරුමට මුලු ලොවටම කියාපාන දුම්බර අඩවිය බටදඬු කඳුවැටිය, නකල්ස් කඳුවැටිය ලෙස ද හඳුන්වයි. මෙලෙස විවිධ නම් වලින් හඳුන්වන දුම්බර කඳුවැටිය කේටයාර 21000ක් පමණ ප්රදේශයක් පුරා ව්යාප්තව ඇති අතර එය ලංකාවේ මුලු භූමි ප්රමාණයෙන් සියයට 0.32කි.
මධ්යම පළාතේ මහනුවර දිස්ත්රික්කයේ මිනිපේ, උඩු දුම්බර, පාත දුම්බර, පන්විල යන ප්රාදේශීය ලේකම් කොට්ඨාස හතරේ සහ මාතලේ දිස්ත්රික්කයේ උකුවෙල, රත්තොට, ලග්ගල, පල්ලේගම හා විල්ගම යන ප්රාදේශීය ලේකම් කොට්ඨාස පහේද දුම්බර කඳුවැටිය ව්යාප්තව ඇත.
මෙලෙස ව්යාප්තව ඇති දුම්බර කඳුකරයේ පැහැදිලිව හඳුනාගත හැකි කඳු මුදුන් 35ක් පමණ ඇති අතර ඒ කඳුවැටි 17කින් පමණ සමන්විතය. මේ අතරින් උසම කඳු ශිඛරය ලෙස ගොංබානියාගල හැඳින්විය හැකි අතර එයි උස මීටර 1904ක් ලෙස හඳුනා ගත හැකිය. ඒ හැරෙන්නට දුම්බර කඳුකරය ගම්මාන 77කින් පමණ මායිම් වී ඇති වනවා සේම කඳුකරය තුළ ඇති හුදකළා ගම්මාන ගණනාවක් ඇත. දන්දෙනි කුඹුර, කහගල, දම්මන්න තැන්න, දිවුල්ගල්පතන, ඇටැන්වල, වලස්මුල්ල, රඹුක්වැව, උඩගල දෙබොක්ක, ගල මුදුන, පල්ලේගම, මීගහමඩ, මීමුරේ වැනි හුදකලා ගම්මාන රාශියක් ද ඇත. මෙම ගම්මාන සමහරක ඔවුන්ටම ආවේනික සංස්කෘතික ලක්ෂණ ඇති අතර මූලික අවශ්යතා පමණක් සරි කරමින් සරල හා සෞඛ්ය සම්පන්න දිවියක් ගෙවන දුම්බර වැසියෝ බොහෝවිට කඩපිලට ගොඩවදින්නේ ලුනු පොල්තෙල්, සබන් ආදී භාණ්ඩ කිහිපයක් මිලදී ගැනීමට පමණි.
මෙලෙස ස්වයංපෝෂිත පරිභෝජන රටාවකට පුරුදු වී ඇති දුම්බර වැසියෝ මනා සෞඛ්ය තත්ත්වයක් පවත්වාගෙන යන්නේ පිරිසිදු ජලය පෝෂ්ය සහිත ආහාර ඔවුන්ට ලබා ගත හැකි නිසාය.
ඒ හැරෙන්නට අපගේ ජනශුතිය පෝෂණය කරන්නට මඟ පෑදූ ජනශුත අංගයක් රාශියක් මෙම ප්රදේශවලින් උකහා ගත හැකි අතර නීතීන්ට වඩා බලවත් රීතීන් ඔස්සේ සාරධර්ම හා සමාජ ක්රමය ඉදිරියට ගෙන යනු ලබයි.
අධික දුෂ්කරතා මැද්දේ දිවි ගෙවන දුම්බර වැසියෝ ලෙඩකට දුකකට බටහිර වෛද්ය ක්රමයේ සරණ සොයන්නේ ඉතාමත් කලාතුරකිනි. මාර්ග දුෂ්කරතා නිසා අධ්යාපනය ලැබීම පවා සිදු කරන්නේ ඉතාමත් කටුක අන්දමින් පාසලට කිලෝමීටර හය හතකට වඩා පාගමනින් පැමිණේ.
වලාකුලු වනාන්තර, උප කඳුකර වනාන්තර, අතරමැදි කලාපීය කඳුකර වනාන්තර, වියළි මිශ්ර සදාහරිත වනාන්තර, ගංගා ආශ්රිත පරිසර පද්ධති, කුඹුරු, හේන් වගාවන්, එනසාල්, ෆයිනස් වැනි වනාන්තරයන්ගෙන් ද දුම්බර ගහන වී ඇත. මෙම විවිධ වූ පරිසර පද්ධතිවල පුලුල් ශාඛ පිළිබඳ අදධ්යයනයක් කර නොමැති අතර ලෝක සංරක්ෂණ සංගමය මගින් සිදු කරනු ලැබ ඇති පර්යේෂණවලට අනුව කුල 141කට අයත් සපුෂ්පක ශාඛ විශේෂ 1033ක් මෙම ප්රදේශයේ හඳුනාගෙන තිබේ. ඒ අතරන් ශාඛ 106ක් ලංකාවට ආවේනික ඒවාය. එම කඳුකරයේ වලාකුලු වනාන්තර කීන, නෙලු වැනි ශාඛ දැක ගත හැකි අතර උප කඳුකර තෙත් වනාන්තරවල මල් වෙරලු, මලබොඩ වැනි ශාඛ දැක ගැනීමට හැකියාවක් තිබේ. මැටි දවුල, බදුල්ල, ඇටඹ, අට්ටික්කා, කොටදිඹුල, වැල්පත්පාඩගම්, පිටවක්කා, බිනර වැනි ශාඛ ප්රජාවන්ද දුම්බර කඳුකරයේ ජෛව විවිධත්වය වැඩි කිරීමට හේතු වී තිබේ.
දුම්බර කඳුකරයේ සත්ත්ව විවිධත්වය සැලකීමේදී අන් ප්රදේශවලට වඩා ඉතා ඉහළ විවිධත්වයක් මෙම ප්රදේශයට උරුම වී ඇති අතර උභය ජීවීන්, අරගයින්, මත්ස්යයින්, ක්ෂීරපායීන් හා සමනලුන් යන සත්ත්ව ඛාණ්ඩ වලට අයත් සත්ත්ව විශේෂ 329ක් දුම්බර කඳුකරයෙන් වාර්තාවේ.
මෙම විශේෂ විවිධත්වය අතරින් ඉතා වැදගත්කමක් දරන්නේ ලෝකයෙන්ම මෙම ප්රදේශයට ආවේනික සත්ව ප්රජාවන් මෙම ප්රදේශයෙන් වාර්තාවීම නිසාය. දුම්බර පඳුරු මැඩියා (Pseudophilautus fulvus ) ,මූරිගේ පදුරු මැඩියා (Pseudophilautus mooreorum), විශාල පාද ඇති පදුරු මැඩියා (Pseudophilautus macropus), දුම්බර ගල්පර මැඩියා (Nannophrys marmorata) , මත්ස්ය විශේෂ අතරින් දුම්බර කදුකරයේ ජලාශ්රිත ප්රදේශ වලින් මහවැලි ගගෙන් වාර්තා වේ. ගල්පාඩියා (Garra phillipsii ), දංකුඩ පෙතියා (Dawkinsia srilankensis), දුම්බර පෙතියා (Systomus martenstyni) යන විශේෂ මෙම ප්රදේශයේ පමණක් වාර්තා වේ. මීට අමතරව දුස්බර අං කටුස්සා (Ceratophora tennentii ), දුම්බර කුරු බෝදිලිමා (Cohpotis dumbara) , දුම්බර මහ කැලෑ හූනා (Cyrtodactylus soba), මෙම ප්රදේශයෙන් වාර්තා වන අතර මෙහි ඉතා ආවේණික ප්රතිශතයක් දැක ගත හැකිය. මෙලෙස විශාල ජෛව විවිධත්වයකට උරුමකම් කියන දුම්බර කදුකරය සුවිශේෂී වූ භූගෝල සාධකද සහිතය.
පාෂාණ විද්යාත්මකව බලන කල ප්රාග් කේම්බීය යුගයට අයත් නැත්නම් වසර දසලක්ෂ හත්සීයකට උරුමකම් කියන පාෂාණ වැදගත්කම නිසා මෙහි විවිධ පරිසර පද්ධති දැකගත හැකිය. දුම්බර කදුකරය ප්රධාන කදු වලින් වෙන් වී ඇත්තේ දකුණින් මහවැලි ගංගා නිම්නයෙන් හා බටහිරින් මාතලේ නිම්නයෙනි. මෙය සම්බන්ධ වී ඇත්තේ ඉහළ මාතලේ නිම්නය හරහා වත්තේගම දක්වා විහිදෙන කඳුවැටියකිනි.
කෙසේවෙතත් මෙම දුම්බර කඳුවැටියේ බටහිර ප්රදේශය සැලකිය යුතු ලෙස දියුණු වී තිබේ. මෙයට ප්රධාන හේතුව නුවර සානුවේ සිට ඇති ගමනාගමන පහසුකම් නිසාවෙනි. මෙයට අමතරව ඊසානදිග ප්රදේශයේදී ඇති අධික වාර්ෂාපතනය නිසා ජනතාව වියළි ප්රදේශ කරා ඇදීයාමේ ප්රවනාවක් 19 වැනි හා 20 වැනි සියවස්වල සිට දැක ගැනීමට හැකිවී ඇතත් එවැන්නක් අද වන විට දැක ගත නොහැක.
ඊසානදිග මෝසෙමේදී වැඩියෙන්ම වර්ෂාපතනය ලැබෙන කොටස දුම්බර කඳුකරයේ ඊසානදිග කොසයි. එම ප්රදේශයට අඟල් 100ක් 200ක් අතර වර්ෂාපතනයක් ලැබෙන අතර රන්ගල, ශාන්ත මාටින් නම් ස්ථානයට වාර්ෂික වර්ෂාපතනය අඟල් 180ක් පඹණ වාර්තා වේ. නමුත් නිරිතදිග මෝසං සුළං ඉතා අඩු වර්ශාපතනයක් මෙම ප්රදේශයට ලැබෙන අතර විටින් විට ලැබෙන සංවහන වාර්ෂාද වරස පුරාම දැක ගැනීමට හැකියාවක් තිබේ.
එමෙන්ම මහනුවර සානුවේ උෂ්ණත්වයට සමාන උෂ්ණත්වයක් ප්රදේශයේ දැකගත හැකි අතර සම්පූර්ණ වශයෙන් වැඩී ගිය ප්රධාන කඳුවැටිය අඩි 5000 එක්මවයි.
මෙවැනි පාරිසරික හා භූගෝලීය තත්ත්වයන් දුම්බර අඩවියේ ජෛව විවිධත්වය වැඩි කිරීමට හේතුවී තිබෙන බව නිසැකවම කිව හැකිය.
දුම්බර කදුකරයේ ලංකාවේ දිගම ගංගාව වන මහවැි ගගේ ප්රධානතම ජල පෝෂක ප්රදේශ ලෙස ක්රියා කරයි. මහවැලි ගග එහි කොටසක් වටා ගමන් කරන නිසා ජල පෝෂක ප්රදේශයේ විශාල ජලයක් මහවැලි ගගටත් මහවැලි ගගේ ප්රධාන අතු ගංගාවක් වන කලු ගගටත් එක් කරයි. මෙයට අමතරව හුලු ගග හා හීන් ගග මහවැලි ගග පෝෂණය කිරීම උදෙසා දුම්බර වන පෙතෙන් ආරම්භ වී ගලා යයි. දුම්බරින් පටන් ගන්නා දිය ඇලි ගණනාවක් අවසානයේ මහවැලි ගගට එකතු වන අතර එය විශාල ජල ධාරාවක් බවට පත් කරමින් ත්රිකුණාමලයෙන් මුහුදට වැටෙන තෙක් ගලා යයි. මේ හැරෙන්නට පැරණි වාරි පද්ධති විශාල සංඛ්යාවක් කලු ගගේ දකුණූ ඉවුරේ දැත ගැනීමට හැකියාව තිබේ. ඒ අතර අතුබැදි වැව, ගලේ යාය වැව, බටුමේන්යාය වැව, පතන්කනත වැව, ලී කොළ පැලැස්ස වැව, අමුණෙකොළ වැව, දික්පිටිය වැව, කන්දකැටිය වැව හා මඩඋල්පත වැව හදුන්වා දිය හැකි අතර මින් සමහරක් වාරි පද්ධති අද වන විට අත්හැර දමා ඇත.
මෙලෙස වාරි පද්ධති හා ගංගාවලින් පෝෂණය වූ දුම්බර මුලුු රටේම ජල අවශ්යතාවය සරි කරන මධ්යස්ථානයක් බදුය. එම නිසාම දුම්බර කදුකරයෙන් ඇරඹෙන අඹන් ගගේ ජලය මෙරට වියළි කලාපයේ ගොවිතැන සාරවත් කිරිමට ප්රධාන වශයෙන් යොදාගෙන තිබේ. අඹන් ගගේ ජලය දෙමෝදර වේල්ල මගින් දඹුලු ඔයට හරවා එම ජලය දඹුලු ඔය ඔස්සේ කලා වැවට ගෙන ගොස් තිබේ. එම ජල පද්ධති අවසානයේ මන්නාරමේ යෝධ වැව දක්වා ජලය ගෙන යාම සිදු කළ බවට අදටද සාක්ෂි තිබේ. මෙයට අමතරව කලු ගගේ ජලය හත්තොට අමුණ මගින් අඹන් ගගට ජලය ලබා දීමට සකස් කර තිබේ.
විශාල අමුණු සංඛ්යාවක් බැඳ ඇළවේලි තනා ලංකාවේ වියළි කලාපයේ සාරවත් බව උදෙසා ජලයේ දායකත්වය ලබා දීමට ඇත්තේ මෙලෙස ප්රධාන වශයෙන් දුම්බර කඳුකරයෙන් පෝෂණය වන ජල ධාරා නිසාය.
මේ අනුව අදටත් දුම්බර වනාන්තරය ජල පෝෂකයක් ලෙස රැක ගැනීමට වියළි කලාපයේ කෘෂි කර්මාන්තයේ අනාගතය තීරණය කරන්නක් විය හැකිය. ප්රදේශ ගණනාවක ජල අවශ්යතාවය ලබා දීමට හා එහි ප්රධාන හිමිකරුවා වීමට දුම්බර කඳුකරය සමත්වී තිබෙන්නේ මෙහි ඇති පොහොසත් ජෛව විවිධත්වය නිසාය.
මෙම සියලු වටිනාකම් නැති කර ගත් අපූරු සොබා ධර්මයේ නිර්මාණයක් වූ දුම්බර අඩවිය ලෝක උරුමයක් ලෙසද හැඳින්විය හැකි නමුත් මේ වන විටත් දුම්බර අඩවිය විනාශ මුඛයට පත් වෙමින් තිබේ.
විශේෂයෙන්ම මෙම ප්රදේශයේ පවතින ඉඩම් පෞද්ගලීකරණය හා මංකොල්ලාකෑම යන ක්රියාවලිය නිසා මේ ජෛව විවිධත්වය විනාශ වීමට පටන් ගෙන තිබේ. ඉඩම් ප්රතිසංස්කරණ කොමිසමට අයත් වනාන්තර ඉඩම් බදුදීම සහ වැවිලි සංස්ථාව සතු ඉඩම් වනාන්තර වරින් වර එළි පෙහෙළි කිරීම හේතුවෙන් නකල්ස් රක්ෂිත ප්රදේශයේ ජෛව විවිධත්වය හායනයට බලපාන ප්රධාන සාධකයක් බවට පත්ව තිබේ. එයට අමතරව නකල්ස් සංරක්ෂිත ප්රදේශයේ සීමා මායිම් නොමැතිකම නිසා නීති විරෝධී ක්රියා පාලනය කිරීමට අපහසු වී ඇති අතර පෞද්ගලික හිමිකරුවන්ගේ ඉඩම් සංරක්ෂිත ප්රදේශය දක්වා පුලුල්වීම මේ වන විටත් දැක ගත හැකිය.
මෙම ප්රදේශයේ සිදුවන එනසාල් වගාව ඉහළ කඳුකරයේ වලාකුලු වනාන්තර, තුරු වනාන්තර හා උප කඳුකර වනාන්තර හා බිම් ස්ථරය විනාශ කිරීමට සමත් වී තිබේ. යටි ස්තරය සම්පූර්ණයෙන්ම ඉවත් කරන එනසාල් වගාව ව්යාප්ත කිරීම හේතුවෙන් හා එනසාල් වියලන වාඩි සඳහා වනාන්තර විනාශ කිරීම නිසා නකල්ස් රක්ෂිතය දැඩි අවදානමකට පත්ව ඇත.
ඒ හැරෙන්නට කලු ගඟේ, කිරි ඔය ආදී ප්රදේශවල බැකෝ යන්ත්ර මගින් සිදු කරන මහා පරිමාණ මැණික් ගැරීම් හේතුවෙන් දියදාරාවන් ආශ්රිත මාලු ප්රජාවට හා ගංගා ආශ්රිත ගලා යන රොන් මඩ හේතුවෙන් දුම්බර රක්ෂිතයේ මත්ස්ය ප්රජාවට හා උභය ජීවී ප්රජාවට එය මහත් තර්ජනයක් බවට පත්ව ඇත.
තවද වියළි කාලයේදී මෙම ප්රදේශයේ කැලෑ ගිනි තැබීම බහුලව සිදුවේ. පහත් බිම් ආශ්රිත ෆයිනස්, ඇකේෂියා වන වගා බිම් ආශ්රිතව නිතර ගිනි තැබීම් සිදු කරයි. හේන් වගාවට නව ඉඩම් ලබා ගැනීමට මෙන්ම විනෝදය සඳහාත් ගොනුන්ට ලපටි තණ ලබා දීමේ අරමුණින් කැළෑ ගිනි තැබීම දුම්බර කඳුකරයේ නිතර වාර්තා වන අතර ඒ ජෛව විවිධත්වයට ප්රභල බලපෑමක් සිදු කර තිබේ. දුම්බර කඳුකරයේ පවතින හෙක්ටයාර 1174ක පමණ වන ෆයිනස් වගා බිම හා හෙක්ටයාර 158ක් පමණ වන ඇකේෂියා වන වගා බිම් කැළෑ ගිනි පැතිරීමට බහුලව හේතු වී තිබේ. මෙයට හේතුව තෘණ භූමි ආශ්රිත වගා බිම් පැවතීමත් වියළි ෆයිනස් හා ඇකේෂියා පත්රවලින් ශාඛ යට ගහණය වීමත්ය.
එසේම මීමුරේ හා පිටවල පතන ප්රදේශයේ දුම්බර කඳුකර ප්රදේශ ආකර්ශනය වැඩි ස්ථාන නිසා සංචාරකයින් මෙම ප්රදේශවලට බහුලව පැමිණේ. එලෙස පැමිණි සංචාරකයින් ප්ලාස්ටික් පොලිතින් ගංගා ඇළදොළවලට දැමීමද සතුන්ට ශාඛවලට කරන හානිද නිසා එහි ජෛව විවිධත්වයට බරපතල හානි පැමිණ තිබේ.
එමෙන්ම රාජ්ය වැවිලි සංස්ථාවට අයත් නිකලෝයල අල කොලෝල කොටගල ,ඕපල්ගල ඇතුළු තවත් වතු ඉඩම් රාශියකින් හෙක්ටයාර් 6192 ද ඇල් කඩුව වැවිලි සමාගමට අයත් වතු ඉඩම් වලින් ද හෙක්ටයාර් වශයෙන් මුළු ඉඩම් හෙක්යාර් 8555 ක් නැතහොත් අක්කර 21000 තිස් පස් වසරේ බදු ක්රමයට යටත්ව අක්කරයකට වාර්ෂිකව රු 2857 ක මුදලකට බදු දී තිබේ.

නකල්ස් රක්ෂිතයට මායිම්ව ඇති මෙම සියළු ඉඩම් මෙලෙස දේශපාලඥයින්ගේ උවමනාව මත විවිධ පුද්ගලයින්ට පැවරීම තුලින් මධ්යම කදුකරයට මෙන්ම නකල්ස් රක්ෂිතයට මේවන විට විශාල තර්ජනයක් එල්ල වී ඇතග
2010 වසරේ යුනිස්කො සංවිධානය විසින් නකල්ස් රක්ෂිතය ලෝක උරුමයක් ලෙස නම් කර ඇත්තේ මෙහි ඇති සුවිශේෂි ජෛව විවිධත්වය ලජල පෝෂයක් වීම ලසුවිශේෂි වනාන්තර පද්ධතියක් වීම වැනි කරුණු ගණනාවක් පදනම් කරගනිමින්යග
චන්ට්ිකා බංඩාරනායක කුමාරතුංග ජනාධිපතිව සිටි 2004 වර්ෂයේ සිංහරාජය ලදුම්බර අඩවිය වැනි වානනාන්තර යාබාදව කිලෝමීටර් භාගයක දුරින් ඇති ඉඩම් ප්රතිසංස්කරණ කොමිසමට අයත් ඉඩම් වන සංරක්ෂණ දෙපාර්ත මේන්තුවට පවරා ගැනීම සදහා ඡීxක්ඡx26x2004 යන කැබිනට් පත්රිකාවට අනුව අනුමැතිය ලැබී තිබියදීත් එය නිසි ආකාරව ක්රීයාත්මක නොවීම නිසා ඉතාම වටිනා වනාන්තර හා ජෛව විවිධත්වයෙන් හෙබි මෙවැනි ප්රදේශ දේශපාලඥයින්ගේ උවමනාව මත අද වන විට විනාශ කරමින් ඇත.
2007 ජූලි 23 වන දින අංක 1507/9 දරන ගැසට් නිවේදනය යටතේ නකල්ස් පාරිසරික ආරක්ෂක ප්රදේශයක් ලෙස නම් කර ඇති අතර රක්ෂිත ප්රදේශයෙන් පිටත පිහිටි රජයේ ඉඩම් ලවැවිලි සමගම්වලට අයිත් ඉඩම් ආරක්ෂිත ඉඩම් ලෙස හුවා දක්වා ඇති අතර එවන් ආරක්ෂිත ඉඩම් කිසිවෙකුගේ උවමනාව මත විකිණිමට හො බදු දීමට නොහැකියල ල නමුත් අදවන විට පරිසර අමාත්යංශය ල මධ්යම පරිසර අධිකාරිය වැනි පරිසරය සංරක්ෂණයට ඇති ආයතන වල අනු දැනුම මත ඒ මහා වටිනා පාරිසරික සංවේධි කලාපය කබීර්හෂීම් අමාත්ය වරයා හා ලක්ෂ්මන් කිරි ඇල්ල යන අමාත්ය වරුන්ගේ උවමනාව මත විවිධ පුද්ගලයන්ට බදු දී ඇත. මෙම නීති විරෝධි ක්රියාවලියට එරෙහි වී දුමිබර රක්ෂිතය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් වග කිව යුතු ආයතන නිසි පියවරක් ගත යුතු අතර මානව හිමිකමි කොමිසම ඉදිරියේ පරිසර හා සොබාදහම් අධ්යයන මධ්යස්ථානය විසින් පවරන ලද හිමකම ආරක්ෂා කර ගැනීමේ පැමිණිල්ලට අනුව දුම්බර පරිසරය ආරක්ෂා කරමින් එහි සතා සිවි පාවාගේ ආරක්ෂාව තහවුරු කරීම වෙනුවෙන් පියවර ගන්නා ලෙස අප ඉල්ලා සිටිමු.
මෙයට,
ශානිකා පතිරණ
රවීන්ද්ර කාරියවසම්

Leave a reply

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>